Gossip

ඔබ සැමට සුබ නත්තලක්

අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදා විය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත අසිරිමත් නත්තල් දිනයේ සමරණු ලබයි.

ලොව පුරා කිතුණු බැතිමතුන් නත්තල් දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරීම සිදු කරයි.

මේ අතර මෙවර නත්තල් ප්‍රධාන දේව මෙහෙය රාගම, තේවත්ත බැසිකා දේවස්ථානයේදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මේ අතර නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එමගින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් සමිදානන්ගේ උපත සිදුවූ අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික සහ ලෝක කිතුණු ජනතාවට පමණක් නොව සමස්ථ මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය හා සාමය ගෙන දෙමින් සැමදෙන ප්‍රීතියට පමුණුවන උතුම් ආගමික මංගල්‍යයක් බවය.

පවතින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මේ වසරේ නත්තල් සමය සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සැමරීමට සිදුව ඇති බව සඳහන් කරන ජනාධිපතිවරයා දෙවසරකට ආසන්න කාලයක් රට පුරා පවතින කොවිඩ් වසංගත කාලය තුළ පුද්ගල වශයෙන්ද, සාමූහිකව ද, රටක් වශයෙන් ද අපගේ ආගම් විසින් පුහුණු කළ ආධ්‍යාත්මික පරිකල්පනය සහ විනය, වසංගතය පාලනය කර ගැනීමට මනා පිටිවහලක් වූ බව ජනාධිපතිවරයා පවසයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ද නත්තල් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.

බෙත්ලෙහෙමේ දිළිඳු ගවලෙනක ගවඔරුවක උපන් ජේසු බිළිදා යථාර්තවාදීව ලෝකය දෙස බැලීමට සිය උපතේම ආදර්ශයක් ගෙනදුන් බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මුළු දිවියම කැපකළේ සමාජයේ පීඩාවට පත්වන ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් මෙලොව නිර්මාණය කිරීම උදෙසා බව පෙන්වා දී ඇත.

එම දර්ශනය නිසි ලෙස හඳුනාගෙන ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ජීවන චරිතය අනුව සිය ජීවිත හැඩගස්වා ගැනීම තුළ සෑම කිතුනුවකගේම ජීවිත ආලෝකමත් වන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!