Gossip

“ෂෝට් කලිසම් ඇදන් නයිට් ක්ලබ් ගිය මට ස්පා එක කජ්ජක්ද කියලා කොළඹ ස්පා එකකට සෙට් වුණා” දෙනුවන් නිසා විනාශ වුණු තරුණියක් හෙළි කළ සංවේදී කතාව

ජීවිතේ වැරදුණොත් හදාගන්න උත්සහ කරන අය වගේම වැරදුනු පිට හොඳයි කියලා භාරගත් අයත් අපේ සමාජයේ ඕනේ තරම් ඉන්නවා.

ඒ වගේ කෙනෙක් තමයි තාරුකා කියන්නේ.

සඳක් සේ තරු එළිය නොවිහිදුනත් පවුල එළිය කරන්නට අදුරු පවුල් පසුබිමට පැයූ සඳ මඬල තාරුකාය.

ඇය දුප්පත් පවුලේ එකම සිහිනය බවට පත්වූයේ නිතැතින්මය.
කෙල්ලට උගන්න ගත්තොත් ඒකි නංගිලයි මල්ලිලයි ගැන බලාවි.
තාරුකාගේ මව නිතර සිතිවිලි අවදි කළාය. දවසේ කුලී වැඩකට යන සෝමාවතී දරුවන් හතර දෙනෙකු නඩත්තු කළේ ලැබෙන සොච්චම් මුදලිනි.
තාරුකාගේ පියා පවුලෙන් නික්ම ගියේ බාලම මල්ලී ඉපදී අවුරුද්දකිනි.
අම්මේ මම විශ්වවිද්‍යාලෙට පාස්.. උසස් පෙළේ ප්‍රතිඵල ආදා තාරුකා ගෙදරට දුවගෙන ආවේ ඉහේ මලක් පිපුනා වැනි සන්තෝසෙනි.
” කොහොමද මේකිට උගන්වන්නේ.
” සෝමාවතී දහඅතේ කල්පනා කළාය.
කමක් නෑ පුතේ.. උඹ ඉගෙන ගනින්. පවුලේ වැඩිමලා උඹ. කවදා හරි නංගී මල්ලිලාටත් සලකපන්.
මම උඹට පුළුවන් විදිහට වියදම් කරන්නම්.
සෝමාවතී තීරණයක් ගත්තාය. තාරුකා කොළඹට නුදුරු පළාතක තිබෙන විශ්ව විද්‍යාලයට ආවේ ඒ අවසරයෙනි.

මොණරාගලට නුදුරු ගමකින් කොළඹට පැමිණි තාරුකා ඒ කොළඹට නුදුරු පළාතක තිබෙන විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ නවාතැන් ගත්තාය.

ඇය කළුවුණත් දැකුම්කලුය. වරක් බැලුවොත් දෙවරක් බලන්නට හිතෙන හිතට වදින තරුණියක වූවාය.
ඒ හිරිමල් වියට විශ්ව විද්‍යාලයේ ඉහළ වසරවල අයියලා දෙතුන් දෙනෙක් අයිතිවාසිකම් ඉල්ලන්නට වූහ.

මේ අතරින් කා අතරත් නම ගියෙක් බලෙන්ම ඇගෙන් කැමැත්ත දිනාගත්තාය.

ඔහු සමඟ ප්‍රේම සම්බන්ධ දලුලා වැඩෙන්නට විය.

සාගර මත්ද්‍රව්‍යවලට ඇැබ්බැහි වෙලා හිටියා. ඒත් මගෙන් එයා සල්ලි දෙන්න කියලා ඉල්ලුවේ නෑ.
මම හිටපු මට්ටම එයා දැනගෙන හිටියා.
මට එයාගෙන් ඉල්ලන්න තරම් එයාට සල්ලි තිබුණෙත් නෑ.
අම්මා කුලී වැඩ කරලා එවන සල්ලි මගේ කැම්පස් වැඩවලට ගෑවෙන්නවත් ප්‍රමාණවත් වුණේ නෑ.

