Gossip

“අපි දෙන්නත් එක්ක ප්ලෑනක් ගැහුවා..මම ඔළුවට මන්නෙන් ගැහුවා.. ගෑනි බෙඩ් ෂීට් එකෙන් කට වැහුවා”

සිය අනියම් බිරියගේ බලවත් පෙරැත්තය මත ඇයගේ විවාහක සැමියා තියුණු පිහියකින් කපා කොටා ලණුවකින් ගෙල සිර කර මරා දැමීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි අනියම් බිරිය හා ඇය සමග සම්බන්ධයක් ගොඩනගා ගෙන මෙම සිද්ධියට හවුල් වූ සැකකරු යන දෙදෙනාම ජුනි මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කන්තලේ දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් තිසානි තේනබදු මහත්මිය 21 වැනිදා නියෝග කළාය.
රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කන්තලේ වෙන්ඩ‍්‍රාසන්පුර 01 ප‍්‍රදේශයේ පදිංචි එන්.බී.සුසන්ත නම් දෙදරු පියකු හා ඔහුගේ අනියම් බිරිය වූ ගල්කිරියාගම පදිංචි ඩබ්.එම්.බණ්ඩාර මැණිකේ නම් තිදරු මවකි.
ඉකුත් අපේ‍්‍රල් 17 වැනිදා සිදුවී ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සුසන්ත නමැත්තා සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණයේදී ලබා දී ඇති කට උත්තරයේ මෙසේ සඳහන් වේ.
මම කොළඹ වැඩ පොළක වැඩ කරද්දී ගෝලයා වගේ හිටියේ මේ අනියම් සම්බන්ධය පවත්වාගෙන ගිය බණ්ඩාර මැණිකේ ගේ ඥාති පුතෙක්.
ඒ වෙනකොට ගිය අවුරුද්දේ (2018) මුල් කාලයේ එයා හිටියේ රට. ගෝලයාට නිතරම කෝල් එනවා මෙයාගෙන්. ඒ ස්මාර්ට් ෆෝන් එකකින්.
දවසක් මේක මම බලාගෙන ඉඳලා ගෝලයාට හොරෙන් මෙයාට කතාකළා. එහෙම කතා කරලා පස්සේ අපි දෙන්නා යාළු වුණා.
දිගටම කතා කළා. එයා කිව්වා මම මෙහේ අනාථ වෙලා ඉන්නේ ඉක්මනට ලංකාවට ගෙන්නා ගන්න, මම ඔයත් එක්කම ඉන්න එනවා කියලා.
පස්සේ මම ගෙදර තිබුණු මගේ ගෑනිගේ ළමයින්ගේ රත‍්‍රං බඩු උගස් තියලා 50000 ක් යවලා මෙයා ගෙන්නා ගත්තා.
අපේ සම්බන්ධය බොහෝ දුර දිග ගියා. පස්සේ මෙයා කිව්වා මට මේ මිනිහාගෙන් හරිම කරදරයි. ඌත් එක්ක ඉන්න බෑ.
ඌ වකුගඩු රෝගියෙක්. අපි එකට ඉන්න මෙයාව කොහොම හරි මරමු කියලා.
ඊට පස්සේ හොඳට කල්පනා කරලා ප්ලෑන්ක් ගැහැව්වා. වකුගඩු රෝගයට බෙහෙත් ගන්න මෙහෙ හොඳ තැනක් තියෙනවා කියලා මිනිහට කියන්න කියලා කලින් එයාට කියලා තිබ්බා. දෙන්නම කන්තලේට එන්න ඇවිත් ටවුමේ එහාට මෙහාට යනකොට මම අහම්බෙන් දැක්කා වගේ ඇවිත් කතා කරලා අපේ ගෙදර එක්ක යන්නම්, එහේදී මෙයාට වැඩක් දෙමු කියලා. ඊට කලින් මම මගේ ගෑණිටයි දරුවො දෙන්නටයි අවුරුදු නිවාඩුවට ගමට යන්න කියලා තුන් දෙනාම ගමට ඇරියා. ගෙදර හිටියේ මම විතරයි.
පස්සේ මේ දෙන්නව වීල් එකක දාගෙන ටවුමෙන් අරක්කු බෝතලයයි බියර් බෝතලයක් තවත් කෑමට අවශ්‍ය දේවල් අරගෙන ගෙදර ආවා.
රාත‍්‍රි 8 ට විතර අපි බොන්න පටන් ගත්තා. මම බීර බෝතලය බිව්වා, මෙයා අරක්කු බෝතලයම බිව්වා. පස්සේ තව ටිකක් ඕන කිව්වට පස්සේ වීල් එකක් යවලා තව භාගයක් ගෙනාවා. ඒකෙනුත් භාගයක් මෙයා බීලා ඉස්සරහ සාලේ දිග පුටුවේ හාන්සි වෙලා හිටියා. හොඳටම වෙරි. මේක තමයි හොඳම වෙලාව කියලා මම ගෙදර තිබුණ හොඳට කැපෙන මන්න පිහිය අරගෙන මෙයාගේ බිරිඳත් බලාගෙන ඉද්දී දෑත බදලා වැරෙන් පහරක් ඔළුවට එල්ල කළා.
ඔළුවෙන් ලේ විදින්නත් මෙයා කෑ ගහන්නත් ගත්තා. පස්සේ ගෑණි බෙඞ්ෂීට් එකක් ගෙනත් කට වහලා ඔතා ගත්තා.
මිනිහා මැරුණේ නැති නිසා මම ලණු පොටක් ගෙනල්ලා බෙල්ල හිර කළා. එතකොට එයා ඉවර වුණා. රාත‍්‍රි 11 ට විතර ඇති.
අපි දෙන්නම එකතු වෙලා ලැට් වළේ පියනක් ගලවලා මිනිය ලැට් වළට දාලා ගේයි පුටුයි සේරම හොඳට හෝදලා ? 11.30 බස් එකේ නැගලා එයා දඹුල්ලේ එයැයිගේ ගෙදර ගියා. මම දරුවො එක්ක එන්න නුවර ගියා.
කන්තලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප‍්‍රියංකර ද සිල්වා මහතාගේ නියෝග මත මූලස්ථාන ප‍්‍ර.පො.ප විජේසිරි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. තුෂාන් මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ මෙහෙය වූහ.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!