Gossip

ඔයාටම කියලා වාහනයක් තියෙනවානම්, නිවාඩුවකට රට සවාරියක් ගිහින් එන්න හිතනවානම් බදු ගෙවන්නත් බලන් ඉන්න

වාහනයක් නඩත්තු කරන සෑම කෙනෙකුම බදු ගෙවිය යුතු ආදායමක් තිබිය යුතු පුද්ගලයෙකු ලෙසින් සැලකිය හැකි බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසනවා.

කොමසාරිස්වරයා මේ බව පැවසුවේ ඊයේ (05) පැවති උත්සවයක් අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

මේ අතර ලංකාවේ බොහෝ පිරිසක් නිවාඩු සඳහා විදේශ ගත වන බවත්, ඔවුන් ද බදු ගෙවිය යුතු ආදායමක් තිබෙන පුද්ගලයින් ලෙසින් සලකන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කර සිටියේ, ඔවුන් සිය යුතුකම ඉටුකිරීම සඳහා වහාම පැමිණ බදු ලිපිගොනුවක් විවෘත කළ යුතු බවයි.

උපුටා ගැනීම – biz.adaderana.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!