Gossip

“කොල්ලයි බල්ලයි මේකට අතගැහැව්වම ඕකයි වෙන්නේ.කුඩුකාරයොයි, ගංජාකාරයොයි ගණිකා නිවාස කාරයොයි මේක ආක‍්‍රමණය කරලා”

ඔහු සැබවින්ම දක්‍ෂයෙක්. ඒ වගේම කෙලින් කතා කරන මනුස්සයෙක්. නමින් ජයලාල් රෝහණ.
මේ නම වේදිකාවට මෙන්ම රූපවාහිනියටද ආගන්තුක නැහැ. මොකද මේ මාධ්‍යවල නිතර යන ඔහු සැරිසරන නිසා. එළැඹෙන මාර්තු 27 වැනිදාට යෙදෙන ලෝක නාට්‍ය දිනය නිමිත්තෙන් ඔහු කලාකරුවන් කිහිපදෙනෙක් එකතු කරගෙන හොඳ වැඩක් කරනව.
ඒ ගැන ජයලාල් රෝහණ මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

ජයලාල් රෝහණ ලෝක නාට්‍ය උළෙල දිනය නිමිති කරගෙන අලූත් වැඩකට අත ගැසුවා කියලා ආරංචියි?
දැන් ශ‍්‍රී ලංකාවේ තියෙනවානේ රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන. ඒවායේ ඉන්නවනේ ලොක්කා සිට පහළට දක්වා පිරිස්. මොවුන්ට විවිධ අවස්ථාවල නොයෙක් නොයෙක් ප‍්‍රශ්න තියෙනවානේ.
තවත් වෙලාවක සමහරු කියනවා අපිත් කලාවට ආසයි. නමුත් කොහේද ඕවාට වෙලාවක් කියලා. ඉතිං මම හිතුවා ඒ සියලූ වෘත්තිකයන්ට ආරාධනා කරන්න.
මොකද මාසෙකට දවසක් විතරක් පවත්වන සෞන්දර්ය වැඩමුළු සඳහා හැම මාසයකම පෝය දවසේ තමයි මේ වැඩමුළුව පවත්වන්නේ. ඊළඟට අපොස උසස් පෙළ හදාරන දරුවන්ට නාට්‍ය හා රංග කලාව පිළිබඳ ප‍්‍රායෝගික වැඩමුළුවක් සකස් කළා.

මේ වැඩමුළුව කවදාද කොහේදීද පවත්වන්න සූදානම් කරලා තියෙන්නේ?
හැම මාසයකම පෝය දවසේ සුදර්ශී ශාලාවේ ගාමිණී ෆොන්සේකා රඟහලේ තමයි අපි මේ කර්තව්‍ය සිද්ධ කරන්න සූදානම් වෙන්නේ.

ඇයි මේ වගේ වැඩමුළුවක් සංවිධානය කරන්න හිතුවේ?
පෙළක් මිනිස්සු ඇඟිල්ල දිගු කරනවානේ අපි කලාවට මොකුත් කරන්නේ නෑ කියලා. අපි මෙච්චර දෙයක් කරද්දී මිනිස්සු ඔය කතාව කියනවා. ඒක ඉතිං පන්ති භේදයේ තියෙන වැරැද්ද. කොහොමත් අපි ලොකු ඝෝෂා දාලා වැඩ කරන්න යන්නේ නෑ. දැන් බලන්නකෝ ලංකාවේ තියෙන ප‍්‍රශ්න. මම හිතනවා මේවා සියල්ල සිද්ධ වෙන්නේ කලාවේ ඇසුරක් නැති වීම හින්දයි කියලා.

ඔබ කියන්නේ කලාවෙන් මිනිස්සු ඈත් වෙලා කියලද?
කලාවෙන් මිනිස්සු ඈත් වෙලා නෙමෙයි මහත්තයෝ කලාවෙන් මිනිස්සු ඈත් කරලා.

කවුද ඒ වැඬේ කරන්නේ?
පාලකයෝ තමයි ඒ වැඬේ කරන්නේ.

