Gossip

මොකද මේ huawei සමාගමට සිද්ද වුණේ…? දවස් 90 කින් ඔයාගේ huawei Phone එකට මොකද වෙන්නේ..?

huawei සමාගමට පසුගියදා ඇමරිකානු රජයෙන් දැඩි විරෝධයක් එල්ලවුණා. ඒ ඇමරිකානු රජයේ තොරතුරැ චීන රජයට විකුණනවා කියන චෝදනාව.
මේ වෙනකොට ඇමරිකානු ජනාධිපතිගේ මුලිකත්වයෙන් huawei සමාගම ඇමරිකානු රජය එක්ක තිබෙන සියලුම සබදකම් නවත්වන්න කියලා දැනුම් දීලා තියෙනවා.
ඒ කියන්නේ huawei brand එක මේ වෙනකොට තහනම් brand එකක්. මේ නිසා ඇමරිකාවේ huawei සමාගම එක්ක තියන සියළු සබදකම් අනෙකුත් companyසමාගම් වලට නතර කරන්න සිදුවුණා.
කොහොම වුණත් ඇමරිකානු රජය huawei සමාගමට පනවා තිබෙන මෙ තහනම දින 90 වෙනකම් අවලංගු කරලා තියෙනවා.
එයින් huawei සමාගමට පුළුවන් කලින් වගේ ඇමරිකාවත් එක්ක තිබෙන තිබෙන සියළුම සබදකම් නැවත පවත්වන්න. ඔවුන්ට මේ විදියට දීලා තිබෙන දින 90 කාල සීමාව අවසානයේ තීරණය කරන්න වෙනවා ඔවුන් ඊළගට මොකක්ද කරන්නේ කියන දේ.
එක්කෝ ඔවුන්ට සිදුවෙනවා ඇමරිකානු රජය සමග ගිවිසුමකට එලබෙන්න. එසේ නැතිනම් ඔවුන්ට සිදුවෙනවා ඔවුනගේම operation system එකක් නිර්මාණය කරන්න.
කොහොම වුණත් මේ මොන දේ කරන්නත් huawei සමාගමට තියෙන්නේ මාස 3 කාලයක්. බැරිවෙලාවත් මාස 3 ක කාලය ඇතුළත huawei සමාගමට ඇමරිකානු රජය සමග ගිවිසුමකට එන්න බැරිවුණොත් ඔයාලා ලග තියෙන huawei දුරකථනය වැඩකරන්නේ නැතිව යන්න පුළුවන්.
ඒ කියන්නේ huawei වල තියන සම්පූර්ණ software එකම බිදවැටෙන්න ගන්නවා. ඒත් මේ වන විට huawei සමාගම තහවුරැ කරලා තියෙනවා මේ වෙනකොට මාකට් එකේ තියෙන huawei phone වලට මොකුත් වෙන්නේ නැහැ කියලා. අපි බලමු මාස 3 කාලය අවසානයේ huawei සමාගම මොනවගේ තීරණයක් ගනීද කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!