Gossip

“ඔයාගේ මනමාලයගෙ කකුල් හෝදලා මුද්ද ගන්න ඌ ඉන්නෙ.. ඌ කොහොමද ඔයා මනමාලියක් වෙනවා නොබලා යන්නෙ. උඹේ පෙට්ටියට කර ගහන්නවත් හයියක් නෑ බන්”

උඹෙ යකඩ හීනෙ අපිට තිබ්බ හැම හීනයක්ම උදුරා ගත්තා රත්තරන්..

යකඩ හීන

මේ ජීවිතේ සමහර සිදුවීම් අපිට අමතක කරන්න අමාරුයි.
සමහර වෙලාවට අපේ හීන අපිව හරි පාරේ ගෙනියනවා. තවත් වෙලාවට ඒ හීන නිසාම ජීවිත දුකක් වෙන අවස්ථාත් තියෙනවා.
ඒ විදිහට තරුණයෙකුට තිබුණු යකඩ හීනයක් ජීවිතේ උදුරගෙන ගිය කතාවක් ගැන අපිට අහන්න ලැබුණා.
ඔබත් මේ සංවේදී කතාව කියවලාම බලන්න.

“හෙලෝ… මේ අක්කා තමුසෙ වැඩ ඉවර වෙන්න කොච්චර වෙලා යයිද ?”
මම ෆයිල් ගොඩක මූණ ඔබන් ඉද්දි මල්ලි කෝල් එකක් ගත්තෙ..
“තව පැය භාගයක් තියනවනෙ හලෝ.. හදිසි මොකද මම එනකම් පාක් එකේ ඉන්නවා ”
මම කියුවෙ කේන්තියෙන්..හැමදාම ඔහොමයි..මාව එක්කන් යන්න ආවම විනාඩියක් පරක්කු වෙන්න බෑ..
“එහෙනම් මම තක්ෂිලා එක ලගට ගිහින් ටාර් ගාලා එන්නම්.. ”
“අර කෙල්ලව බලන්න නෙහ්.. ?”
“හරි හරි ඉන්නවකෝ..”
මනමාල හිනාවත් දාලා මල්ලි ෆෝන් එක කට් කලා.. වෙලාවෙ ගලන් යන්නෙ හෙමීට කියලා හිතුනා.හැමදාම හවසට මෙහෙමයි..හවස් වරුව ගලන් යන්නෙ හෙමිහිට..
ආයිත් ෆෝන් එක් රින්ග් වෙනවා.ආයිත් නම්.මෙයාට එන්න කියන්නෙ නෑ එක්කන් එන්න..
මම හිතින් බැන බැන ෆෝන් එක ආන්ස්වර් කලා..
“හෙලෝ..මේ මේ ෆෝන් එක අයිති මල්ලිගෙ කවුද ?”
එහා පසින් කතා කල කෙනාගෙ කල්බලේට මට පෑනත් අතෑරුනා..
“මගෙ මගෙ මල්ලි.. ඇයි..?”
“නංගි එයා ඇක්සිඩන්ට් වෙලා..එයාට සිහි නෑ.. උඩම තිබ්බ නම්බර් එකට මන් මේ ගත්තෙ.. අපි එයාව හොස්පිටල් අරන් යනවා එන්න..”
මට දැනුනෙ ලෝකෙම මං වටේ කැරකෙනවා කියලා..
“දෙයියනේ සුදූ ”
මං කෑ ගැහුවා..
“ඉමාලි ඇයි ඇයි.. ?”
ඔෆිස් එකේ කට්ටිය මං වටේ රොක් වුණා..ඔෆිස් එකේ අයගෙ වාරුවෙන් මං හොස්පිටල් එකට ආවා.. වෑන් එකෙන් බැහැපු ගමන් මං දිව්වෙ කොරිඩෝව දිගේ..
“ඉමාලි මිස් ඉන්න..”
ඔෆිස් එකේ කවුද මගෙ පස්සෙන් එනවා කියලා දැනුනත් මට නවතින්න උවමනාවක් තිබ්බෙ නෑ..මට මගෙ පන ටිකගෙ මූණ බලන්න ඕනි උනේ..
“මිස්.. මිස්.. දැන් දැන් බයික් එක හැප්පිලා ගෙනාවෙ එයා එයා..”
මං එතන හිටපු නර්ස් කෙනෙක්ගෙන් ඇහුවා..