හොඳ නිර්මාණ බිහිනොවීමත් ප‍්‍රශ්නයක් නේද?
ඒකත් ප‍්‍රශ්නයක්. ඔබ ඔය හිමිහිට මම කිව්ව කාරණයෙන් බැහැර වෙන්න හදන්නේ ඇයි දන්නවද? මම කලින් කිව්ව කාරණය දාන්න බැරිකමක් තියෙන්නේ.
නෑ. අපිට එහෙම ප‍්‍රශ්නයක් නෑ.
මම කියන දේ කෙළින් කියන මනුස්සයෙක්. ඒවා සියල්ල දාන්න.

මේ ප‍්‍රශ්න සියල්ලටම වගකියන්න ඕනෑ පාලකයෝ. ඒකනේ ඔබ කියන්න උත්සාහ කරන්නේ?
පාලකයන්ට කලාව ගැන කිසිම දැනුමක් නැහැ. සත පහක දැනුමක් නැහැ. කලාව කියන්නේ භාවනාවක් වගේ දෙයක් නේ. දැන් බලන්නකෝ කලාවේ ඉන්න අයම මොනවද කරලා තියෙන්නේ කියලා. ඔය මෙගා ටෙලි නාට්‍ය කරනවා. ඉන්දියාවෙන් නාට්‍ය ගෙනල්ලා මෙහේ දාලා ඩබ් කරලා පෙන්වනවා. ඒ ගොල්ලොමනේ ඒවා තීරණය කරන්නේ. අනික ඒවායේ ගුණාත්මක දෙයක් නැහැනේ.

කලාකරුවෝ විදිහට ඔබලට එකතුවෙලා පාලකයන් දැනුවත් කරන්න පුළුවන්කමක් නැතිද?
කී සැරයක් උත්සාහ කළාද? කවුද එන්නේ. අපි සල්ලි ගෙවලා ශාලාවක් වෙන් කළා. එකෙක් ආවද? නෑ ඒ ගොල්ලන්ට ඊට වඩා ලේසියි මොකක් හරි ව්‍යාපෘතියකට සම්බන්ධ වෙලා කොමිස් මුදලක් හොයන එක. ඔවුන් කලාවේ වර්ධනය උදෙසා කතා කරන්න කිසිසේත්ම කැමැති නෑ.

ඒ නිසා ද ඔබ ස්වාධීනව කලාව වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්නේ?
මම විතරක් ස්වාධීනව නෙමෙයි මහත්මයා. මේ ගේම් එකේ ලේසියෙන් මිනිහෙකුට ස්වාධීනව වැඩ කරන්න බෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය. අපි කණ්ඩායමක් එකතු වුණා මේ වැඩ කොටස කරන්න පුළුවන්.

කවුද ඒ කණ්ඩායම?
සනත් ගුණතිලක” වසන්ත විට්ටච්චි” අජිත් ලොකුගේ” සරත් කොතලාවල” ලක්‍ෂ්මන් පුෂ්පකුමාර” මාලි ජයවීරගේ” රොඞ්නි වර්ණකුල වගේ පිරිසක් එකතු වුණා. මොකද අපි ටික එකතුවෙලා මේ වගේ වැඩක්වත් කෙරුවේ නැති වුණොත් අනාගතයේ නාට්‍ය බලන්නත් පිරිසක් නැති වෙලා යනවා. විශාල අඳුරු රතු ලකුණකට අපිට මුහුණ දෙන්න වෙනවා.

