අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ව උස්මහත් කරන්න කොච්චරනම් දුක් කන්දරාවක් විඳිනවාද?
තමන්ගේ අවශ්‍යතා කොච්චර තිබ්බත් ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බලන්නේ තමන්ගේ දරුවන්ගේ අවශ්‍යතා කොහොමහරි ඉටු කරලා දෙන්න.
ඒත් දරුවෝ උස්මහත් වෙලා එහෙම කරපු දෙමාපියන් අමතක කරලා ඔවුන්ව මහපාරට ඇදලා දානවනම් ඒ දේ කොච්චර සාධාරණද?
ඔවුන් වෙනුවෙන් ජීවිතයම කැප කරපු අම්මා තාත්තාව අමතක කරන්න පුළුවන්නම් ඒ දරුවන්ට අනාගතයක් තියේවිද?
අපි මේ කියන්න යන්නේ මුහුණුපොතේ අපි දැකපු සංවේදනිය සටහනයක් ගැන.
මේ එම සටහනයි.
තව කී දවසක් මෙහෙම අතින්
අල්ලගෙන උඹ මාත් එක්ක එනවද මැණිකේ
මම දන්නවා උඹටත් හරි වෙහෙසයි කියලා
මගේ බේත් තුණ්ඩු පෙන්න පෙන්න
නොමැරී ඉන්න බත් වේලක් ගන්න
තව කී දෙනෙක්ට අත පාන්නද ?
අර අර කළු කාරෙකක් ආවේ
අපේ පුතා වගේ මම දැක්කේ මැණිකේ
වහන් වෙමු කොයිකටත්
අපි දැක්කොතින් වූට ලැජ්ජ වෙයි
පුතා මුණුපුරත් එක්කම
වූත් හරි ලොකුයි දැන් අපේ එකා වගේමයි
වූ නම් දන්නේවත් නැතුව ඇති
අච්චි සීය දෙන්නෙක් ඉන්නවා කියලවත්
අදට ඔය ඇති මැණිකේ
හිත පිරුණා
මගේ කොල්ලා දැක්කහම
අපි යමු
බඩගිනි වෙන එකක් නෑ අද……………….