Gossip

14 හැවිරිදි දැරියව ගණිකා සේවයේ යෙදවූ ඥාති අක්කා

14 හැවිරිදි දැරියක් මුදලට ගණිකා සේවයේ යෙදවූ බව කියන ඥාති සොහොයුරියක් සහ දැරිය මිලට ගත් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 21 වනදා මරදාන පොලීසිය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ග්‍රෑන්ඩිපාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තැනැත්තියක් හා 38 හැවිරිදි පුද්ගයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

14 හැවිරිදි දැරිය රෝහල්ගත කර තිබෙනවා.

අදාළ දැරියගේ දෙමාපියන් මුළා කර ඥාති කාන්තාවක විසින් දැරිය රැගෙන ගොස් විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කරන බවට මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද රහසිගත තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාරිය අනෙක් පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසනවා.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි සැකකාරිය මරදාන ප්‍රදේශයේ දැරියගේ නිවසට පැමිණ ඇයගේ තනි නොතනියට දැරිය රැගෙන යන බව පවසමින් මෙම ජාවාරම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලිදී හෙළි වී තිබෙනවා.

ඒ අයුරින් දැරිය දින දෙක තුනක් ඇයගේ නිවසේ තබා ගන්නා බව දැරියගේ මවුපියන්ට පවසා දැරිය රැගෙන ගොස් විවිධ ව්‍යාපාරිකයන්ට රුපියල් 50,000 බැගින් වූ මුදලට අලෙවි කර ඇති බවද පොලිසිය පවසනවා.

සැකකාරිය විසින් අදාළ දැරිය 12 හැවිරිදි වියේ සිට වසර දෙකක කාලයක් ගණිකා සේවයේ යොදවා ඇතැයි පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරිනියක් පැවසුවා.

සැකකාරිය දැරිය විකිණීමෙන් ලැබෙන මුදලින් සුඛෝපභෝගි ජීවිතයක් ගත කර ඇති බවද පොලීසිය පවසනවා.

දැරිය ලබා දී තිබෙන ප්‍රකාශ අනුව තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුම ඇත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!