Gossip

“එයාට හරියට හුස්ම ගන්න හැකියාවක් තිබ්බෙ නෑ. හදවත හරියට වැඩ කළේ නෑ. මැරෙන්න ඔන්න මෙන්න හිටියේ”

මේ ලෝකේ සිද්ධ වෙන සමහර සිදුවීම් හරි පුදුමයි.
විශ්වාස කරන්න අමාරු වුණත් හිතාගන්න බැරි ගොඩක් දේවල් මේ ලෝකේ සිද්ධවෙනවා.
ඒකට කදිම උදාහරණයක් තමයි අපි මේ ඔබට කියන්න යන්නේ.
ඔබත් මේ කතාව කියවලම බලන්නකෝ.
මේ ඉන්නෙ ඉපදෙන්න හිටිය දිනේට සති 12ක් කලින් ඉපදෙච්ච නිවුන් ගෑණු ලමයි දෙන්නෙක්.
බ්‍රියෙල් සහ කයිරී. අඩු වයස් උපත් නිසා ICU එකේ incubator දෙකකට දාලා තමයි හිටියෙ.
කයිරී ඉක්මනටම බර වැඩි වෙලා හොඳ අතට හැරුනා. ඒත් බ්‍රියෙල් එහෙම උනේ නෑ. එයා ඉපදෙද්දි බර රාත්තල් එකයි. හිතා ගන්න පාං ගෙඩියක බර.
එයාට හරියට හුස්ම ගන්න හැකියාවක් තිබ්බෙ නෑ.
හදවත හරියට වැඩ කලේ නෑ. මැරෙන්න ඔන්න මෙන්න හිටියෙ. දොස්තරවරු නර්ස්ලා ෆිසියෝස්ලා දන්න දන්න සේරම සෙල්ලම් දැම්මා මෙයාව බේරගන්න.
ඒත් වැඩක් උනේ නෑ. කිසිම විදියකින් බ්‍රියෙල්ව හොඳ අතට පත් කරන්න විදියක් තිබ්බෙ නෑ.
මේ මැරෙන්න ඉන්න කෙලි පොඩ්ඩව ICU බාර නර්ස් රෝහල් නීති රීති ගණන් නොගෙන එයාගෙ නිවුන් අක්කා හිටිය incubator එකටම දැම්මා ( එක ඉන්කියුබේටර් එකකට එක ලමයෙක් විතරයි දාන්නෙ).
ඊලඟ දවසේ නර්ස් ඇවිත් බලද්දී දැක්කෙ ඔය මුලින් දාලා තියෙන පින්තූරෙ දර්ශනය.
ඒ නර්ස් ගත්ත ෆොටෝ එක තමයි අපි මේ පලකරලා තියෙන්නේ. නීරෝගී අක්කා කයිරී එයාගෙ මැරෙන්න ඉන්න නංගි බ්‍රියෙල්ව එක අතකින් බදාගෙන හිටියා.
ඊලඟ දවස් දෙක ඇතුලත බ්‍රියෙල්ගෙ හුස්ම වගේම හදවත් ගැස්මත් සාමාන්‍ය උනා. බර වැඩි උනා. මැරෙන්න හිටිය බ්‍රියෙල් නීරෝගී ලදරුවෙක් වුණා.
මේ ඉතා මෑතකදි වෙච්ච සිදුවීමක්. වෛද්‍යවරුන්ටත් අදටත් බෑ මේ වෙච්ච දේ ඒ කියන්නෙ නොමේරූ ලදරුවෙක්ගේ කායික විද්‍යාත්මක හා ව්‍යුහ විද්‍යාත්මක සංකූලතා (වෛද්‍ය වෘත්තිකයන්ටත් නිවැරදි කිරීමට බැරි වෙච්ච) සහෝදරියකගේ එක වැලඳ ගැනීමකින් යථා තත්වයට පත් වුණේ කොහොමද කියලා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දෙන්න.
ජීවියෙක් යනු හුදෙක් ඇට මස් නහර වල එකතුවක් නෙමෙයි කියන්න මේක හොඳ උදාහරණයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!