Gossip

‘‘මාෂාටයි ඉසුරුටයි මගේ දුව හරිම බයයි. දවසක් මට දුව මාෂාව පෙන්නුවා. හැබැයි එයා දිහා හැරිලා බලන්න එපා කිව්වා..ලැප් ටොප්වලින් නිල් චිත‍්‍රපට දුවට පෙන්නලා තියෙනවා”

‘‘මාෂාටයි ඉසුරුටයි මගේ දුව හරිම බයයි. දවසක් මට දුව මාෂාව පෙන්නුවා. හැබැයි එයා දිහා හැරිලා බලන්න එපා කිව්වා..ලැප් ටොප්වලින් නිල් චිත‍්‍රපට දුවට පෙන්නලා තියෙනවා”

ලෝකය බෙහෙවින් වෙනස් වී තිබේ. අපි‍්‍රයෙල් සිංහල අවුරුද්දට නදදිය යුතු කොහා දැන් නද දෙන්නේ මැයි මාසයේදී ය.
වෙසක් මාසය මලින් ගහන මාසයක් වුවද දැන් වෙසක් මල් පිපෙන්නේ ජුනි මාසයේදී ය. අගෝස්තු වැස්ස එන්නේ එක්කෝ සැප්තැම්බරයේය. එසේත් නැතිනම් ජුලියේදී ය.
යල මහ කන්න දෙක සමහර අවුරුදුවල මාස දෙකක් ඉස්සරහට යන අතර තවත් සමහර විටෙක මාස දෙකක් පස්සට යන්නේය.
මේ තත්ත්වය නිසා යලත් නොවන මහත් නොවන අන්තර් කන්නයක් හඳුන්වා දීමට ආණ්ඩුව කටයුතු කරන්නේය.
පන්නිපිටියේ මාඉඹුල්ගොඩ පදිංචිව සිටි එස්. එච්. අමාලි චතුරිකා මේ විපරිත පරිසරය තුළ ජීවත් වූ අහිංසක සරසවි සිසුවියකි.
මතක ඇති කාලයේ පටන් ඇය ජීවත් වූයේ අම්මා මිස තාත්තා කෙනකු නැති ගෙදරකය. ඇගේ සහෝදරියත් මිතුරියත් වූයේ අම්මා ය. මෙවැනි ගෙදරක තාත්තාගේ භූමිකාව කරන්නේත් අම්මා ය. අමාලි පුංචි කාලයේ සිටම සිංහල අවුරුදු කාලයට මහත්සේ ආසා කළ දැරියකි. එහෙත් දෙදහස් පහළොව අවුරුද්දේ සිංහල අවුරුද්ද බැලීමට ඇයට බැරි විය. හේතුව, දෙදහස් පහළොවේ පෙබරවාරි 16 වැනිදා ඇය තම නිවසේ බාල්කයක එල්ලී සිය දිවි නසා ගත් බැවිනි.
ඇගේ මරණය ආරංචි වූ සැණින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිටි වනචර බැල්ලියන් දෙදෙනකුත් වනචර බල්ලන් පස්දෙනකුත් මහත් සතුටින් උඩු බුරුලන්නට පටන් ගත් බව කියනු ලැබේ. මෙය මහත් පැටලිලි සහගත කතාවකි. ඇය ගෙල වැලලා ගත්තේ ඇයි?
සබරගමු විශ්වවිද්‍යාලයේදී ලැබුණු තිරිසන් නවක වධය දරා ගැනීමට නොහැකි වූ බැවිනි. නවක වධය හරහා ලිංගික හිංසනයට, තිත්ත කුනුහරුපවලට, බ්ලූ ෆිල්ම්වලට බලහත්කාරයෙන් යටත් කෙරුන ඇය මහත්සේ හිංසාවට පත්ව ඉච්ඡුා භංගත්ව මානසිකත්වකින් යුතුව මෙලොව හැර යන්නට තීරණය කළාය.
කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවක් වුවද විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පළමු වසරේදීම වාර පරීක්‍ෂණවලින් අසමත් වූවාය.
එහෙත් ඇයට නවක වධය දී ඇය ලිංගික හිංසනයට ලක් කළ වනචර බැල්ලියන් දෙදෙනා සියලූ විභාග සමත් වූහ.
ඒ අතර තව අවුරුද්දක් පළමු වසරේ රැඳී සිටින්නට සබරගමු සරසවියේ පාලනාධිකාරිය ඇයට අවසර දුන්නේය. ඉන්පසු ගෙදර ගිය ඇය හය මසක්ම සබරගමු සරසවියට නොපැමිණි අතර වෙනත් විශ්වවිද්‍යාලයකට මාරුවක් හදා ගැනීමට තැත් කළාය. එය අසාර්ථක වූ තැන නැවත වතාවක් සබරගමු සරසවියට ගොස් වනචර නවක වධ බැල්ලියන් දෙදෙනා වෙතින් සපා කනු ලැබීම්වලට ලක් වීමට අකැමැති වූ ඇය සාරියකින් බාල්කයේ එල්ලී ප‍්‍රාණය නිරුද්ධ කර ගත්තාය.
