Gossip

පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් තරුණියක රැවටූ පුද්ගලයාට සිදුවූ දේ

පොලිස් නිලධාරියෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙක් පොළොන්නරුව සිප්පුකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකාර පුද්ගලයා පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් තරුණියක් විවාහ කරගන්නා බවට පොරොන්දු වී විශ්වාසය කඩකිරීමක් සම්බන්ධව ලැබුණු තොරතුරක් මත පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු සන්තකයේ තිබී ප්‍රධාන පොලිස් පරීක්ෂක නිල ලාංඡනය සහිත නිල ඇඳුමක්, නිල ඇඳුමකින් ගන්නා ලද ඡායාරූපයක් සහ ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු 02ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි සීප්පුකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බව අනාවරණය වී තිබෙනවා.

ඔහු අද (26) පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!