Gossip

ශ්‍රී ලංකාවේ ප්‍රභල භූ කම්පනයක් සමග සුනාමි අවදානමක්..?

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දියන් සාගරයේ රටවල් 11 ක දරුණු භූ කම්පනයක් ඇතිවීමේ අවධානම්ක් ඇතැයි ඉන්දියාවේ භූ විද්‍යා හා අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයක් අනතුරු අගවා ඇති බවට සඳහන් කරමින් අන්තර්ජාලය පුරාම පුවත් පැතිර යනවා.

මෙම භූ කම්පනය දෙසැම්බර් 31ට ප්‍රථම ඇතිවීමේ හැකියාවක් ඇති බවත් එහිදී එම රටවල් වල වෙරළබඩ ප්‍රදේශවලට දැඩි හානියක් ඇතිවීමේ අවධානමක් ඇති බවත් එම පර්යේෂණ ආයතනය පෙන්වා දී ඇති බවත් එහි දැක්වෙනවා.

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත වාර්ථාවක් ලබාදෙමින් ඉන්දීය භූ විද්‍යා හා අභ්‍යවකාශ ආයතනයක් මෙම අනතුරු ඇගවීම සිදුකර ඇති අතර ශ්‍රීලංකාව, ඉන්දියාව, පකිස්තානය, චීනය, ජපානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, තායිලන්තය, ඉන්දුනීසියාව හා ගල්ෆ් කලාපීය රටවල මෙම භූ කම්පනය ඇතිවිය හැකි බවයි එම පුවත්වල දැක්වුණේ.

මෙම භූ කම්පනය ඇති වුවහොත් අදාළ රටවල මුහුදුබඩ සීමාව වෙනස්විය හැකි බවද සඳහන්. එමෙන්ම මෙම භූ කම්පනය ඇතිවන කාලයේ අධික වැසි පතිත වන බවත් පැයට කිලෝමීටර 120 -150 ත් අතර වේගයෙන් සුළං හමන බවත් එම වාර්ථාවේ සදහන්.

මේ ගැන වෙබ් ගොසිප් අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්ද විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු අප සමඟ පැවසුවේ භූ කම්පනයක් ගැන කල්තියා අනතුරු ඇඟවීමක් සිදු කළ නොහැකි බවත් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවත්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ලොව කුමන හෝ ස්ථානයක භූ කම්පනයක් සිදුවන බවත් අපට අදාල වන්නේ 6.5 කට වැඩි භූකම්පනයක් සිදුවුවහොත් පමණක් බවත්ය.

මේ දින කිහිපය තුලදීම මෙම පුවත් සම්බන්ධයෙන් නිරන්තරයේනම තම ආයතනයෙන් ජනයා විමසීම් කළ බවත් අනිසි බියක් ඇති කරගැනීමට අවශ්‍ය නැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!