Gossip News

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වයිබර් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලාවලට වෙච්ච දේ මෙන්න

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වයිබර් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ලොව පුරා බිඳවැටිමකට ලක්ව තිබෙනවා.

වට්සැප් සම්බන්ධතාවයන්හි බිදවැටීමක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත අද(03) සවස 7.20 පමණ සිට පැමිණිලි රැසක් ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන්ගෙන් ලැබුණු බව එම සංගමය පවසනවා.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මේ පිළිබඳව සිදුකළ සොයාබැලීමකදී හෙලිවූයේ වට්සැප් යෙදුම හරහා ඡායාරෑප, වීඩියෝපට සහ අනෙකුත් මාධ්‍ය යැවීමේදී හා ලබාගැනීමේදී ඒ සඳහා දිගු වෙලාවක් ගතවන බවත් යම් පරිශීලකයන් ප්‍රමාණයකට කිසිදු ඡායාරුප ඇතුළු මාධ්‍ය යැවීමට හෝ හාගතකරගැනීමට සම්පුර්ණයෙන්ම හැකියාවක් නොමැති බවය.

වට්සැප් බිදවැටීම පසුහබමින් ෆේස්බුක් සහා ඉන්ස්ටග්‍රෑම් අඩවිද බිදවටිමකට ලක්ව ඇතැයි නවතම තොරතුරු වලින් දැනගන්නට ලැබෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කළේය.

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වයිබර් සහ වට්සැප් සමාජ මාධ්‍ය ලොව පුරා බිදවැටීමට හේතුව Server ගැටලුවක් බවට වට්සැප් නියෝජිතයෙක් අප සංගමයට දන්වා සිටි අතර මෙය ලොව පුරා සිටින පරිශීලකයන්ට සිදුවූ සිදුවීමක් බැවින් කඩනමින් තම සේවාවන් යථාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් පවතින බව වාර්තා වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!