Gossip News

ගත වූ පැය 24ට ඇඳිරිනීතිය කැඩූ 11ක් අත්අඩංගුවට

ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 11දෙනෙකු ගත වූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇත.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලයතුල ඉරිදා දින සිට මේ දක්වා ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 135 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වී ඇත. මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

එමෙන්ම ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඖෂධ සැල් ඇතුළු කිසිදු වෙළෙඳසැලක් විවෘත කිරීම සපුරා තහනම් වන බව මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කරනවා.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළෙඳසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් හෙට (15) දිනයේ තීරණයක් ගැනීමට නියමිතයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!