ඔබලා වැඩමුළුව පවත්වන්නේ නොමිලේද?
ඔව්. වැඬේ මෙහෙමයි. හැබැයි හැම දෙයක්ම අපිට නොමිලේ දෙන්න බෑ අපිත් අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුනේ. පාඨමාලාව සම්පූර්ණයෙන් නොමිලේ උගන්වනවා.
ශාලාව වෙන් කරන්න මුදලක් වැය වෙනවා. ඒවටත් සල්ලි වියදම් කරලා කන්න බොන්න දෙන්න විදිහක් මට නැහැ.
ඊළඟට අපි සියලූ දෙනාටම බෙදීයන පරිදි බොහොම සුළු මුදලක් ගෙවන්න සිද්ධ වේවි. ඒක රුපියල් හාරසියයක්” පන්සියයක් වෙන එකක් නෑ. මොකද අපි ආරාධිත දේශකයෙක් ගෙන්වනවානේ. ඔහුව අපිට හෙළුවෙන් යවන්න බෑ. කීයක් හරි දෙන්න එපායැ. කොටින්ම කිව්වොත් කලාව ලංකාවේ දැනට පත්වෙල තියෙන හිඟන තත්ත්වයට පත් කරන්න අපි කැමැති නෑ.

ජයලාල් රෝහණ කියන රංගධරයාගේ භූමිකාවට මොන වගේ දායකත්වයක් ද ලබා දෙන්නේ
මේ ඔබත් සමග කතා කරන මොහොතේ පවා මම ඉන්නේ බොරැල්ල පුංචි තියටර් එකේ ජයන්ත චන්‍ද්‍රසිරිගේ හංකිති දහතුන කියන වේදිකා නාට්‍යයේ.
ඊළඟට සුදු සහ කළු සිංහයා ඇවිල්ලා. ඔබට කුකුසක් දැනේවි කියන වේදිකා නාට්‍යවල විතරයි මම කිව්වේ. ඇයි දන්නවද? ගුණාත්මක වශයෙන් ටෙලි නාට්‍යයකට දැනුත් කතා කළා.
හදිසියේවත් අපි වගේ පළපුරුදු ශිල්පීන් ගාණ කිව්වහම බය වෙනවා. දැන් ඉතිං රුපියල් පහට දහයට රඟපාලා ගෙදර තියෙන පොල් ගෙඩි ටිකත් දීලා යන අය ඉන්නවනේ. ඒ අය කරන්නේ රඟපානවා නෙමෙයි මහත්මයා. දැන් ඔබගේ පුවත්පත් කලාවේ තනතුර මට ඇවිත් කරන්න බැහැනේ. නේද? පුහුණුවක් ලබපු කෙනෙක් හැටියට එපායැ මම එන්න. දැන් වෙනකොට රටට එහෙම දෙයක් අවශ්‍යයි. අන්න ඒ කර්තව්‍ය තමයි මේ කරන්න උත්සාහ කරන්නේ්.

ඔබ නිතරම වේදිකාව සමඟ තමයි ගනුදෙනු කරන්න උත්සාහ කරන්නේ. ඇයි ඒ?
වේදිකාව සමඟ විතරක් නෙමෙයි. දැනට කලාවේ උත්තරීතර තැනක් විදිහට ඉතුරුවෙලා තියෙන්නේ වේදිකාව විතරයි.
ටෙලි නාට්‍ය කියන්නේ ගෝනි පඩංගුනේ. මම එහෙමම කිව්වැයි කියලා දාන්න.
ඔබ ඇයි මේ ටෙලි නාට්‍ය කලාව එක්ක මෙච්චර තරහ. ටෙලි නාට්‍ය ගැන කතා කළාහම ද්වේෂ සහගත ලෙස කතා කරනවා වගෙන් අපිට පෙනෙන්නේ.
මම මෙහෙම කතා කළාහම ද්වේෂ සහගත නම් ඔබ මට කියන්න දැන් යන හොඳ ටෙලි නාට්‍යයක්. ඔබ මට කියන්න හොඳ එකක්” මෙහෙමයි මහත්තයෝ.
අපි දැන් මෙහෙම උදාහරණයක් ගමුකෝ. මුදවපු කිරි හට්ටියක පිරිසිදු කිරි ටිකක් හොයා ගන්න අමාරුයි. හැම එකටම බැක්ටීරියා ඇතුළු වෙලා. පෘට් සැලඞ් එකක පිරිසිදු පලතුරු කෑල්ලක් හොයාගන්න අමාරුයි. හැම එකම විනාශ වෙලා. ජනතාව දැනුවත් කරන්න ටෙලි නාට්‍ය කලාව තරම් උත්තරීතර කලාවක් මේ රටේ තවත් නෑ. හැබැයි දැන් මේ සියල්ල ගංජාකාරයොයි” කුඩුකාරයොයි ආක‍්‍රමණය කරලා ඉවරයි. තවත් දෙයක් තියෙනවා. ගණිකා නිවාස තියෙන එවුනුත් මේක ආක‍්‍රමණය කරලා තියෙන්නේ. එක කාලයක චිත‍්‍රපටි කලාවට වුණු විනාශයම තමයි මේ වෙන්නේ. ඒක නිසා කොල්ලයි බල්ලයි හැම එකාම ලගින තැනක් වෙලා තියෙනවා ටෙලි නාට්‍ය කලාව. ඒකයි මම කියන්නේ මේක ඉතිං ද්වේෂ සහගත කතාවක්ද මහත්තයෝ. මේ තමයි පිරිසිදු ඇත්ත.