ඒත් සල්ලි ඉල්ල ඉල්ල කරදර කරන්න තරම් මම පහළ මට්ටමට ගියේ නෑ.
එහෙම කළත් මගේ අහිංසක අම්මා කොහෙන් සල්ලි එවන්නද මහත්තයෝ.
තාරුකාගේ ඇස්වලින් කඳුලක් දෙකක් කඩා වැටුණි.
ඒ කඳුලු බින්දු බිමට වැටෙන්නත් ප්‍රථම පිහදා ගන්නට තාරකො දක්ෂ බවට මට හැගුණි.
මහපොළ ශිෂ්‍යාධාරයත් පරක්කු වෙනවා.
මම කොළඹ සුපිරිපෙලේල සාප්පු කීපයකට ගියා.
ගිහින් ගෙවල්වල ලස්සනට තියෙන විශාල මල් බදුන් දන්නවනේ.. ඒවා පේන්ට් කරලා දිගග මල්කුරූ හදලා වෙළදපලට දාන බිස්නස් එකක් පටන් ගත්තා.

ඉතිං හොස්ටල් එකේ තියාගෙන කැම්පස් ඇරිලා ඇවිත් මල් පෝච්චි පාට කරනවා.
දිග මල් කිනිති අලවනවා.
රෑැ වෙනකල්ම කළේ ඔය වැඩේම. දවස් දෙකක් විතර දඟලලා එක පෝච්චියක් හදාගන්නවා.

මේ විදිහට මල් පෝච්චි පහක් විතර එකතු කරගත්තම සාප්පුවලට ගිහින් දානවා.
තාරුකා ඈත දුප්පත් යෞවනියක බව තේරුම්ගත් කාරුණික ව්‍යාපාරිකයෝ ඇගේ ව්‍යාපාරයට අත දෙන්නට දෙවරක් නොසිතූහ.

ඒ මදිවාට ඔවුන්ට හිතවත් තවත් ව්‍යාපාරික තැන්ද ඇයට හදුන්වා දුන්හ.
දැන් මට ඕඩර් වැඩිවුණා. ඊට පස්සේ හොස්ටල් එකේ මගේ යාළුවෙක් එක්ක එකතුවෙලා මල් පෝච්චි හදනවා.
එයාලටත් ඒක හොද ආදායම් මාර්ගයක් වුණා.
ඔතැනින් ගොඩයන්න හොඳම අවස්ථාව තියෙද්දි තමයි. ඇය දිග හුස්මක් උඩට ගත්තා පෙනුනි.
එය පහළට හෙලන අයුරුවත් නොපෙණිනි.
සාගර එක්ක මම තනිවුණු අවස්ථා කීපයක් තිබුණා.

දවසක් සාගර අතින් මා ගෑණියෙක් වුණා. එතනින් පස්සේ මම කරකියාගන්න දෙයක් නැතිව ඇඬුවා.
මාස කීපයකින් සාගර මාව දාලා ගියා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුණු එයාට මාව සෙල්ලම් බඩුවක් තරම්වත් ගාණක් තිබුණේ නෑ.
අන්තඅසරණ වෙලත් අඬඅඬා මල් හදන ව්‍යාපාරය කරගෙන ගියා.

දවසක් මම මල් බදුන් දාන කොළඹ පොඩි සාප්පුවක මල් බඳුන් වගේක සල්ලි ටිකක් ගන්න ගියා.
ලොකු සර් හිටියේ නෑ. සර්ගේ පුතා හිටියේ.
ලොකු සර් නැද්ද ඇහුවා.
නෑ අද ඉන්නේ පොඩි සර් කියලා එයා හිනා වුණා.
ඇයි නංගී…
මම තමයි මේ මල් පොච්චි දාන්නේ.
ගිය මාසේ සල්ලි ගන්න අවේ කිව්වා.
එයාපොත පෙරලලා තාත්තාටත් කෝල් කරලා මගේ ගාණ ගෙව්වා.
වැඩිපුරත් කීයක්දෝ දුන්නා.
මම එන්න හදද්දි මගේ මොබයිල් නම්බර් එක ඉල්ලා ගත්තා.

