Gossip

පාසල් සිසුවියන් අඳින අභ්‍යන්තර ඇඳුම්වලටත් රජයෙන් වර්ණයක් නියම කරයි

පාසල් ශිෂ්‍යාවන්ගේ අභ්‍යන්තර ඇඳුම්වලට වර්ණයක් නියම කරයි – දෙමපියන් විරෝධතාවයක

පාසල් ශිෂ්‍යාවන් සම්බන්ධව පාසලක් ගෙන ඇති නව ක්‍රියාමාර්ගයකට එරෙහිව ඉන්දියාවේ පූනේ නගරයේ විරෝධතාවක් පවත්වා තිබෙනවා.

ඒ අදාළ පාසලේ සිසුන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන්.

ශිෂ්‍යාවන්ගේ ඇඟලුම් සඳහා අනවශ්‍ය ලෙස පාසල් බලධාරීන් මැදිහත් වීම නිසායි මෙලෙස විරෝධතාවක නියැලී තිබෙන්නේ.

පූනේ නගරයේ අදාළ පාසල ගැහැණු ළමුන් අභ්‍යන්තර ඇඟලුම් සඳහා සුවිශේෂී වර්ණ නිර්දේශ කර තිබූ අතර නිශ්චිත වේලාවකට හැරෙන්නට වැසිකිළි පහසුකම් භාවිතා කිරීම ද සිසුන්ට සීමා කර තිබෙනවා.

නව නියමයන්ට අනුව ශිෂ්‍යාවන් සුදු හෝ හමේ පැහැයෙන් යුත් අභ්‍යන්තර ඇඟලුම් භාවිතා කළ යුතු වන අතර ඇතැම් දෙමාපියන් පවසන්නේ එය දරුවන්ගේ මූලික අයිතිවාසිකම් සහ ගරුත්වයට හානි කිරීමක් බවයි.

ඒ හේතුවෙන් දෙමව්පියන් ඊට එරෙහිව දිවුරුම් පෙත්සමක් අත්සන් කිරීමට සූදානම් වනවා.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධව පරීක්ෂණයක් සිදුකිරීමට මහාරාෂ්ට ප්‍රාන්ත රජය විසින් නියෝග කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් පූනේ පාසල් බලධාරීන් පවසන්නේ අදාළ ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ පාසල් ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව සඳහා බවයි.

පසුගිය කාලසීමාව තුළ ඉන්දියාවෙන් ස්ත්‍රී දුෂණ රැසක් වාර්තා වීම ඊට හේතුව බවයි බලධාරීන් පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!