Gossip

ගර්භණි බාල වයස්කාර දැරියක් ව ඝාතනය කරලා…

 

පුදුකුඩුඉරිප්පු, මුංගිලාරු ප්‍රදේශයේ පාළු නිවසකින් පසුගිය 18 වනදා සොයාගත් 12 හැවිරිදි දැරියගේ මරණය ගර්භාෂයේ කලලය විනාශ කිරීමේ අරමුණින් සිදුකළ ඝාතනයක් බව පුදුකුඩුඉරිප්පු පොලීසිය පවසනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම දැරියගේ ඥාතියෙකු පුදුකුඩුඉරිප්පු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මළසිරුර සම්බන්ධයෙන් මුලතිව් මාචෝලෙයි රෝහලේ ඊයේ (19) සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේදී දැරියගේ අනාවරණය වී තිබුණේ අධික රුධිර වහනය මරණයට හේතූවී ඇති බවයි.

දැරිය කිසිවෙකු අතින් අපයෝජනයට ලක්ව ඇයගේ කුසෙහි දරුවකු සිටින බවට සිතමින් ගර්භාෂයට හානිකර, කලලය විනාශ කිරීමේ අරමුණින් මෙම අපරාධය සිදුකර ඇතැයි සැකකරන බවද පොලීසිය සඳහන් කළා.

මුංගිලාරු උතුර ගම්මානයේ පදිංචි එම දැරිය පසුගිය 15 වනදා සිට අතුරුදන් බවට නිවැසියන් විසින් කරන ලද පැමිණිලල්කට අනුව අදාළව පොලීසිය, ගම්වාසීන් හා යුද හමුදාව විසින් පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණා.

දැරියගේ නිවසට මීටර් 100ක් ඈතින් පිහිටි පාළු නිවසක්ද පොලීසිය විසින් 16 හා 17 දෙදිනම පරීක්ෂාකර බැලුවත් එම නිවසේ කිසිවක් හමුවූයේ නැහැ.

එවන් තත්ත්වයක් මැද පසුගිය 18 වනදා එම නිවස සෝදිසි කිරීමේදී අතුරුදන් වූ දැරියගේ මළසිරුර සොයාගත් අතර ඇයගේ එක් අතක කොටසක්ද විනාශ වී තිබුණා.

දැරිය ඝාතනය කළ පුද්ගලයා 17 වනදා රාත්‍රියේදී හෝ 18 වනදා අලුයම් කාලයේදී සිරුර මෙම පාළු නිවසට ගෙන දමන්නට ඇතැයි සැකකරන බවද පොලීසිය සඳහන් කරනවා.

මෙම ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරීයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර ඇතුළු නිලධාරීහු පිරිසක් අද (20) මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රශයේයට පැමිණීමට නියමිතව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!