Gossip

මොලය මැරුනු නමුදු හදවත ගැහුනු තම පුතුගේ හදවතින් තවත් ජීවිතයක් ජීවත් කළ උතුම් මිනිසෙකුගේ කතාව

අපේ රටේ වෛද්‍ය ඉතිහාසය වෙනස් කරමින් සිදුකළ පළමු හදවත් බද්ධ කිරීමේ සැත්කමක් මහනුවර රෝහලේදී සාර්ථකව සිදුකර තිබුණා.
එම හදවත් බද්ධ කිරීමේ සැත්කම ඇතුලේ තියෙන සංවේදී කතාවක් ගැන අපිට අහන්න ලැබුණා.
ඒ මොලය මැරුණත් හදවත ගැහුනු තම පුතාගේ සහෝදරයාගේ හදවත තවත් ජීවිතයකට පණ දෙන්න පුළුවන් වුණු උතුම් මිනිසෙකු ගැනයි.
රිය අනතුරක් නිසා බරපතල තුවාල ලබපු 23 හැවිරිදි තරුණයෙකුගේ මොලය මියගිය බවට තහවුරු වුණු පසු එම තරුණයාගේ හදවත 36 හැවිරිදි කාන්තාවකට බද්ධ කර තිබුණා.
මේ ඒ පුවත ඇතුලත සැඟව තිබු සංවේදී කතාවයි.
අපේ මල්ලි අපිව දාලා ගිහින් දවස් හතයි අදට.විසේකාරයා එපා කියද්දිම රේස් පදින්න පුරුදු වුනා.රේස් එකට ඔන්න මෙන්න තියෙද්දින් බයික් එක ඇක්සිඩන්ට් වුණා.තාත්තා ඔපිස් එකේ කොච්චර වැඩ කරලාද අපිව ජීවත් කරවන්න ඔය සොච්චම් පඩිය ගන්නේ.ඒ තියෙද්දිත් ලක්ෂ පහක ලෝන් එකක් දාලා මල්ලිට බයික් එකක් අරන් දුන්නෙ මල්ලිගෙ කන්දොස් කිරියාව ඉවසන්න බැරි නිසා ⁣නෙවෙයි.මල්ලි කෑම වර්ජනය කරපු නිසා.තරහ අම්මා එක්ක පිරිමහපු නිසා.ආදරය,දුක,සතුට,අවබෝධය,විශ්වාසය ඔය හැම එකම තියන එකම තැන කොහෙද ඇහව්වොත් මං කෙලින්ම අම්මයි අප්පච්චියි දෙන්නවයි පෙන්නන්නේ.
“දැන් ලෝන් එකෙ වාරිකෙත් පඩියෙන් කැපෙන නිසා හවස පැයෙන් පස්සෙත් පැයක් වත් වැඩ කරන්න මහත්තයාට කියලා හදාගන්න වෙයි නෝනේ..”
අප්පච්චි මෙහෙම අම්මාට කියද්දිත් මට හීල්ලිලා ගියා.මං ගැනත් මට ලැජ්ජාවක් ඇති වුණා.අවුරුදු විසි පහක්ම ගෙදරින් කකා බිබී ඉන්නෙක සෙල්ලං නෑනෙ අද කාලෙ.එක්කෝ කසාදයක් බැඳලා ගෙදරින් යන්නෝන.මට අම්මා අප්පච්චි ගැන වගේම මං ගැනත් දුකයි.
හැමදේම දිහා උපේක්ෂාවෙන් බලන අප්පච්චි මල්ලිගෙ නිසොල්මන් දේහය දිහා බලාගෙන අම්මා වගේ ඇඩුවෙ නෑ.හැබැයි ඇස්වල කඳුළු තිබුණා.ඒත් මාත් අම්මාත් දෙන්නම දන්නවා අපිට වැඩියෙන් ඇඬුවෙ අප්පච්චි කියලා.
