Gossip

විරූපී වූ රූපය සැබෑ ආදරයට බාධාවක් නොවූ හැටි – සැබෑ ආදරේ කියන්නේ මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් මේක පෙන්වන්න

ආදරේ කියන්නේ සුන්දර හැඟීමක්.
ඒත් ඒ සුන්දර ආදරය අද ලස්නට, මුදලට වගේම බලයට හිමිවෙන තැනට පත්වෙලා.
ඒත් ඒ වගේ සිද්ධි අතරත් සුන්දර ආදර කතා ඕනේ තරම් තියෙනවා.
මේ කියන්න යන්නෙත් ඒ විදිහේ ආදර කතාවක් ගැනයි.
ටියුරියා පිට් (Turia Pitt) කියන්නේ මොස්තර නිරූපන ශිල්පිණියක්.
ඇයට මීට අවුරුදු 4 කට පෙර ටුරියාට සිදුවුන අනරතුරක් නිසා ඇගේ ලස්සන රූපය ඇයට අහිමි වෙනවා.
කැණීම් පිළිබඳව උපාධියක් ඇය 2011 වසරෙදි ලබාගන්නවා.
පසුව ඕස්ට්‍රේලියාවෙ කිම්බර්ලි ප්‍රාන්තයේ මැරතන් තරගයකට සහභාගිවෙමින් ඉන්න අතරෙදි පඳුරක හටගත්ත හදිසි ගින්නකින් ටියුරියාගේ ශරිරය මුළුමනින්ම පිළිස්සෙනවා.
අවස්ථා ගණනාවකදිම ජීවිතය ඇයට සරදම් කළත් ඇය යළිත් නැගී සිටින්නේ විශ්වාසයත් හියේ ඇති හයියත් නිසාමයි.
පසුව ඇයගේ ජීවිත කතාව ගැන මුළු ලෝකයේම කතා බහට ලක් වෙනවා.
ඒකට හේතුව තමයි ඇයගේ ආදරවන්තයා මයිකල්.
පිළිස්සීමෙන් විරූපී වු ටියුරියාගේ ජීවිතය අත් නොහැර මයිකල් ඇයව විවාහ කර ගන්නවා.
මේ දෙදෙනාගේ ආදර කතාව අදටත් ලොව පුරා කතා බහට ලක්වෙන්නේ ඒ නිසාමයි.
ටියුරියා මයිකල් ආදරයේ තවත් එක් සුවිශේෂි සිදුවීමක් වෙලා තිබෙනවා. ඒ ටියුරියා මව්පදවිය සඳහා සුදසුකම් ලැබීම.
දරුවා ප්‍රසූත කරන්න තවත් තියෙන්නේ දින කිහිපයක් කියලයි වාර්තා වන්නේ.
දැන් ලෝකයම බලාගෙන ඉන්නේ ටියුරියා – මයිකල් ගේ පුංචි සිඟිත්තා දැක ගැනීමේ කැමැත්තෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!