Gossip

ගෙහිමි කත ඝාතනය කර රන්බඩු පැහැරගත් පියෙක් සහ දියණියක්

මඩකලපුව, බාර් පාරේ පදිංචි කාන්තාවක් ව කපා කොටා ඝාතනය කළ බවට සැකපිට දෙදෙනෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ පියෙකු සහ දියණියක් එම කාන්තාව ඝාතනය කර රුපියල් ලක්ෂ පහක රන් ආභරණ කොල්ල කා පළායාමට තැත්කළ අවස්ථාවේදී ගම්වාසීන් විසින් අල්ලාගෙන මඩකලපුව මූලස්ථාන පොලීසියට භාරදුන් බවයි.

මඩකලපුව බාර් පාරේ පදිංචි සේලවරාජා දයාවතී නැමැති 47 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයය ලක්ව ඇතැයි මඩකලපුව පොලීසිය සඳහන් කළා.

මෙම නිවස ආසන්නයේ පදිංචි කරුණියක් එම නිවසේ ගෘහ සේවිකාවක ලෙස සේවය කර ඇති අතර ඇයගේ පියා ද නිරන්තරයෙන් එම නිවසට පැමිණ දිවා ආහාරය ලබාගෙන තිබුණා.

පෙරේදා (20) ද සැකකාර තරුණිය හා ඇයගේ පියා ආහාර ගෙන ඇති අතර ඝාතනය කර ඇති කාන්තාවගේ සැමියා හා දියණියද ආහාර ගෙන තිබෙනවා.

එම නිවෙසේ කාන්තාවගේ සැමියා හා දියණිය ආහාර ගෙන ඉහළ මාලයට යාමෙන් පසු මොවුන් නිවෙස් හිමි කාන්තාව කපා කොටා දමා කනකර පැළඳ සිටි රන් මාල කොල්ල කා ත්‍රීරෝද රථයකින් පළායාමට තැත්කර තිබුණා.

පිහි පහරවලට ලක්වූ නිවෙස් හිමි කාන්තාවගේ අත මැණික් කටුව අසලින් වෙන් වෙන්නටම කපා ඇති බව පොලීසිය පැවසුවා.

උඩ තට්ටුවේ සිටි සිය මව ලේ විලක් මැද සිටින ආකාරය දුටු එම කාන්තාවගේ දියණිය පහළ මාලයට පැමිණ උස් හඬින් විලාප දී තිබුණා.

ඇයගේ ශබ්දය ඇසී ගම්වාසීන් නිවෙසට එක්රොක් වී ඇති අතර එහිදී පළායාමට තැත් කළ පියා සහ දියණිය ගම්වාසීන් විසින් අල්ලාගෙන පොලිසියට භාර දී ඇති බවට වාර්තා වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!