Gossip

ඉවසීමේ සීමාව පැන්න පොලිස් නිලධාරියා පොලීසිය ලේ විලක් කරයි

අම්පාර තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සිදුවූ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබුණා.

එම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරුයෙකු, වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු රෝහල්ගතකර තිබුණා.

මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ ඊයේ (24) රාත්‍රී 10ත් 11ත් අතර කාලය තුළයි.

පොලිස් මූලස්ථානය පැවසුවේ, එම අවස්ථාවේ පොලිස්ථානයට පැමිණි අදාළ සැරයන්වරයා
පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ රාජකාරි කළ පොලිස් නිලධාරියාගේ ගිනි අවිය උදුරාගෙන ඇති බවයි.

පසුව පොලිස් සැරයන්වරයා එම ගිනි අවියෙන් පොලිස් ස්ථානය තුළ සිටි නිලධාරින්ට වෙඩිතබා තිබෙනවා.

එම අවස්ථාවේ රාජකාරි කටයුත්තක් වෙනුවෙන් පොලිස් ස්ථානයෙන් බැහැරව ගොස් සිටි පොලිස් ස්ථානාධිපතිවරයා ජීප් රථයෙන් පොලිස්ථානයට පැමිණෙමින් සිට ඇති අතර සැකකාර සැරයන්වරයා එම ජීප් රථයටද වෙඩිතබා තිබුණා.

වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරින් තිදෙනකු එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්වුණා.

පොලිස් මූලස්ථානය පැවසුවේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපිතිවරයා ඇතුළු නිලධාරින් සිව්දෙනකු තිරුක්කෝවිල් සහ අක්කරේපත්තුව යන රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි.

රෝහල්ගත කිරීමෙන් පසු තවත් නිලධාරියෙකු මියගොස් තිබුණා.

මිය ගිය නිලධාරින් අතර පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු සහ පොලිස් කොස්තාපල් රියදුරකු ද වනවා.

වෙඩිතැබීම සිදු කළ පොලිස් සැරයන්වරයා වෙඩි තැබිමෙන් පසුව තම පෞද්ගලික කැබ් රථයකියෙන් සිය ගම් ප්‍රදේශය වන ඇතිමලේ ප්‍රදේශයට පළාගොස් තිබුණා.

පොලීසිය පැවසුවේ පසුව ඔහු ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ පතරොම් ගැබ් 19ක් සමග ඇතිමලේ පොලිස්ථානයට පැමිණ භාරවී ඇති බවයි.

එහිදී ඇතිමලේ පොලිස් ස්ථානධිපතිවරයා ඔහුව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අම්පාර මුලස්ථාන පොලීසියට භාරදී තිබුණා.

මේ අතර මූලික විමර්ෂණවලදී අනාවරණය වී ඇත්තේ නිවාඩු ලබානොදීම හේතුවෙන් උරණ වූ අදාළ සැරයන්වරයා මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!