Gossip News

CIDයට කැඳවද්දීම පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි අසනීප වෙයි

පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ අද(02) පෙරවරුවේ ඔවුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දි ඇති බවයි.
පාස්කු ඉරු දින ප්‍රහාරවලින් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානී සම්බන්ධයෙන් අදාළ තැනැත්තන් දෙදෙනාට සාපරාදී වගකීමක් ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය බ්‍රහස්පතින්දා දැනුම් දී තිබු බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය.
ඊයේ දිනය වන තෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නීතිපතිවරයා විසින් කරුණු විමසීම සදහා යළිත් වැඩබලන පොලිස්පතිවරයා වෙත ඊයේ යළි ලිපියක් යොමුකර තිබුණි.
එමගින් දක්වා තිබුණේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ වාර්තා කර සැකකරුවන් ලෙස නම් කර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කරන ලෙසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!