Gossip News

රක්ෂණ සමාගමක කොරෝනා රෝගියෙක් වැඩට ගෙන්වයි

පීපල්ස් රක්ෂණ සමාගමේ හැව්ලොක් හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ සේවකයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවත්, එම ආසාදිතයාට සේවයට වාර්තා කරන ආයතනයෙන් බලපෑම් කර ඇති බවට සමාජ මාධ්‍යජාලවල සංසරණය වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම සමාගම පවසයි.

සමාජජාලවල සංසාරණය වන එම පණිවුඩයේ සදහන් වන පරිද ජා-ඇල ප්‍රදේශයේ පදිංචි සිසිර ධර්මසේන නමැති පුද්ගලයෙකුට මෙලෙස සේවය වාර්තා කරන ලෙස බලපෑම් සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් අප පීපල්ස් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි දීපාල් අබේසේකර මහතාගෙන් විමසීමක් සිදු කළේය.

ඔහු පැවසුවේ එලෙස කිසිදු තත්ත්වයක් ආයතනය තුළ සිදුවී නොමැති බවත්, වෘත්තීයමය මට්ටමේ සේවයක් සිදුකරන තමන්ගේ ආයතනයේ කීර්ති නාමයට හානි කිරීම සදහා ඔහුගේ දුරකථන අංකය ද සහිතව කිසියම් පුද්ගලයෙකු ද්වේශසහගත ලෙස සිදුකරන මඩ ප්‍රචාරයක් බවත්, ඔහු වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.

අරුණ පුවත්පත..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!