Gossip

පෙම්වතා සිරකරුවෙකු වුවත් ප්‍රේමය සිරකරන්නට බැරි බව පසක් කරමින් තරුණියක් සිරකරුවෙකු සමඟ යුගදිවියට – Photos

සිරකරුවෝද මනුෂ්‍යයෝ කියලා කියමනක් ඔබත් අහලා ඇති.
වෙබ් ගොසිප් අපි ඔබට කියන්න යන්නෙත් සිරකරුවෙක් වටා බැඳුනු අපූරු කතාවක් ගැනයි.
බන්ධනාගාරගතව ඉන්න සිරකරුවෙක් එක්ක නීත්‍යානුකූලව විවාහ වුණු තරුණියක් අද මංගලය දිනය වෙනුවෙන් බන්ධනාගාරය ඉදිරිපිට තාප්පය අසල තනිව ඡායාරූපයක් ගෙන තිබෙනවා.
පෙම්වතා අනුරාධපුර බන්ධනාගාරයේ සිටියදීයි මෙම තරුණිය විසින් ඔහුව විවාහ කරගැනීමට අවශ්‍ය බව බන්ධනාගර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ.
පසුව මෙම විවාහයට ඇයට අවසර හිමිව ඇති අතර අද උදේ 9.52 බන්ධනාගාර කාර්යාලයේදී රෙජිස්ටාර්වරයෙකු ගෙන්වා ඇය මෙලෙස විවාහ වී තිබුණා.
මෙම දෙපළගේ මංගල ඡායාරූප ගැනීමද බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය කියා සිටියා.
මෙම සිරකරු නිදහස් වන දිනයේදී අදාල ඡායාරූප ලබාගත හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!