Gossip

ජීවිතයේ යම් කඩඉමකට පැමිණි අයෙකුගෙන්, උපාධියක් නැතිදැයි විමසීම අපේ සමාජයේ පුරුද්දක්.. ඇත්තටම සාර්ථක වෙන්න උපාධියක් ඕනමද..?

උපාධියක් ලබා ගැනීම ජීවිතය සාර්ථක කර ගැනීමක් ලෙස ඇතැමුන් අර්ථකථනය කරණවා.
ජීවිතයේ යම් කඩඉමකට පැමිණි අයෙකුගෙන් … උපාධියක් නැතිදැයි විමසීම අපේ සමාජයේ පුරුද්දක්..

ඇත්තටම සාර්ථක වෙන්න උපාධියක් ඕනමද ?
උපාධියක් නැති පිරිස් දක්ෂයින් නොවේද ?
යමෙක් දක්ෂයෙක් නම් ඔහු අනිවාර්යයෙන්ම උපාධියක් ලබා ගත යුතුමද ?
උපාධියක් නොමැතිව , ලොව අංක එකේ උපාධි ලාභීන් දහස් ගණනක් මෙහෙයවන පුද්ගලයින් පස් දෙනෙකු පිළිබද මේ අනාවරණය තුලින් ඔබේ ඉහත ප්‍රශ්න වලට විසදුම් ලැබෙනු ඇත.

01 ) බිල් ගේට්ස් – මොහු ලොව ධනවත්ම මිනිසා වන අතර 1973 වසරේදී හාර්වඩ් විශ්ව විද්‍යාලයේ උපාධිය අතහැර දමා
මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කර දිරියෙන් ජීවිතය දිනූ අයෙකි.

02 ) ස්ටීව් ජොබ්ස් – මොහු සියවසේ මිනිසුන් අතරින් අයෙකි. ඇපල් පරිගණක සමාගමේ නිර්මාතෘවරයා වන ඔහු මීට ටික කලකට පෙර
අභාවප්‍රාප්ත විය. උපාධියක් නොමැති මොහු ලොව දෙවන විශාලතම පරිගණක සමාගම බිහි කලේ , නිවසේ
ආරම්භ කල කුඩා ව්‍යාපාරයකිනි.

03) ජෙසිකා ඇල්බා – ජනප්‍රියම හා දක්ෂ රංගන ශිල්පිනියක මෙන්ම ව්‍යාපාරික කාන්තාවකි. අමෙරිකාවේ ධනවත්ම කාන්තාවන් අතර රැදී
සිටින ඇය පවසන්නේ උසස් අධ්‍යපනය අතහැර උත්සාහයෙන් ජීවිතය ඇරඹීම සිය ජයග්‍රහනයේ අඩිතාලම බවයි.

04 ) රිචඩ් බ්‍රැන්සන් – හිතුවක්කාර තීරණ ගන්නා සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස නම් දරා සිටී. වසය 16 දී උසස් අධ්‍යාපනය අතහැර
වෙනස්ම ආකාරයේ ආන්දෝලනාත්මක වර්ජින් නාමය ලොවට හදුන්වා දුන් මොහු අද ලොව ප්‍රමුඛ ධනවතෙකි.

05 ) මාක් සකර්බග් – ලොවම වසගයට ගත් ෆේස්බුක් සමාජ සබදතා ජාලයේ හිමිකරුයි. හාර්වඩ් සරසවියේ උපාධිය අහිමි වන මොහු
සිය මිතුරන් කිහිප දෙනෙකු සමග එක්ව සමාජ ජාලයක් ගොඩ නැගීය. දැන් එය ලොවම වසා සිටී.

මෙම සෑම පුද්ගලයෙකුගේම එක් සුවිශේෂීතාවයක් තිබේ.
එනම් කෙතරම් සාර්ථක වුවද , මුදල් තිබුණද , කල නොහැකි දෙයක් නොවූවද , මොවුන් කිසිවෙකු පසුකාලීනව හෝ උපාධියක් ලබා ගැනීමට උත්සුක වූයේ නැත.
ඇතැම් විට එය මොවුන්ගේ නොබිදුනු සාර්ථකත්වයේ රහසක් විය හැක…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!