“ආ.. එයා ඩොක්ටර් බලනවා.. ඔයා එන්නකො..මට ලෙඩාගෙ නම කියන්න..”
“අනෙ මිස් මට මල්ලිව බලන්න ඕනි..”
මම කියුවෙ වෙන කිසිම දෙයක් වැදගත් නැති නිසා..
“ඩොක්ට බලනවනෙ.. ඉවර උනාම යන්.එතකන් මට මේ විස්තර ටික දෙන්න..”
ඇය කියුවෙ කරුණාබර විදිහට..
“නම මොකක්ද මල්ලිගෙ..?”
“ඉමාල්..ඉමාල් මදුශංක..”
“වයස ?”
“විස්සයි..”
මං විස්තර ටික උඩින් පල්ලෙන් කියලා දැම්මා..
මට ඇහුනෙ මල්ලි වේදනාවෙන් කෙඳිරි ගාන සද්දෙ..
දෙයියනේ මගෙ පණ ..මං එතනට දිව්වා..
මගෙ අහින්සකයගෙ මූණ අදුනා ගන්නවත් බෑ .. කකුල හොඳටම ඉදිමිලා.. බෙල්ලට දාලා තිබ්බ ප්ලාස්ටර් එක නිසා හෙලවෙන්නවත් බෑ.. එක අතක් ඇගිලි දෙකක් නැද්ද මන්දා.. ඉදිමිච්ච කකුලෙන් ලේ ගලනවා හොඳටම..උඹට රිදෙනවද මහත්තයෝ ..
පොඩි කාලෙ උඹව වැටෙනවට වත් මං කැමති නෑ මල්ලි.. උඹට රිදෙනකොට මටත් රිදුනා.. ඒත් අද උඹ..කොහොමද මේවා දරා ගන්නෙ.. උඹට රිදෙනවද සුදූ.. ”
“ඩොක්ටර්..ඩොක්ට මගෙ මල්ලි..”
මං බලාපොරොත්තු කෝටොයක් තියන් ඒ මූණ දිහා බැලුවා.. කොල්ලෙක් වෙච්ච ඩොක්ටගෙ මූණත් හොඳටම අවුල් වෙලා..
“ඔළුවට තමයි ගොඩක් ඩැමේජ් .. ඔයා පොඩ්ඩක් එහායින් ඉන්නකො..”
ඔහුගෙ හඩින් මං පසෙකට උනා..”
“මිස් ඊටී ටියුබ් දාමු..හරි අප්.. මෙයාට බ්‍රීතින් ඩිෆිකල්ට්..”
ඩොක්ට නර්ස්ට මොනාදෝ කියුවා.ඇයත් හනි හනිකට මොනාද ඩොක්ටට දුන්නා..
මං බලන් ඉද්දිම මොනාදෝ බට වගයක් ගහලා මල්ලිව මැෂින් එකක්ට සම්බන්ධ කලා..
“ඔයාද මෙයාගෙ අක්කා.මේ ෆෝන් එක.. මල්ලි ගිහින් තියෙන්නෙ සීයට.. ඉස්සරහින් ආපු ලොරියෙ හැප්පුනේ මං බලන් ඉද්දි.. ඕකෙ තිබ්බ හෝම් කියන නම්බර් එකට මං කෝල් කලා නංගි.. තව සුදු බබා කියලා පොඩි ගර්ල් කෙනෙකුත් කතා කළා.මං එයාටත් කියුවා..”
පිරිමි කෙනෙක් මට මල්ලිගෙ ෆෝන් එක ගෙනත් දුන්නා. මට අම්මලට කියන්නත් අමතක වුණා.. දෙයියනේ ඒ මිනිසු මේ දේවල් කොහොම ඉවසනද..
රත්තරන් උඹට කොච්චර කියලා තියනවද හෙමින් පලයන් කියලා.. දෙයියනේ ඒ හැම වෙලේම උඹ කටකාර කතාවක් කියලා අපිව විහිළුවකට ගන්නවා..
“හෙමින් යන්න නම් බයික් මොකටද හලෝ..”
උඹ කියන්නෙ එහෙම.. ඒත් රත්තරන් කොහොමද අද උඹ මෙහෙම ඉන්නවා බලන් ඉන්නෙ..