ලොකු සර් හොඳ නිසාත් ඒ අය හොඳ මට්ටමක හිටිය නිසාත් මම නම්බර් එක දුන්නා.

එතැනින් පසු තාරුකාගේ ජංගම දුරකථනයට ඉවරයක් නැතිවිය.
මම අර ෂොප් එකේ. පුතා මගේ නම දෙනුවන්.. මම ආසයි ඔයා අදුනගන්න.

තාරුකා උඩබිම බැලුවාය. මොකක්ද ඒ පාර වෙන්න යන්නේ. ඇය කීපවිටක්ම මගඇරියත් දෙනුවන් කෙසේ හෝ තාරුකාව දුරකථනය හරහා දිනාගන්නට සමත්වුණා.

සාගරගෙන් පසු තාරුකා දෙවැනි ආදර කතාව පටන් ගත්තේ දෙනුවන් සමගය.
සල්ලිවලින් පොහොසතෙකු වුව දෙනුවන් කීවේම ඇගේ පවුල් පසුබිම තමාට හෝ පවුලේ අයට කිසිම ගාණක් නැති බවය.

සුපිරි වාහනයකින් විශ්වවිද්‍යාලය ළඟට එන දෙනුවන් ඇයව මාස කිහිපයක් තුල නොගිය තැනක් නැත.
ලොකු ලොකු අවන්හල් හෝටල් දුටුවේ තාරුකා දෙනුවන් නිසාය.

දෙනුවන් මට සල්ලි දුන්නා.
ඒ නිසා පෝච්චි බිස්නස් එක මගේ යාළුවට පවරලා දුන්නා.එයා ඒක කරගෙන ගිහින්. ඇය අද හොඳ ව්‍යාපාරිකාවක්.
මම එයාට ඊර්ෂයා කරන්නේ නෑ.
දෙනුවන් මම අවුරුද්දක් දෙකක් විතර ආශ්‍රය කළා.
එයා මගේ හැම විස්තරයක්ම දැනගත්තා. ඒත් අතහැරියේ නෑ. එයාගේ පෙම්වතිය විදිහට යාළුවෝ එකතුවෙන පාටිවලට ගියා.
සමාජශාලාවලට ගියා. මම ටිකක් බොන්නත් පුරුදු වුණා.
එහෙම නැතිව දෙනුවන්ගේ සමාජයේ එයාගේ යාළුවෝ අතර ඉන්න බැහැ.

යාළුවන්ගේ පෙම්වතියොත් සේරම බොනවා.
ඉතිං රෑ වෙනකං පාටිවල ඉදලා පාන්දර මාව එක්කගෙන එනවා.
දෙනුවන් මට එළියෙන් හොදම පහසුකම් තියෙන කාමරයක් අරන් දීලා තිබුණා.

තාරුකාගේ ජීවිතයට ඇයට නෙදැනීම වෙනසකට නතුවෙමින් තිබිණි.
දවසක් දෙනුවන් තාරුකාද සමග ඇගේ ගෙදර ගියේය.
ඇය කී දෙයින් ඔබ්බට යමක් දැනගත්තේ නම් දෙනුවන්ට යථාවබෝධය ලැබුණේ එදාය.

සල්ලාලගමට විනෝදයට ඇබ්බැහිිවූ දෙනුවන් එය සංවේදී ඇසින් බැලුවේදැයි කියන්න අපි ඉක්මන් නොවෙමු.
දෙනුවන් වගේ කෙනෙක් ගෙදර ආවම අම්මා බයවුණා.

