Gossip

ජනප්‍රිය නිළි රොෂානාට සුඛෝපභෝගී මෝටර් රථයක් දෙන බව පවසා ලක්ෂ ගණනකට විදපු චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා අත්අඩංගුවට

රොෂානා ඔන්ඩච්චි ගෙන් රුපියල් ලක්‍ෂ දහයක මුදලක් වංචා කළ බව කියන චිත්‍රපට අධ්‍යක්‍ෂ අතුල ඉද්දමල්ගොඩ නමැත්තා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් ඊයේ (13දා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ චිත්‍රපට අධ්‍යයක්ෂවරයා එම මුදල ලබාගෙන ඇත්තේ සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයනය කර දෙන බව පවසමින්.

ඒ අනුව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට 2017 ඔක්තෝබර් 28 වැනි දින කරන ලද පැමිණිල්ලට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් රංගන ශිල්පිනිය බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලද නියෝග අනුව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මඟින් සිදුකළ පරීක්‍ෂණවලින් අනතුරුව සැකකාර චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා කොහුවල ඔහුගේ කාර්යාලයේදී අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මාස තුනක් ඇතුළත විදේශ රටකින් මෝටර් රථයක් ආනයනය කර දෙන බව පැවසූ අධ්‍යක්‍ෂවරයාට 2016.09.21 දින එකී මුදල ලබා දුන් බව රංගන ශිල්පිනිය විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්.

එම මෝටර් රථය ලබා දෙන තෙක් බව පවසමින් අධ්‍යක්‍ෂවරයා තමන්ගේ පරිහරණය සඳහා පාවිච්චි කරන ලද වෙනත් මෝටර් රථයක් ලබාදුන් බව ද ඇයගේ පැමිණිල්ලේ සඳහන්. මාස තුනක් ගත වූ පසුව ද ආනයනය කර ලබාදෙන බව කියූ මෝටර් රථය ලබා නොදී පරිහරණය සඳහා ලබා දුන් මෝටර් රථය බලහත්කාරයෙන් රැගෙන යෑමට උත්සාහ කළ බව රංගන ශිල්පිනිය පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන් වෙනවා.

2017.02.17 දින සැකකාර චිත්‍රපට අධ්‍යක්‍ෂවරයාගේ හිතවතකු පැමිණ එම මෝටර් රථය තමාගේ භාරයෙන් රැගෙන ගිය බවද රංගන ශිල්පිනිය පවසා තිබෙන අතර තමන්ගෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ දහය වෙනුවට බොරැල්ලේ රාජ්‍ය බැංකුවකට අයත් ගිණුමකින් මුදල් ලබා ගන්නා ලෙස දන්වමින් එම මුදලට සරිලන සේ 2017.06.22 දින ලබාදුන් චෙක්පත් අගරු චෙක්පත් බව අනාවරණය වූ බවද ඇයගේ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය පවසනවා.

රංගන ශිල්පිනිය නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ල අනුව බැංකු වාර්තා ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා වැඩිදුර විමර්ශන කර අද (14දා) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!