වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ප්‍රදේශ හතරක පුද්ගලයින් 18කට කොවිඩ්-19 වෛසරය ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබේ.
වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි ඒ. ඇසුන්ටා මහත්මිය පැවසුවේ එම ආසාදිතයින්ගෙන් 9දෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනයේ සේවකයන් වන බවයි.
මෙම ආසාදිතයින් වත්තල, හැදල කෙරවලපිටිය, බලගල, හේකිත්ත සහ වැලිසර කොට්ඨාස වල පදිංචිකරුවන් වේ.
ඔවුන් පිරිස මේ වන විට ප්‍රතිකාර සදහා යොමු කර තිබේ.
මේ අතර කෙරවලපිටිය ප්‍රදේශයේ සාමාජිකයන් 52ක් ස්වයං නිරෝධායනය සදහා යොමු කර ඇත.