දෙදහස් පහළොවේ පෙබරවාරි 15 වැනිදා රාත්‍රී දහයට සිය ජීවිතයේ අවසන් ලිපිය ලිවීම අමාලි චතුරිකා විසින් ආරම්භ කරනු ලැබීය. එහි මාතෘකාවක් විය. ‘‘දැන ගැනීමට අවශ්‍ය සියලූ දෙනාගේ දැන ගැනීම පිණිසයි’’ යන්න ඒ මාතෘකාවය.
ඉන්පසු ඇය ලිපිය මෙසේ ලියුවාය. ‘‘මම මේ ලිපිය ලියන්නේ මගේ ජීවිතයේ අවසාන මොහොතේ අවසාන හෝරා කීපයේ සිටයි. මම ඉන්නේ හොඳ සිහියෙන්. ඒ නිසා මා මේ තබන අවසාන සටහන සියලූ ආකාරයෙන් නිවැරදි බවට දිවුරා සහතික වෙනවා. මටත් ලස්සන ජීවිතයක් තිබුණා.
ඒ ජීවිතේ අවලස්සන වෙන්න ගත්තේ 2007 ඉඳන්. ඒත් ඒක අවලස්සන වූයේ 2014, ඒ කියන්නේ මම සබරගමුවට ගිය අවුරුද්දෙ ඉඳන්. මුලින්ම මම ලස්සනට වැඩ කරන් හැමෝත් එක්කම සුහදව හිටියා. ඒත් ඒ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ 1st year exam ඉවරවෙලා කැම්පස් එකට ආපු 2nd year batch එකේ හිටපු මාෂා (අතුකෝරළ* සහ ඉසුරු (අකරවිට කියන ශිෂ්‍යාවන් දෙන්නා නිසයි. මට නවක වධය තුළින් මේ දෙන්නා දුන්නේ අසීමිත මානසික පීඩනයක්. ඒක ගොඩක් ළමයි දන්නවා. ඒ පිළිබඳව සර්ව සාධාරණ විධිමත් පරීක්‍ෂණයක් කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.
2007 මගේ ජීවිතය අවලස්සන වුණේ ( ඕ ලෙවල්වලින් පස්සෙ* මගේ ආදරණීය අම්මා මට science කරන්න බලකරපු නිසයි. ඒ 2007 විභාගයෙන් මම විශිෂ්ට ලෙස සමත් වුණ නිසා මට ආදරේට බව මම දන්නවා අම්මේ. ඒත් ීජසැබජැ වල තර්කානුකූලභාවය මගේ මොළේට වධයක්. මට ආසා commerce subject වලට. ඒක අම්මා තේරුම් ගත්තේ නැහැ. ඒත් මගේ දැඩි කැපවීම නිසා මට Science වලින් කැම්පස් සිලෙක්ට් වෙන්න වාසනාව ලැබුණා. ඒත් ඒ අවාසනාවන්ත විධියට සබරගමුවට. කැම්පස් සේරගෙන්ම නවක වධය අයින් කරන්න ඕනෑ. ඒක ළමයින්ට මානසික වධයක්. මම දැන් ලෙඩෙක් වෙලා ඉන්නෙ ඒ නවක වධය නිසාමයි. මට බෙහෙත් කරපු කළුබෝවිල, හෝමාගම වෛද්‍ය කාර්ය මණ්ඩල මට ඉතාමත් ආදරෙන් සැලකුවා. ආයෙත් බෙහෙත් ගන්න මේ බදාදා යන්න තියෙන්නෙ. ඒත් එතකන් මම ජීවත් වෙන්නෙ නෑ.
තරින්ද, ඔයා තමයි මට මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා. ඔයා මාව ආදරෙන් බලාගත්තා.
ඒත් මට ආයිත් කැම්පස් යන එක හිතට වධයක්. ඒ වේදනාව දැන් ඔයාගේ ආදරේත් පරදවලා නැගී හිටලා. ඒත් මම ඔයා ගාවින්ම ඉඳන් බලන් ඉන්නෙ ඔයාට වරදින් නෑ. තරින්ද ඔයා මගෙ අම්මව බලාගන්න. මට සාධාරණයක් ඉටු කරන්න ඔයා ජීවත් වෙලා ඉන්න ඕනෑ. ඔයා දන්නවා මගේ කතාව. මට තවත් ලියන්න ආසාවක් නැහැ. මාෂා (අතුකෝරළ) ඉසුරු (අකරවිට) මම මැරෙන්නෙ ඔය දෙන්නත් එක්ක හිතේ තරහින්. මගේ ආත්මය සබරගමුවට ඇවිත් ඔය දෙන්නාගෙන් පළිගන්න එක පළිගන්නවාමයි.
