Gossip

“මමත් ආදරවන්තියක් වෙලා කාලයක් හිටියා. ඒ ආදර කතාව දැන් ඉවරයි. මම දැන් සින්ගල්”

2013 දෙරණ මිස් ශ්‍රී ලංකා වෙලා රංගනයට පිවිසුනු අද හැමෝම දන්න චරිතයක් තමයි තනාෂා හතරසිංහ.
ඇය දැන් නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා. ඒ වගේම මිසුයික් වීඩියෝවල ටෙලි නාට්‍ය වගේම චිත්‍රපට ක්ෂේත්‍රයටත් ඇය දැන් පාතබා අවසන්.
නතාෂගේ අලුත්ම තොරතුරු ගැන සතිඅන්ත පුවත්පතක පලවෙලා තිබුණේ මේ විදිහට.

ඔබ රංගන ශිල්පිනියක් විදිහටනේ මුලින්ම ක්ෂේත්‍රයට ආවේ. කොහොමද ඒ ගමන පටන් ගත්තේ?
මම 2013 දෙරණ මිස් ශ්‍රී ලංකා වෙලා ඒ සමගම දෙරණ තිමිර ගිර ටෙලි නාට්‍යයේ රඟපෑවා. පස්සේ මම ලෝක සුරූපිනියන්ගේ තරගාවලියට සහභාගි වුණා.

ඒත් එක්කම සහෝදර රංගන ශිල්පී රොෂාන් රණවන අයියාගේ නිර්දේශයට අනුව, රන් දේදුන්නයි කියන චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑවා.

ජනප්‍රිය වගේම දක්ෂ නළුවෙක් වන රොෂාන් අයියා එක්ක මුල් වරට රඟපාන්න ලැබිමත් මට වාසනාව ගෙන ඒමට හේතුවක් වුණා.

මොනවාද ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්නට ලැබෙන ඔබේ නිර්මාණ?
මොහාන් නියාස්ගේ බඹර වසන්තේ සහ චන්න පෙරේරාගේ පුංචි වීරයෝ කියන චිත්‍රපට දෙකේම ප්‍රධාන චරිතෙට පණ දුන්නේ මමයි.

මේ චිත්‍රපට දෙකම ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. ටෙලි නාට්‍යය වලටත් බොහෝ ආරාධනා ලැබුණා.

නමුත් ඒ ආරාධනා ගැන මට සැහිමකට පත්වෙන්න බැරි වුණ නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා.

මම වැඩිපුර කැමති සිනමාවටයි. ඒත් හොඳ ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණොත් ඒ ගැන හිතලා බලනවා.

ඔබේ ආදරණීය රසික රසිකාවියන්ට දැන ගන්නත් එක්ක පවු‍ලේ විස්තර ගැන කිව්වොත්?
මගේ අම්මා ආශා හතරසිංහ, තාත්තා රුවන් හතරසිංහ, ඔහු ව්‍යාපාරිකයෙක්. මම නංගිලා තුන්දෙනාගේම ලොකු අක්කා.

ඒහින්දා හැම වේලාවේම මම ගොඩක් හිතලා තමයි වැඩ කරන්නේ. ලොකු අක්කා විදිහට නංගිලා තුන් දෙනාටම ආදර්ශයක් වෙන විදිහට ජීවත් වෙන්න තමයි නිතරම උත්සාහ කරන්නේ.

කලින් නම් මමත් ආදරවන්තියක් වෙලා කාලයක් හිටියා. ඒ ආදර කතාව දැන් ඉවරයි. මම දැන් සින්ගල්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!