සිතුවිලි කියන්නේ හරි අපූරු දෙයක්.
වෙලාවකට ඒ සිතුවිලිවලින් ජීවිත කතා ලියවෙනවා.
තවත් වෙලාවට අත්දැකීම් එහෙමත් නැත්නම් දකින අහන දේ අකුරු බවට පත්වෙනවා.
ඉතිං ඒ විදිහට ඡායාරූපයකට ලියැවුණු අපූරු සිතුවිල්ලක් තමයි මේ.
අලුත කැන්දන් ආව දින සිට
නුඹයි ගෙපැලම හැඩ කළේ..
මෙතෙක් නොනිවුණු පහන් දැල්වුණි
අදුරු දුප්පත් මගෙ පැලේ..
බීමතින් හිංසා කරද්දිත්
වචනෙකුත් නෑ පිට කළේ..
සුරා ගද ඉහිලුවා රන්කද
නිදියද්දි එක අගුපිලේ…
විටෙක නුඹෙ ඔය අහිංසක කම
සිතට වදයක් වුණි මගේ..
බීලා ආවම ගුලි වුණා නුඹ
මුල්ලකට පූසෙක් වගේ..
ටිකෙන් ටික දියවෙලා යද්දිත්
ආදරේ ඉස්සර වගේ..
නුඹේ වෙනසක් දුටුවෙ නෑ දුක්
ඉහිලුවේ මහමෙර වගේ..
පැදුරෙ දූවිලි පුසුඹ විදගෙන
දුක් වින්ද මගෙ රන්කද..
පව්කාර මගෙ දෑත් වලටම
නුඹේ සිත කය රිදුණද..
එදා හොදටම රණ්ඩු වෙනකොට
නපුරු තැනකට වැදුණද..
ඉතින් පින්කද පව්කාර මා
දමා සුරලොව යනවද..