මාෂා අතුකෝරළ සහ ඉසුරු අකරවිට යන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනාගේ තිරිසන් නවක වධය නිසාම අමාලි ජීවිතය හැර ගිය බව ඉහත සඳහන්
ලිපිය කියැවීමෙන් පැහැදිලි කරගත හැකිය. සබරගමු සරසවියේ ස්ත්‍රී වේෂයෙන් සිටි රකුසියන් දෙදෙනකු සහ තුට්ටු දෙකේ පාදඩ ශිෂ්‍යයන් සිය දියණියට නවක වධය දුන් අයුරු අමාලිගේ අම්මා වන වසන්තා පද්මිනි ඇල්විටිගල කියන්නේ හැඬූ කඳුලිනි. ‘‘මාෂාටයි ඉසුරුටයි මගේ දුව හරිම බයයි. දවසක් මට දුව මාෂාව පෙන්නුවා.
හැබැයි එයා දිහා හැරිලා බලන්න එපා කිව්වා. මාෂා දේවි බාලිකාවෙම ළමයෙක්. දවසක් අපි බස් එකේ යනකොට පිටිපස්ස සීට් එකේ මාෂායි ඉසුරුයි ඉන්නවා, අම්ම බලන්න එපා කියලත් දුව මට කිව්වා.
මම හිටියෙ බස් එකේ ජනේලය පැත්තෙ. දුව හිටියේ දකුණු පැත්තේ.
මාෂායි ඉසුරුයි බහින්න යනකොට එයින් එක්කෙනෙක් වුවමනාවෙන්ම දුවගෙ ඇඟට කඩා වැටුණ. මම ඒකට විරුද්ධව කතා කරන්න හදනකොට දුව බයටම විරුද්ධ වුණා. අනිත් ළමය බහින ගමන් දුවට අතින් ඇනගෙන ගියා. දුව කිව්වා එයා තමයි ඉසුරු කියන්නෙ කියලා. අපේ දුවගෙ තාත්තා නැහැ.
මේ ළමයි දෙන්නා හැම වෙලාවෙම දුවගෙන් අහලා තියෙනවා උඹේ තාත්තා නැති වුණේ කොහොමද කියලා. මගේ දුව CIMA කළා.
උඹට එච්චර වියදම් කරන්න සල්ලි කොහෙන්ද කියලත් ඒ ළමයි හැම තිස්සෙම අහල තියෙනවා. දුවව කැන්ටිමේ පැත්තකට එක්ක ගිහින් තිත්ත කුණුහරුප කියන පිරිමි ළමයි දෙන්නෙකුත් සබරගමු කැම්පස් එකේ ඉඳලා තියෙනවා. ලැප් ටොප් වලින් නිල් චිත‍්‍රපට දුවට පෙන්නලා තියෙනවා.
අමාලි චතුරිකා සිය දිවි නසා ගැනීමෙන් පසු සබරගමු සරසවියේ එවකට සිටි උපකුලපති වූ මහාචාර්ය චන්දන උඩවත්ත කීවේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට පෙර සිට ඇයට මානසික රෝගයක් තිබූ බවකි. එහෙත් අමාලිට ප‍්‍රතිකාර කළ, මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනයේ වෛද්‍යා ජයාන් මෙන්ඩිස් කියන පරිදි එවැනි පූර්ව මානසික ව්‍යාධියක් ඇයට තිබී නැත. අමාලිට මරු කැඳවා දීමට උදව් කළ මාෂා අතුකෝරළ සහ ඉසුරු අකරවිට ඇතුළු නවක වධ තිරිසනුන් ආරක්‍ෂා කිරීමට මහාචාර්ය උඩවත්ත උත්සාහ කළ බව පෙනී යයි.
අමාලි චතුරිකාට මරු කැඳවූ බවට සැක කෙරෙන මාෂා අතුකෝරළ කිරිවත්තුඩුවේ පිටිපන දකුණේ අංක 324 දරණ නිවසේ පදිංචිව සිටින අතර පෞද්ගලික අංශයේ රැකියාවක් කරමින් විවාහ ජීවිතයක් ගතකරයි.
ඉසුරු අකරවිට පදිංචිව සිටින්නේ හෝමාගම කැන්ද ලන්දේ අංක 170 දරණ තැනය. තම දියණියගේ මරණය පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වා අනියම් මිනීමරු ශිෂ්‍යාවන් සහ ශිෂ්‍යයන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අමාලිගේ මව පොලිසි ගානේ ගියත් කිසිදු පරීක්‍ෂණයක් සිදුවී නැත.
විජයදාස රාජපක්‍ෂ මහතා උසස් අධ්‍යාපන ඇමැති නොවන්නට මේ සිද්ධිය යළි කවදාවත් එළියට එන්නේ ද නැත. මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කාරණය වන්නේ තමාට ගෙල වැලලා ගැනීමට අපමණ උපකාර කළ කාලකණ්ණි ශිෂ්‍යාවන්ට දඬුවම් ලැබෙන තුරු අමාලි චතුරිකාගේ ආත්මය මේ සංසාර සාගරය පුරා සැරිසරමින් කඳුළු සලන බවය.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!