Gossip News

වාර ප්‍රවේශපත්‍ර නැති අයටත් දුම්රියේ යන්න අවසර

රැකියා කරන ස්ථානයේ අනන්‍යතාවය සහිත දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නොමැති සේවක සේවිකාවන්ට දුම්රියේ ඇති ඉඩකඩ අනූව ගමන් කිරීමට පහසුකම් සලසා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල ඉල්ලීම් මත ආසන වෙන් කරන ලද සේවක සේවිකාවන්ට අමතරව මෙසේ ගමන් කිරීමට අවසර ලැබෙන්නේ මුලින් පැමිණෙන පිරිස් සදහා බව ද ඔහු පැවසීය.

අද දිනයේ පිට පළාත්වල සිට කොළඹට ධාවනය වූ දුම්රිය 10 ක මගීන් 2776 දෙනෙකු පැමිණ ඇතැයි ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!