Gossip

පුටින් බලය ලබා ගැනීමට සැරසෙයි

ලබන වසරේ පැවැත්වීමට නියමිත රුසියානු ජනපතිවරණයට තමන් ඉදිරිපත් වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි.

ජනපති පුටින් මේ බව කියා සිටියේ එරට වොල්ගා නගරයේ නිස්නි නොව්ගොරෝඞ්හි මෝටර් රථ නිෂ්පාදන කම්හලක පැවැති උත්සවයකදී එහි කාර්ය මණ්ඩලය සහ රැස්ව සිටි සෙසු පිරිස අමතමින් කළ කථාවේදීය.

‘යළිත් වරක් ජනාධිපති වෙන්න මා අදහස් කරනවා. මම මගේ ඇයැදුම්පත ඉදිරිපත් කරනවා.’ යැයි පුටින් පවසද්දී, රැස්ව සිටි පිරිස අත්පොළසන් දුන්නේ යැයි ද වාර්තා වේ.

පුටින් රුසියාවේ බලයේ සිටින්නේ, 2000 වසරේ සිටය. එක්කෝ ඔහු ජනපති ධුරය හොබවයි නැතිනම් අගමැති ධුරයේ ක්‍රියා කරයි.
පුටින් අගමැති ධුරයේ සිටිද්දී, ජනපති ධුරයට පත්වන්නේ ඔහුගේ සමීපතම සගයා දිමිත්‍රි මෙඞ්වදේව්ය. අද පුටින් රුසියාවේ ජනපති ධුරය හොබවද්දී, අගමැති ධුරයේ කටයුතු කරන්නේ මෙඞ්වදේව්ය.

රුසියානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත ලබන 2018 වසරේ මාර්තු මාසයේය. එම ජනපතිවරණයෙන් ද පුටින් ජයග්‍රහණය කරනු ඇති බවත්, එසේ වුවහොත් ඔහු 2024 වසර වන තෙක් ධුරයේ රැඳී සිටිනු ඇති බවත් පැවැසෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!