Gossip

ඉන්දියාවේ ව්‍යසනයක් වී ඇති ගර්භාෂ කුලියට දීම

වෙනත් කාන්තාවක වෙනුවෙන් ගර්භාෂය කුලියට දීමේ සංකල්පය බොහෝ ඉන්දියානුවන්ට අප්‍රිය වූවත් කාලය එය වෙනස් කරමින් පවතී. අද එරට විවාහක මෙන්ම අවිවාහක කාන්තාවෝද ගර්භාෂය කුලියට දීමට කැමැත්තෙන් සිටිති.
එක්දහස් නමසිය හැත්තෑ හය කාලයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ යුවළක් තමන්ගේ දරුවෙකු වෙනත් කාන්තාවකගේ ගර්භාෂයෙහි වැඩෙන්නට සැලැස්වීමත් සමග ආරම්භ වූ මෙම ක්‍රියාදාමය වඩාත් ව්‍යාප්තව ඇත්තේ ඉන්දියාවේය.

ජීව විද්‍යාත්මක හේතු නිසා තමන්ගේ ගර්භාෂයෙහි දරුවකු වර්ධනය කර ගැනීමට නොහැකි බැවින් ධනවත් විදේශිකයෝ දරුවෙකු ලබාගැනීමට නිත්‍යානුකූල නොවූ ඉන්දියානු ළදරු තවාන් වෙත ඇඳී එති. එනිසා එරට කාන්තාවන්ට තම ගර්භාෂය කුලියට දීමේ හැකියාව ලැබි ඇත.
ඉන්දියානු කාන්තාවන්, එසේ තවකෙකුගේ දරුවකු තම කුස තුළ දරාගෙන, එම ගර්භණී භාවය උදෙසා ඩොලර් අටදාහක් පමණ උපයාගනී. සමහර රටවල මෙය නීත්‍යානුකූල නොවූවද, ඉන්දියාව තුළ එය මැඩපවත්වන නීතියක් නැත. නමුත් එය නීත්‍යානුකූල රටවල් ඇත. නමුත් ඉන්දියාවේ තරම් අඩු මුදලකට වෙනත් රටකදී එය සිදුකර ගත නොහැක.

මෙම ආයතන වෙත එන කාන්තාවෝ සාමාන්‍යයෙන් ඉන්දියාවේ දුගී බවේ පත්‍ලේම පසුවන්නෝ වෙති. මෙම කටයුත්තෙන් ඔවුන් ලබන මුදල ඔවුන්ගේ ජීවිතයේ විශාල පෙරළියක් ඇති කරයි.
අකන්ක්ෂා මඳසරු සායනය, ඉන්දියාවේ ප්‍රකට ළදරු තවානකි. පසුගිය අවුරුදු දහය පුරාවට ඔවුන් විදේශිකයන් උදෙසා ඉන්දීය කාන්තාවන් දහකගේ පමණ ගර්භාෂ කුලියට ලබා දී ඇත. මෙම කාර්යයෙන් ඔවුන් ලබන මුදල ඔවුනට කෙතරම් වටනේද කිවහොත් එක් මවක් අවස්ථා දෙකකදී තම ගර්භාෂය කුලියට ලබාදීමෙන් ලද මුදලින් තම දිළිඳු පැල්පත වෙනුවට දෙමහල් නිවාසයක් සාදාගෙන ඇති අතර, තම සැමියාට කිරීමට සිදුවූ බරපතළ සැත්කමකට යන වියදම දරාගෙන ඇත. මෙම මුදල් නොලැබුණේ නම් ඒ සියල්ල ඔවුනට සිහිනයකි.

අකන්ක්ෂා මඳසරු සායනය ඉන්දියාවේ සංචාරක ව්‍යාපාරයේ අතුරු ඵලයක් ලෙස හදිසියේ දියුණුවූ ව්‍යාපාරයකි. නිසරුබව නැතිකර ගැනීම සඳහා මෙන්ම තමන්ගේ කලලයක් වෙනත් කාන්තාවකගේ ගර්භාෂයෙහි වර්ධනය කර ගැනීම සඳහා සංචාරකයෝ ඉන්දියාවට පැමිණෙති. ඖෂධ, ශල්‍ය වෛද්‍යවරයාගේ ගාස්තුවද සමග එවැනි එක් දරු ගැබක් වර්ධනය කර ගැනීම සඳහා ඉන්දියාවේදී ඩොලර් 15,000කට ආසන්න මුදලක් වැය වෙයි. ඇමෙරිකාවේදී මෙවැන්නක් සඳහා ඩොලර් 75,000ක් වැය වෙයි.

අකන්ක්ෂා මඳසරු සායනය පිහිටි බටහිර ගුජරාතයේ කිරි ව්‍යාපාරික පවුල් 15,000ක් අතර මෙම ගර්භාෂ කුලියට දීම ඉතාමත් ජනප්‍රියව ඇත. ඔවුනට ඩොලර් 5000- 8000 ක මුදලක් ගෙවනු ලැබේ. එය ග්‍රාමීය ඉන්දියානුවකු වසර දහයක දී උපයන මුදලට වඩා වැඩිය.

ජීව විද්‍යාත්මක හේතු නිසා සම්පූර්ණ ගර්භණී කාලයක් ගත කළ නොහැකි කාන්තාවන් සඳහා, වෙනත් කාන්තාවක් නිශ්චිත කාලයක්, කලලය තම කුස තුළ දරාගෙන දරුවකු ලබාදීම මුල් කාලයේ සිදුවූයේ සමීප ඥාතීන් අතරය. නමුත් ප්‍රකට ස්ත්‍රී රෝග විශේෂඥවරයකු වන කමලා සෙල්වරාජ් පවසන්නේ, දැන් එය ඉන්දියාවේ නිරන්තර වෘත්තීයක් බවට පත්ව ඇති බවය.

නමුත් ගර්භාෂය කුලියටදී වෙනත් අයෙකුගේ දරුවෙකු දරා සිටින ගර්භණී කාන්තාවක විසින් දරන ශාරීරික හා මානසික වෙහෙස ඔවුන් කිසිවෙක් සිහිපත් කරන්නේ නැත. ජායිපූර්හි, වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහත්මා ගාන්ධි ආයතනයේ වෛද්‍ය මෝහන්ලාල් ස්වර්ණකර් වෙනත් අයෙකුගේ දරුවෙකු කුසයෙහි දරා සිටීමට වෛද්‍ය පහසුකම් ලබාදීම පිළිබඳව බලවත් සේ විරුද්ධය.

ගර්භාෂ කුලියට දීම සමස්ත සදාචාර පද්ධතියටම අහිතකර ලෙස බලපානවා. එයින් මතුවන ආචාර විද්‍යාත්මක සහ මානසිකව ඇතිවන උග්‍ර ප්‍රශ්නවලට පහසු උත්තර නැහැ. ඔහු පවසයි.
මේ අතර තරුණ සෞඛ්‍ය සම්පන්න විවාහක කාන්තාවන් අතර වර්ධනය වන ව්‍යසනයක් ගැනද ඔහු කියයි. සමහර තරුණ විවාහක කාන්තාවන් තමන්ගේ රැකියාව අනුව තමන්ගේ කුසෙහි දරුවෙකු දරාගෙන සිටීමට අකමැතියි. එනිසා ඔවුන් වෙන කෙනෙකුට මුදලක් ගෙවා තම අවශ්‍යතාවය ඉටු කර ගන්නවා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!