Gossip

අයියාගේ ID කාඩ් එකෙන් බාලවයස්කාර මල්ලී, කෙල්ලත් එක්ක හෝටල් කාමරේකට ගිහින් – සිසුවා අධිකරණයට…සිසුවිය රෝහලට

අයියාගේ හැඳුනුම්පතින් නුවරඑළිය හෝටල් කාමරයක දින දෙකක් බාලවයස්කාරියක් තබාගත් බාලවයස්කාර පාසල් සිසුවකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුණා.

පසුව ඔහුව ගම්පොළ මහෙස්ත්‍රාත් ඉදිරියට ඉදිරිපත් කර ඇති අතර එහිදී නියෝගකර ඇත්තේ සැකකාර 15 හැවිරිදි සිදුවාව උඩුනුවර ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ තබන ලෙසයි.

ගම්පොළ නගරයේ ප්‍රසිද්ධ පාසලක 10 වසර සිසුවකු නගරයේ තවත් බාලිකා පාසලක 10 වසර ශිෂාවක් මෙසේ හෝටල් කාමරයකට රැගෙනගොස් ඇති බව පොලීසිය අධිකරණයට දැන්වූවා.

මොවුන් මාස 8ක පමණ කාලයක් ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත් පසුගිය 19 වන දින රිවිෂන් පන්තියකට යන බව පවසා දෙදෙනාම නාවලපිටිය ප්‍රදේශයේ දිය ඇල්ලකට ගොස් සවස් වන තුරු එහි කාලය ගත කර ඇති බව හෙළිවී ඇති බව පොලීසිය පැවසුවා.

අනතුරුව එදිනම දෙදෙනා නුවරඑළිය ප්‍රදේශයට ගොස් තිබුණා.

මෙහිදී පාසල් සිසුවා මෙම ගමනට කලින්ම සූදානම් වී ඇති බවත් ගමනට අවශ්‍ය මුදල් සොයාගෙන ඇත්තේ ඔන්ලයින් පාඩම් සඳහා මව්පියන් ගෙනදුන් ජංගම දුරකථන රුපියල් 7,000කට විකුණා දමමින් බව සඳහන් වුණා.

බාලවයස්කරුවන්ට හෝටල් කාමර නොදෙන බව දන්නා මොහු තමාගේ පෙනුම ඇති වැඩිමහල් සොයුරාගේ ජාතික හැඳුනුම්පත සොරාගෙන ඇත්තේ එය එම හෝටල් කාමරයට ලබාදීම සඳහා බව අධිකරණයේදී කියවී ඇති බව සඳහන්.

මේ අයුරින් හෝටල් කාමරය රැගෙන මොවුන් දෙදෙනා එහි නතර වී ඇති අතර පාසල් ශිෂ්‍යාවගේ මව එම ශිෂ්‍යාව නිවසට නොපැමිණී බව පවසා ගම්පොළ පොලිසියට පැමිණිල්ලක් දමා තිබුණා.

ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අරඹා තිබියදී දින 2කට පසු එම ශිෂ්‍යාව යළි නිවසට පැමිණීම සමග පොලීසිය කළ ප්‍රශ්න කිරීමක දී තොරතුරු හෙළි වී ඇත්තේ.

පහළොස් හැවිරිදි මෙම දැරිය දූෂණයට ලක්ව ඇතැයි හෙළිවීම නිසා මෙම සිසුවා අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබුණා.

වෛද්‍ය පරීක්ෂණය සඳහා එම ශිෂ්‍යයාව ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

(ලංකාදීප පුවත්පතෙන් උපුටාගැනුනි)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!