Gossip

ඥාති සහෝදරියගේ ප්‍රේම සම්බන්ධය සැඟවූ බවට බාප්පාගෙන් සහ පියාගෙන් පහර කෑ නුවන්තිකා ගෙදරදීම මරුට

 

සිය පියාගේ හා බාප්පාගේ දඬුවමක් හේතුවෙන් දැරියක් නිවසේදීම මිය යෑමේ කණගාටුදායක පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

එම දඬුවම ලබාදී ඇත්තේ, ඥාති සොහොයුරියකගේ ප්‍රේම සම්බන්ධතාවකට දැරිය සහාය ලබාදුන් බව කියන සිද්ධියක් මුල්කරගනිමින්.

ඒ බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ ගම්පොළ මවුන්ට් ටෙම්පල් ජනපදයේ පදිංචිව සිටි 14 හැවිරිදි නිපුනි නුවන්තිකා බණ්ඩාර නැමති 14 හැවිරිදි දැරියක්.

පසුගිය 13 වනදා ඇයව ගම්පොළ අංගම්මන ප්‍රදේශයේ පිහිටි ඇගේ බාප්පාගේ නිවසට කැටුව ගොස් තිබුණේ බාප්පාගේ දියණියගේ හා මවගේ තනියට එහි නතර කිරීමේ අපේක්ෂාවෙන්.

දින කිහිපයක් එම නිවසේ ගත කළ ඇය ඉකුත් 19 වනදා නැවත සිය නිවසට රැගෙන විත් තිබුණා.

ඉන්පසුව ඇය කිහිප වරක්ම වමනය කර තිබු අතර ඇය නිවැසියන්ට පවසා තිබුණේ බාප්පා පහර දුන් බවයි.

ඒ බාප්පාගේ දියණියගේ ප්‍රේම සම්බන්ධතාවක් ගැන තොරතුරු වසන් කළේ යැයි පවසමිනි.

පසුව 21වැනිදා ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති අතර, එදින අලුයම දැරියගේ පියාද ඇයට පහර දීමක් සිදුකර තිබෙනවා.

පසුව දැරිය රෝහල්ගත කිරීමට නිවැසියන් උත්සාහ කළ ද පියා ඊට ඉඩ දී නොමැති අතර එදින දහවල් 2ට පමණ දැරිය නිවසේම මියගොස් තිබුණා.

ගම්පොළ මහෙස්ත්‍රාත්වරයා අදාළ නිවසට පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදුකර තිබෙනවා.

මහෙස්ත්‍රාත්වරයාට සිදුවීම පිළිබඳව අදහස් දැක්වු මියගිය දැරියගේ සහෝදරිය මෙසේ පැවසුවා.

“අක්කි දොඩවනවා කියලා තාත්තිට නිදාගන්න නැහැ කියලා තාත්ති පාන්දර 2ට විතර ගැහුවා. පොඩි අක්කිට රීප්ප පටියකින් කකුල් දෙකට. ආය පොඩි අක්කි කාමරේ ට ගිහින් නිදාගත්තා. ආයේ දොඩවන්න පටන්ගද්දි තමයි තාත්ති ඇවිල්ලා එළියට දැම්මේ අක්කිව. තාත්තා චුට්ටක් බීලා හිටියේ හවස.”

ඇයි ඉස්පිරිතාලේ එක්කන් ගියේ නැත්තේ අම්මයි තාත්තයි.

“ඉස්පිරිතාලේ එක්කන් ගියේ නැහැ. පල්ලයහා නැන්දා කෙනෙක් ඉන්නවා. එයා ගාවට ගියා බලන්න. එතකොට කිව්වා පොඩි අක්කි බයවෙලා කියලා. අද හවස දෙහි ගෙඩියක් මේවා කරන්න යද්දි තමයි ඉස්පිරිතාලේ එක්කන් ගියේ හුස්ම ගන්නේ නැති නිසා. එතකොටත් මැරිලා ඉඳලා තියෙන්නේ. “

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!