Gossip News

කොවිඩ් දෙවන රැල්ලේ මූලාරම්භය ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

මේ වනවිට පවතින්නා වූ කොවිඩ් දෙවන රැල්ලේ මුලාරම්භය විදේශ රටකින් පැමිණියාක් වියහැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ කන්දකාඩු කොවිඩ් සම්බන්ධතාවයේ අවසාන සොයා ගැනීම තිබුණේ අගෝස්තු මාසයේ බවයි.

තව දුරටත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරන්නේ ” ඒ අනුව මෙරට සමාජය තුළ කොවිඩ් තිබුණේ නෑ. කොළඹ ප්‍රදේශය ගත්තත් සමාජයෙන් ආපු අවසාන පුද්ගලයා හිටියේ අප්‍රේල් මාසේ 30වැනි දා. විදේශ රටවලින් ලංකාවට පිරිස් පැමිණියා. මුහුදු කටයුතු සම්බන්ධයෙන් විදේශ රටවලින් ආපු 06දෙනෙක් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙලා තියෙනවා. ඒ අනුව බැලුවාම යම්කිසි ආකාරයක සොයා ගැනීම් අපි කරලා තියෙනවා. නමුත් අවසන් වශයෙන් ස්ථීර වෙනකම් කියන්න හැකියාවක් නැති තත්ත්වයක් තියෙන්නේ.” යනුවෙනි.

අද (18) උදෑසන දෙරණ අරුණ රුපවාහිනී වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!