අපි ගියේ එයාගේ තාත්තගේ ප්‍රාඩෝ එකේ.
මම කිව්වා අම්මා බයවෙන්න එපා දෙනුවන් හොඳයි කියලා.

මේ විදිහට මාස කිහිපයක් ගත වෙද්දි මට පුදුම වැඩක් වුණා.
තාරු… ඩාලිං අද නයිට් පාටියක් තියෙනවා.. ඔයා එන්න.. දෙනුවන් කිව්වා.
කොහේද..?
එයා කිව්වේ කොළඹ ගාලු පාරේ බීච් එත ළඟ පොඩි හෝටලයක්.. මම ගියා.
එදා ගෑණු ළමයින්ට හිටියේ මමයි තව ගර්ල් කෙනෙකුයි.
එදා හිටපු යාළුවොත් වෙන කට්ටියක්.
ඒත් බය වෙන්න දෙයක් නැහැ. දෙනුවන් ඉන්නවනේ.. මම ඇදන් ගියෙත් ෂෝට් එකකුයි ටීෂර්ට් එකකුයි. එදා කට්ටිය බිව්වා. ඒ බොන අතරේ මමයි අර ගර්ලුයිත් ටිකක් බිව්වා.

ඊට පස්සේ මට වුණු දේ හරියටම මතක නැහැ.
හොදටෝම මට මත්වුණා.
වෙනදට එහෙම කවදාවත් වෙලා නැහැ. මම හිතන්නේ අපි දෙන්නටම මත්වෙන්න මොනවාහරි දෙයක් දැම්මා කියලා.

දෙනුවන්ගේ යාළුවෝ දෙතුන් දෙනෙක් මාව වාහනයකට නංවගත්තා වගේ මතකයි.
පාන්දර මාව රූම් එකට ඇරලවලත් තිබුණා.

මේ සිද්ධිය උනාට පස්සේ පාන්දර මට ගොඩක් අමාරුයි.
මට තේරුනා සිද්ධවුණු දේ. මම දෙනුවන්ට ගත්තා. එයා ආන්සර් කළේ නෑ. සතියක් දෙකක් තුනක් ගියා එයා ආවේ නෑ.
කෝල් ආන්සර් කරන්නේ නෑ. මැරෙන්න තරම් හිතුනා. හම්බවෙන්න ගියත් මගහරින බව තේරුණා.
දැන් මොකද කරන්නේ.. මැරෙනවද..?
අහිංසක අම්මා කුලී වැඩ කරලා විදපු දුකට ශාප කළා වෙනවා.
නංගිලයි මල්ලිලයි බලන්න මට දුන්න වගකීම් ඉෂ්ඨ කරන්න ඕනේ.
මල් ව්‍යාපාරය දිහා බැලුවා.. දැන් ඒක මට අයිති නැහැ.

ෂෝට් කලිසම් ඇදන් නයිට් ක්ලබ් ගිය මට ස්පා එකක් කජ්ජක්ද කියලා කොළඹ ස්පා එකකට සෙට් වුණා.

දෙනුවන් හරහා අදුරගත්ත බෝයි කෙනෙක් මට වියදම් කරන්නම් කිව්වා.
නංගි ඔයා ස්පා එකක් පටන් ගන්න ගර්ල්ස්ලා හොයාගෙන කියලා.
මොන චාන්ස් එකක්ද මේ..
ස්පා එකක් සමග පුරුෂ අවශ්‍යතා පිරිමහන තැනක් පටන් ගත්තා.

ඒත් වැඩි දවසක් ගියේ නෑ. මාව බරපතල චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට පත්වුණා.
මගේ රස්සාව ගැන අම්මලාට විතරක් නෙවෙයි ගමේම ආරංචියි. අද ඒ අය ගමෙන් කොන්වෙලා. මගේ ජීවිතේ එහෙම පිටින්ම විනාශ වෙලා.
මම දැන් සමාජයට වෛර කරනවා…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!