මේ නිසාමද ඔබ ටෙලි නාට්‍ය භාරගන්නේ නැත්තේ?
ගුණාත්මක ටෙලි නාට්‍ය නැහැනේ. ගුණාත්මක වැඩක් තියෙනවා නම් මම එතැන ඉන්නවා. මිනිස්සුන්ට ආදර්ශයක් දෙන්න ඕන වැඩක් නේද අපි කරන්න ඕනෑ. මේ වෙලාවේ ලංකාවේ එහෙම දෙයක් නැහැනේද?
මේ තත්ත්වයට කවුද වග කියන්න ඕනෑ ඕනෑම ආණ්ඩුවක් වගකියන්න ඕනෑ. රටක සුබ සාධනය කියන පැත්ත ගැන හිතන කොට කලාවත් එක අංගයක් මහත්තයෝ. මේක ගැන විතරයි හිතන්නේම නැත්තේ.
පවතින සෑම ආණ්ඩුවක් සමග කලාකරුවෝ ගනුදෙනු කරනවා. අපිට නම් පෙනෙන්නේ ඔවුන් කලාවට කිසිවක් නොකරන හැඩයි.
ගනුදෙනු නම් කරයි මාසෙකට සැරයක්. කලාකරුවන් ගෙනැල්ල ඔය රුපියල් දාහක් දෙන එක නෙමෙයි වෙන්න ඕනෑ. ඒක කලාකරුවන්ගේ ජීවන සුබසාධනයට හොඳයි.
මම කියන්නේ ඒක නෙමෙයි. කලාවට සේවයක් කරන්න ඕනෑ කියන තැනයි මම ඉන්නේ. අද වෙනකොට ලයනල් වෙන්ඞ්ට් රඟහල ඇරෙන්න අපිට අංග සම්පූර්ණ රඟහලක් තියෙනවාද? මහත්තයෝ. ලංකාවේ ප‍්‍රාදේශීයව තියෙන රඟහල්වලට ගොඩවෙලා බලන්නකෝ. ඒවා සියල්ල විනාශවෙලා.

ඇත්තටම මේ ප‍්‍රශ්නවලට විසඳුම් නැතිද?
විසඳුම් තියෙනවා. අපි ගාව විසඳුම් ඕනෑ තරම් තියෙනවා. ඒවා අහන්න කෙනෙක් තමයි නැත්තේ. ඔක්කොම ඉන්නේ කොමිස් ගහන්නේ කොහොමද කියන්න බලාගෙන විතරයි.

කොච්චර කාලෙකින් ටෙලි නාට්‍යයක් භාර ගත්තේ නැතිද?
අවුරුදු තුනකින් විතර ටෙලි නාට්‍යයක් භාරගත්තේ නෑ.