අපි පුංචිම කාලෙ අපිට අප්පච්චි හවසට බූන්දි ⁣ගෙනාවම මල්ලිගෙ ටික ඉක්මණට කාලා අම්මා⁣ ගාවට දුවලා අම්මගෙ පංගුවටත් විදලා ඉස්සරහා හාන්සි පුටුවෙ හාන්සි වෙලා ඉන්න අප්පච්චි ගාවට දුවලා ගිහින්
” අප්පච්චි එන්නකො පඩියට.. ”
කියලා මල්ලි අප්පච්චි පඩියෙ ඉදගත්තම සරමෙ ඔක්කොට යනවා.අම්මා තේ එකක් අරන් අප්පච්චි ගාවට ඇවිත් බූන්දි ටික දුන්නම එයින් වැඩහරියක් කන්නෙත් මල්ලි.
පඩි දාට මල්ලිට සෙල්ලම් කාර් එකක් ඒකාලෙ තාත්තා වැරදුවේම නෑ.මල්ලිගේ කාමරේ කබඩ් එක පුරාවටම ඒවා එකතු කලා.
මං දැක්කා අප්පච්චී ඊයෙත් ඒවා දිහා බල බල හූල්ලනවා.මල්ලිට පුංචි කාලෙඉදලම තිබුනෙ රථගාය.
” දුවේ මල්ලි නම් ගිය ආත්මේ බස් ඩ්‍රයිවර් කෙනෙක්ද කොහෙද කියලා..”
මා එක්ක නිතරම කිව්වා.
යන්තන් අවුරුදු දහඅට වෙද්දි මල්ලි ලයිසන් එකත් අරන්.
අප්‍රේල් මාසෙ දියතලාවෙ නැන්දලා දිහා ගියාම අනිවාර්යෙන් නරියා කන්දෙ රේස් බලපු පොඩි කාලෙ ඉදලම මල්ලි කිව්වෙ..
අප්පච්චි මමත් කවදාහරි ගයාන් සදරුවන්,ෂෙහාන් සී අධ්කාරි වගේ වෙනවා කියලා..
පෙරලා අප්පච්චි කිව්වේ
පුතේ උඹ; උඹ වෙයං.. කියලා..
මල්ලිගෙ මතක වස්ත්‍ර පූජාවට මල්ලි දහම් පාසල් ඇන්ද සරමම පූජ කරමු කිව්වෙ අප්පච්චි.අලුත් සුදු රෙදි කෑල්ලක් කඩෙන් ගෙනත් පූජ කරනවට අප්පච්චි අකමැති වුනා.තාත්තා දෙතුන් පාරක් ඒ සරම ඉම්බා මං දැක්කා.තාත්තා⁣ට මල්ලිගෙ සුවඳ දැනෙනවා ඇති.
ඒත් හාමුදුරුවන්ගෙ නම් මූණ පොඩ්ඩක් අඳුරු වුනා.මතක වස්ත්‍රය පරණ නිසාද කොහෙද..
ලක්ෂ පහක් වියදම් කරලා මල්ලිට බයික් එක අරන් දුන්නු දවසේ මල්ලිගේ සතුටට වඩා සතුටක් මං අප්පච්චිගෙ ඇස් වලින් දැක්කා.ඒත් මල්ලි මෙච්චර ඉක්මණට අපිව බයික් එකෙන්ම අපිව දාලා යයි කියලා අප්පච්චි කවදාවත් හිතන්න නැතුව ඇති..
” ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඉතිහාසයේ විශේෂ කඩඉමක් සනිටුහන් කරමින් ප්‍රථම සාර්ථක හදවත් බද්ධය සිදුකෙරේ ”
මේ ප්‍රවෘත්තිය ඇහෙද්දි වැඩියෙන්ම සතුටුවෙන්නේ අප්පච්චි බව මං දන්නවා.අප්පච්ච් කිව්වේ අපි මල්ලි වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම පිංකම කරා දුවේ කියලා.
මල්ලිගෙ හදවත අරන් අද ජීවත් වෙන කෙනො කොයිතරම් වාසනාවන්තද කියලා කවදාවත් අඬපු නැති අප්පච්චි කිව්වේ එදා කඳුළු හොරෙන් පිහිද ගන්න ගමන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!