Gossip

රුසියාවේ භූමිකම්පාවක් – පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයටත් බලපෑමක් වෙයිද?

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයට රිච්ටර් මාපංක 6.1 ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවක් බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

භූමිකම්පාව සිදු වූයේ රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට කිලෝමීටර් 600ක් පමණ බටහිරින් පිහිටි ඔක්හොට්ස් මුහුදු පත්ලේ බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

අද අළුයම 1.40 ට පමණ මෙය සිදුව තිබෙන අතර මේවනතෙක් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර නැහැ.

භූමිකම්පාවෙන් කිසිදු දේපොළ හෝ ජීවිත හානියක් නොවුණ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අද දිනයේ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටය පැවැත්වෙන අතර මෙම භූමිකම්පාවෙන් ඒ සඳහා බාධාවක් නොමැති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!