ටෙලි නාට්‍ය රඟපෑමට ආරාධනා නැතිද?
ආරාධනා නම් දෙක තුනක් ආවා. මම ඔවුන්ට කියන්නේ පිටපත කියවන්න ඕනෑ කියලා. පෙළක් අය ගේ පිටපත ලියලා නෑ.
සමහරු කියනවා පිටපත බාගෙට ලියලා ඉවරයි කියලා. එතකොට මම ඇහැව්වා කොහොමද චරිත තෝරාගන්නේ කියලා.
පෙළක් වෙලාවට ටෙලි නාට්‍ය රූගත කරන කොට කාර් එකේ බොනට් එක උඩ තියලා පිටපත ලියනවා. ? හොඳටම බීල බීල නින්ද ගිහිල්ල. ඔන්න ඕකයි ඇත්ත කතාව මහත්තයෝ. සමස්ත ශ‍්‍රී ලංකාවේම ටෙලි නාට්‍ය කලාව මස්තබාල්දු තැනකට ඇද දමලා තියෙන්නේ. ඕකම කතා කරන කොට කියන්නේ ද්වේශ සහගතව කතා කරනවා කියලා.

ඔබ ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ නොවීම අපරාධයක් කියලා හිතෙන්නේ නැතිද?
කිසිසේත් නෑ. දහජරාව දහයක ඉන්නවාට වඩා හොඳ නාට්‍ය එකක හිටියහම ඇති. මිනිස්සු මැසිවිලි නඟනවා. බණිනවා.
අපිව හමුබවුණාම අහනවා මොනවද අප්පේ දැන් යන දහජරා ටෙලි නාට්‍ය කියලා. මිනිස්සු ඉල්ලන දේ නෙමෙයි දෙන්නේ. චැනල්වල අයිතිකාරයන්ට ඕනෑ දේවල් තමයි දාන්නේ.

මෙගා නාට්‍ය කලාව හින්දා කලාව විනාශ වුණු එකනේ ඔබ කියන්නේ?
පැහැදිලිවම. කොල්ලයි බල්ලයි මේකට අත ගහන්න ගත්තහම ඕක තමයි වෙන්නේ

හැබැයි මෙගා නාට්‍ය හරි ජනප්‍රියයි. ගොඩක් දෙනෙක් බලනවා නේද?
කවුද කියන්නේ මහත්තයෝ. ඔබතුමා ඔය සංගණනයක් කරලා නෙමෙයි කතා කරන්නේ. ඔය පොදුවේ මිනිස්සු කතා කරන දේ අරගෙන ගත්තේ මිනිස්සුන්ට මෙගා නාට්‍ය විතරක් නෙමෙයි ලංකාවේ සමස්ත ටෙලි නාට්‍ය කලාවම අප‍්‍රිය වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට කරන්නට දෙයක් නැති වුණාම මෙගා නාට්‍ය බලනවා. එක තමයි බෙල්ලේ වැල දාගන්න අය බිහිවෙන්නේ.

ඔබ කෙළින් කතා කරනවා. ඔහොම කතා කරල වැඩ නැතිවේවිද දන්නෙත් නැහැ නේද?
මට ගැටලූවක් නැහැ මහත්තයෝ. රස්සාවක් තියෙනවානේ. මේකෙන්ම යැපෙන මිනිස්සු බයයි ඒ ටිකත් නැතිවුණොත් ජීවත් වෙන්නේ කොහොමද කියලා බයයි.
ඔන්න ඔය කතාන්දරය තියෙන්නේ. මට ජීවත් වෙන්න මාර්ග ගොඩක් තියෙනවා. අනික ඇයි දෙයියනේ අයුක්තිය පෙනි පෙනී ඒ වෙනුවෙන් කතර නොකර ඒ වෙනුවෙන් පෙනී ඉන්නේ. මම එහෙම තමයි කතා කරන්නේ. ඕකට මම මෙහෙම කියන්නම්. ජයලාල් නම් සැරට කතා කරනවා විතරයි. නමුත් දැනට මේ කලාවට වෙලා තියෙන දේ ඇහැව්වම ඊට වග කියන්න ඕනෑ අයට අසූචි ගහන්න ඕනෑ. ඒ තරම් දරුණු විදිහට විනාශ වෙලා ඉවරයි. මම මේ ඉවසල සැරට කතා කරනවා.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!