Gossip

වයස 90 යි ලිංගික සක්‍රිය මිනිසුන් සිටින දීර්ඝ ආයුෂ ලබාදෙන අපූරු දූපත

තරුණ්‍යයේ දිය උල්පත ඉකාරියා ග්‍රීක් දූපතේ (Ikaria) සැබෑවටම ඇති ලෙසකි. එහි වැසියෝ දීර්ඝ අයුෂ විඳින්නෝ ය. වයස අවුරුදු අනූවක් ගතවීත්, ක්‍රියාශීලී ලෙස තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කරගැනීමට හැකි අය ඉකාරා දූපතේ වෙසෙති. ග්‍රීක මිථ්‍යා කතාවල එන ඉකරස් හිරුට ඕනෑවට වඩා ළංවීමට පියඹා, අත් තටු උණු වී ඒ අසළ මුහුදට වැටුණු බව විශ්වාස කරමින් ඉකාරියා දූපතට නම ලැබී ඇත. සියවසකට වඩා ජීවත්වීමෙ හැකියාවක් ඇති තවත් මිනිසුන් වසන ඉකාරා දූපත වැනි තවත් තැන් හතරක් ගැන ඩෑන් බියුට්නර් (Dan Buettner) ලියා ඇති බ්ලූ සෝන්ස් (Blue Zones) නමැති පොතේ සඳහන් වේ. ජපානයේ ඔකිනාවා (Okinawa in Japan,) සාර්ඩිනියා (Sardinia in Italy,) කොස්ට රීකාහී නිකොයා අර්ධද්වීපය (Nicoya Peninsula in Costa Rica,) කැලිෆොර්නියවේ ලෝමා ලින්ඩා (Loma Linda in California) සහ ඉකාරියා දූපත (Ikaria) දීර්ඝායුෂ වළඳින්නන්ගේ වාසභූමි ලෙස එහි සඳහන් වේ.

සමාන්‍යයෙන් යහපත් ජීවන තත්ත්වයකට ඉඩ ඇතැයි සැලකෙන යුරෝපයේ හෝ අමෙරිකාවේ වැනි රටක වෙසෙන අයට වඩා තව අවුරුදු කිහිපයක් නිරෝගී ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට ඉකාරියා වැසියන්ට හැකි වී ඇත්තේ ඔවුන් තවමත් ස්වාභාවික ලෝකයට කිට්ටුව, හිතකර ආහාරපාන පරිභෝජනය කරමින්, ඇඟපත වෙහෙසන දිනචරියාවකට පුරුදු අය වීම ඔවුන් නිරෝගී අය වීමට හේතුවක් ලෙස පිළිගැනේ. කඳු පල්ලම් නඟිමින් බසිමින් දිනකට කිලෝමිටර කිහිපයක පාගමනක් යන්නට හැකියාව ඇති වයස්ගත ගැහැනුත්, වයස අනූවක් ගතවීත් ලිංගිකව සක්‍රීය පිරිමිත් තමන්ගේ දූපතේ වෙසෙන බව ඔවුහු කියති. වැඩි පුර එළවලු, පලතුරු, රනිල සහ ඔලිව් තෙල්, රතු වයින්, මුහුදු මාළු වැනි කෑම ආහරයට ගැනීමත් දිනපතා කෙටි මධ්‍යාහ්න නිද්‍රාවක යෙදීමත් ඉකාරියාවේ ගැහැනුන් හා මිනිසුන්ගේ ක්‍රමය වේ. තරගයට දුවන ලෝකය සමඟ ඒ තරම් ලොකු සබඳතාවක් නඩත්තු නොකිරීමත් ඉකාරියාවේ වැසියන්ගේ ගතිය වේ.