එක පාරටම පංති ගිය පොඩි නංගිලා කීප දෙනෙක් එතනට දුවන් ආවා.. එක ගෑණු ළමයෙක් හොඳටම අඩනවා.
“මේ ඉන්නෙ බලනවා බෝනික්කි වගේ ඕයි.. මට පට්ට ලෝබයි.. මං මේකි නැති උනොත් මැරෙනව බන් අක්කෙ..”
එක දවසක් ඒ කෙල්ලගෙ ෆොටෝ එක පෙන්නලා ඔයා කියුවා මතකයි..
“සුදු බබා..”
මං ඒ නංගි ළගට ගිහින් කතා කලා.. මල්ලි කතා කරන විදිහටම
“අක්කා..”
කෙල්ල කෑ ගහගෙන මාව බදා ගත්තා..
“අනේ අක්කා මට අයියව බලන්න ඕනි අක්කා..අනේ අක්කා.. මට අයියව බලන්න ඕනි..අනේ අර බට ගහලා එයාට රිදෙනවා ඇති අක්කා ..මට ඕනි..”
කෙල්ල හොඳටම අඩනවා ..මං මොනා කියන්නද රත්තරන් .. මාත් අඩනවා උඹ අපි හැමෝවම ඇඩෙව්වා මල්ලි.. උඹ සනීප උනාම මං උඹේ කණ රතු වෙනකම් මිරිකන් ඉන්නවා.
“අඩන්න එපා මැණික.. එයා කොහොමදා ඔයාව දාලා යන්නෙ..මාව දාලා යන්නෙ..එයාට බෑ ඒක කරන්න අඩන්න එපා..”
මං කියුවෙ කෙල්ලව තුරුල් කරන්..
“නංගි මේ නංගිගෙ අම්මලට කෝල් කරන්න..මෙයාව එක්කන් යන්න කියන්න.”
කෙල්ල එතනින් යන්න අකමැති නිසාම මං එයාගෙ යාළුවන්ට කියුවෙ පුන්චි කෙල්ලෙක් මෙහෙම තියන් ඉන්න බැරි නිසා.
“ලොක්කි කෝ මල්ලි..මං උඹට කියුවා ඌට බයික් එක අරන් දෙනකොට.. පුතේ…”
අම්මට සිහි නැති වෙනකොට ගෙදරින් ආපු කීප දෙනෙක් අම්මව අල්ලා ගත්තා..
“දෙයියනේ මං නේද මේ බයික් එක අරන් දුන්නෙ.. මගෙන් බර්ත්ඩේ එකට ඉල්ලුවෙ බයික් එකක් මහත්තයෝ උඹ.. මම ලීසින් කරලා ගෙවන්න බයික් එකක් අරන් දුන්නෙ තියනවට නෙමෙයි.. උඹට හැබෑ නොවුන හීන තියෙන්නෙ බැරි නිසා..”
මං කණුවක ඔළුව ගහා ගත්තා..
“අක්කා ඇයි මේ ?”
මල්ලිගෙ දඟයො ටික ඇවිත් මාව අල්ලා ගත්තා.ඒ දඟකාර මූණු මැලවෙලා.ඇස් වල කඳුලු.. බලපන් උඹ කී දෙනෙක් අඩවලද මහත්තයෝ .. නැගිටපන් ඉක්මනට..
“මගෙ පණ සනීප වෙයි නේද මල්ලි..”
“ඉමාලයා කොහොමද අපිව දාලා යන්නෙ. .. එහෙම උනොත් මං ඕකව තියන්නෙ නෑ අක්කා.. ඔයාගෙ මනමාලයගෙ කකුල් හෝදලා මුද්ද ගන්න ඌ ඉන්නෙ.. ඌ කොහොමද ඔයා මනමාලියක් වෙනවා නොබලා යන්නෙ.. ”
ඒ කොල්ලො ටිකත් අඩනවා..
එක පාරටම උඹ හිටපු කාමරේ ඩොක්ටලා නර්ස්ලා වේගෙන් එහෙ මෙහෙ දුවන්න ගත්තා..අපිට උඹව නොපෙනෙන ගානට.. එයාලා උඹ වටේ රත්තරන් .. මගෙ පපුව නැවතුනා..
“සුදූ….”
ඩොක්ට උඹෙ මූණ වහද්දි සුදු රෙද්දෙන් මං පිස්සෙක් වගේ කඩාගෙන උඹ ලගට දිව්වා..
