Gossip

තව්හිද් ජමාද් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කළාද? ජාතික පුවත්පතක වාර්තා වූ පුවතේ ඇත්තම කතාව මෙන්න

සිසේරියන් සැත්කම්වලින් පසු තව්හිද් ජමාද් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කර ඇති බවට සිරස්තලයකින් යුත් පුවතක් අද දින ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

අදාළ පුවතෙන් ප්‍රකාශ කර ඇත්තේ එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව විමර්ශනවලින් හෙළිව ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වුණේ.

සැත්කමට භාජනය වන සිංහල බෞද්ධ මවුවරුන්ට නොදැනෙන්නට මෙම වෛද්‍යවරයා මේ ආකාරයට ඔවුන් වඳ භාවයට පත් කර ඇති බවත් සැකකාර වෛද්‍යවරයා වසර ගණනක් තිස්සේ ගැබිනි මවුවරුන් හත්දහසකට වැඩි පිරිසකට සිසේරියන් සැත්කම සිදු කර ඇති අතර ඒ අතරින් හාරදහසකට අධික බෞද්ධ මවුවරුන් මේ ආකාරයට වඳ භාවයට පත් කර ඇති බව බවත් එම පුවත්පතේ දැක්වුණා.

මොහුගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධ නිලධාරීන් කීප දෙනකු ද පොලිසියට තොරතුරු ලබාදී ඇති බවත් වෛද්‍යවරයා මෙම අපරාධය සිදු කළ බවට සාක්ෂි සහිතව තොරතුරු ලැබී ඇති බව ද පොලිසිය පවසන බවත් එහි වැඩිදුරටත් දැක්වුණා.

කෙසේවෙතත් මේ පුවත මේවන විට ඉතාමත් සීඝ්‍රයෙන් පැතිර යන නිසාවෙන් ඒ පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසීමක් කළා. ඔවුන් කියා සිටියේ ඒ පිළිබඳව ඔවුන් සොයා බැලූ නමුත් එවන් කතාවක් පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි. එමෙන්ම මෙවැනි තොරතුරු මෙම පුවත්පතට යොමු කළ බවට දැක්වෙන පොලිසිය කුමක්ද යන්න සොයා බලන බවත් ඔවුන් සඳහන් කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!