Gossip

වැරදුණු ගබ්සාවෙන් 13 හැවිරිදි දැරියක් මරුට – ඥාතීන් සිරුර සඟවලා

මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වූ 13 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් හදවත් කම්පාකරවන තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වෙලා.

සිද්ධියට අදාළව මෙලෙස මියගොස් සිටි 13 හැවිරිදි වියේ පසුවූ දැරියගේ මව, පියා, වැඩිමල් සොහොයුරිය, ඇයගේ ස්වාමිපුරුෂයාගේ සහෝදරයෙකුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතින බව පොලිසිය පැවසුවා.

මෙම සිදුවීමෙන් මියගොස් තිබුණේ යෝගරාසා නිදර්ශනා නමැති දැරියකි.

මෙම විමර්ශනවලදී වැඩිදුර තොරතුරු අනාවරණ වී ඇත්තේ දැරිය මියගිය අවස්ථාවේ මාස දෙකකට ආසන්න කාලයක ගැබිනියක් බවයි.

දැරියගේ වැඩිමල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයා සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් අත්අඩංගුවට අරන් තියෙනවා.

මරණ පරීක්ෂණ වාර්තාවන්ගෙන් අනාවරණ වී ඇත්තේ අධික රුධිරවහනයවීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස 13 හැවිරිදි එම දැරිය මියගොස් ඇති බවයි.

දැරිය පසුගිය 15 වැනිදා සිට අතුරුදහන් බවට පොලිසියට පැමිණිළි කොට ඇති අතර, දැරිය සොයා ප්‍රදේශවාසීන්, පොලිසිය හා යුධ හමුදාව දින ගණනාවක් සෝදිසි මෙහෙයුම් සිදුකළ බව පොලිසිය පවසනවා.

මව පොලීසියට පවසා ඇත්තේ පසුගිය 14 වනදා සවස තමා බාල දියණිය සමග සිය වැඩිමහල් දියණියගේ නිවෙසට ගිය බවත් ඔවුන් යනවිට වැඩිමහල් දියණිය සහ ඇයගේ සැමියා ත්‍රිකුණාමලය ට ගොස් තිබූ බැවින් ඔවුන් එම නිවසේ රාත්‍රිය ගතකළ බවත් ය.

අනතුරුව තම බාල දියණිය තම නිවසට යැවූ බවත් එහිදී ඇය අතුරුදන්ව ඇති බවත් ඇය පොලීසියට පවසා තිබුණා.

එම සෝදිසි කිරීම්වලදී දැරියගේ සිරුර මුලතිව්, පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ මුංගිලාරු ප්‍රදේශයේ පාළු ඉඩමක් තුළ තිබී පසුගිය 18 වැනිදා සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය සඳහන් කළා.

දැරියගේ පියා මරණය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කොට ඇති බවද මුලතිව් පොලිසිය පැවසුවා.

මේ අතර පවුලේ අයගේ අනුදැනුම මත දරු ගැබ විනාශ කිරීමේ අරමුණින් ඖෂධ ලබාදී සිදුකළ ක්‍රියාවලියකින් අනතුරුව, අධික රුධිර වහනයක් සිදුව දැරිය ජිවිතක්ෂයට පත්ව ඇති බවට ආරංචියක් පවතින බව ප්‍රදේශවාසීන් කිව්වා.

පුදුකුඩිඉරිප්පු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!