“මල්ලී… ”
“පොඩි පුතේ..”
“සුදු අයියේ..”
“ඉමල්කයා..”
වටේම හිටපු මම , අම්මා , උඹෙ රෝස බෝනික්කි, යාළුවො කෑ ගහනවා උඹට ඇහෙන්නෙ නැද්ද මහත්තයෝ ..
අම්මට අඩන්නවත් සිහි නෑ .. උඹ අම්මා අඩනවට කැමති නෑනෙ රත්තරන් .. තාත්තා අම්මා එක්ක පොඩ්ඩක් රණ්ඩු උනත් උඹට කේන්ති යනවනෙ..
උඹ කොහොමද අම්මව මෙහෙම අඩවන්නෙ..උඹෙ රෝස බෝනික්කි උඹේ පෙට්ටිය ලගම පුටුවක් තියන් වාඩි වෙලා මහත්තයෝ ..
උඹට පේන්නෙ නැද්ද ඒකි තාම වතුර උගුරක් බීලා නෑ .. උඹෙ දඟයො සෙට් එක සැරින් සැරේ ගෙටෙ ඇවිත් උඹෙ මූණ දිහා බලන් ඉදලා කදුලු පිහලා ආයි යනවා..
“අක්කා උඹව බදින එකා උඹව ඇඩෙව්වොත් ඒක තමා ඌ ජීවත් වෙන අන්තිම දවස ”
කරන්න බැරි උනත් උඹ මට තෙබ්බ ආදරේ ඒ වචන වල තිබ්බා.. එහෙව් උඹ කොහොමද අක්කව මෙහෙම ඇඩෙව්ව.. කියපන් මල්ලි..උඹෙ අක්කා අඩනවා පේන්නෙ නැද්ද..
උඹ ඇල්ලෙ ගිහින් අර ලග උඩ ගත්ත ලස්සන ෆොටෝ එකට සුදු මල් මාලයක් දාලා.මං කොහොමද මහත්තයෝ ඉන්නෙ..
“උඹව ගෙනියන හදන්නෙ..ඇහෙන්නෙ නැද්ද අම්මා කෑ ගහන සද්දෙ.. රත්තරන් මල්ලි.. නැගිටපන් මහත්තයෝ ..මේ අක්කට උඹ නැතුව ඉන්න බෑ රත්තරන් ..
අනේ මගෙ පණ උඹ මල්ලි.. එපා නුවන් මල්ලි අනේ මගෙ මල්ලිව එක්කන් යන්න එපා.. එයාව අරන් යන්න එපා මල්ලි.. වෙනදා වගේ එයාගෙ කරට අත දාන් එක්කන් යන්න.ඇයි ඔයාලගෙ කර උඩ.. අනේ මල්ලි.. ”
ඒ කොල්ලො ටිකටත් උඹෙ පෙට්ටියට කර ගහන්නවත් හයියක් නෑ බන්..උන් එකාට එකා බදාගෙන අඩනවා.. වරෙන් සුදු මල්ලි ගිය තැනකින්.. අපිට උඹ නැතුව බෑ..
“හැමදාම අම්මා මුලින්ම බත් බෙදුවෙ උඹට බන්..මේ අම්මා ආයි බත් බෙදලා කතා කරන්නෙ කාටද මහත්තයෝ .. අම්මා ගැන හිතලා ඉන්න..”
“උඹට ගාණක් නෑ මහත්තයෝ .. එදා උඹ දුවලා දිනපු වෙලාවෙ උඹෙ යාළුවො කර තියන් යනවා වගේ උඹ උජාරුවට හැමෝගෙම කර පිටින් යනව .. ඒත් අපි..??”
උඹෙ යකඩ හීනෙ අපිට තිබ්බ හැම හීනයක්ම උදුරා ගත්තා රත්තරන් ..
හැම කොල්ලෙක්ම දෙපාරක් නෙමෙයි සිය පාරක් හිතන්න.. මේ දවස් වල දවසට කී දෙනෙක් නැති වෙනවද .. ?
අයියෙ මල්ලි උඹලා පවුලෙ පණ බන්.. කවුරුත්ම කෙලින් නොකියුවට උඹලා තමයි අපේ ජීවිතේ .. අනේ හෙමින් පලයන්.
වදින්නම්.. උබලට උඹලා වටින්නෙ නැති උනාට අපිට ගොඩක් වටිනවා…..

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!