බ්ලූ සෝන්ස් (Blue Zones) ලෙස හැඳින්වෙන මානව විද්‍යාත්මක සංකල්පය තුළ එවැනි පෙදෙස්වල වෙසෙන මිනිසුන්ට පොදු වූ කාරණා කිහිපයක් ඩෑන් බියුට්නර් (Dan Buettner) සඳහන් කර ඇත. පවුල යනු තමන්ගේ වැඩිපුරම සැලකිල්ල ලැබිය යුතු කාරණය ලෙස සැලකීම, අඩුවෙන් දුම් ඉරීමේ පුරුදු, නිවැරදි ආහාර පුරුදු, යනාදී නොයෙකුත් දේ අතර ඒවායේ වෙසෙන්නෝ ජීවිතයේ බොහෝ කාරණාවලදි ස්ථායි මධ්‍යම ප්‍රතිපදාවක පිහිටීම ඔවුන්ට පොදු වූ අපෙන් වෙනස් වූ විශේෂත්වයයි. කොහොමටත් ආයුෂ අපේක්ෂාව වැඩි ජපානයේ, ඔකිනාවාහි වැසියන් අතර, පුරස්ථිත පිළිකා, පියයුරු පිළිකා, අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි තත්ත්ව අල්ප වේ. ඔකිනාවා වැසියෝ ශාඛමය සහ මුහුදු අහාර වැඩිපුර වළඳති.

එසේ නම් වැඩිපුර කාලයක් නිරෝගීව ජීවත් වීමට ලෝකයේ අනෙක් රටවල වැසියන් තමන්ගේ ජීවන රටා Blue Zone වැසියන්ගේ වාගේ කරගත යුතුද?

විද්‍යාත්මකව ඔප්පු කළ හැකි නිවැරදි යමක් තමන්ගේ ජීවිතය යහපත් කරගැනීමට උපකාර කරගැනීමේ කිසි වරදක් නැති මුත් සත්‍ය වන්නේ විවිධාකාර පැති වල වෙසෙන මිනිසුන්ට විවිධාකාර ජීවන පුරුදු තිබීමයි. චීස්, ඔලිව් තෙල් වළඳන මධ්‍යධරණී ඉකාරියා වැසියන් මෙන් නොව ජපානයේ ඔකිනාව වැසියෝ කිරි අහාර භාවිත කරන්නේ අඩුවෙන්ය. නමුත් ඔවුන් සියල්ලන්ගේම පැවැතුම සලකා බලද්දී අපට ගැළපෙන ඒවා තොරා ගැනීම අපහසු නොවේ. අධික මේදය සහිත අහාර නොගැනීම, දුම් ඉරීමෙන් වැළැකීම, එළවළු පලතුරු වැඩිපුර කෑමට ගැනීම, නිතර රැස් වී සතුට බෙදා ගැනීම, පවුල තමන්ගේ සැනසීම ලෙස සැලකීම අප කාටවත් අහිතකර විය නොහැකිය. බෙහෙත්, පොහොර, හෝර්මෝන අධික ලෙස යොදා නිපැදවූ කල් තියාගන්නා ආහාරපාන පරිභෝජනය කරමින්, ඇඟ වෙහෙසා ක්‍රියාකාරකම්වල නොයෙදෙමින් කාර්යබහුලව නොසැලකිලිමත් ජීවන රටාවක යෙදෙද් දී අපට වැදගත්, හොඳම දේ අතපසු වෙනවා විය හැකිය.

කෑම, බීම ව්‍යායම නිරෝගී බවේ ප්‍රධාන කොටස් වුවත්, ඉහත සඳහන් කළ කලාපවල වෙසෙන්නෝ දීර්ඝායුෂ විඳීමේ බලපොරොත්තුවෙන්ම තමන්ගේ චර්යාවන් පුරුදු නොකළෝය. ඔවුන් අල්පේච්ජ පැවත්මක යෙදීම නිසා ඔවුන්ට දිගු නිරෝගී ජීවිත ගෙවන්නට හැකි වී ඇත. සිත පිරිසිදු වීම, මනසේ නිරෝගී බව සැමටම වඩා වැදගත් බව වයස්ගත ගැහැනියක් කියන්නීය. එසේ නැතිනම් බොහෝ කල් ජීවත් වන්නේ කුමකටද?

අප දිනෙන් දින දියුණු වන්නේ යැයි සිතන නිසා ඉකාරියා වැසියන් සහ අනෙක් වැසියන් මෙන් ලෝකයේ අනිත් අය පවා නිරෝගී සැනසුම සහිත දිගු ජීවිත ලබන්නන් වීම සිදු විය යුතු වූවත් ඇත්තටම අප අවධානය යොමු කළ යුතු කාරණය නම් මේ පෙදෙස්වල ඉන්නා අය පවා කෙටි ආයුෂ ඇති ලෙඩ රෝග ඇති අය බවට පත් වීම සිදු වීමට ඉඩ ඇති වීමයි. ඉකාරියා දූපතේ පළමු සුපිරිවෙළඳ පොළ පිහිටුවා අවසන්ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!