Gossip

ඇත්තටම මේ සතුන්ව සුරතලේට ඇති කරන පුද්ගලයොත් ඉන්නවද?

අපි නම් ඉතිම් හුරතලේට ඇතිකරන්නේ බල්ලෝ පුසෝ කුරුල්ලො වගේ සත්තුනේ. ඒ වුණාට බලවත් රටවල බලවත් මිනිස්සු අපි හිතන්නෙවත් නැති විදියේ සතුන්ව සුරතලයට ඇති කරනවා . මේ ඒ විදියට ඇති කරන සත්තු ගැන තොරතුරු ටිකක්.

1. මෝරු

මෝරුන්ව නම් සුරතලේට ඇති කරන්න සාමාන්‍ය පුද්ගලයෙකුට අමාරුයි. ඒකට සෑහෙන මුදලක් සහ ශ්‍රමයක් වැය වෙනවා. එහෙම මෝරෙක්ට ආහාර පාන දෙන්න වගේම ඌට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නිර්මාණය කරන එක බොහොම අමාරු වැඩක්. හැබැයි තවත් සමහර ‘මෝර’ වර්ග කියල හඳුන්වන මාළු වර්ග ඉන්නවා මෝරුන්ගෙ ගති ලක්ෂණ තියන නමුත් ප්‍රමාණයෙන් කුඩා සහ නිවෙස්වල ඇති කරන්න පුළුවන් අය. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් දුෂ්ටයෙක් වගේ විශාල ​මෝරු ඇති කරන අය දුර්ලභ නමුත් මේ ලෝකෙ ඉන්නවා. ඒ වගේම රේන්බෝ ෂාර්ක්ස්ලා වගේ සුරතලුන් ගණයට වැටෙන මෝරු ඇති කරන අයත් ඉන්නවා.

2. ටැරන්ටියුලා දිවි මකුළුවන්

සාමාන්‍ය මකුළුවන්වත් බොහෝ දෙනෙක් අප්‍රසන්න දෙයක් හැටියට සලකන එකේ විෂ සහිත දිවි මකුළුවො ගැන මොන කතාද නේද? හැබැයි මේ ටැරන්ටියුලා මකුළුවා කියන්නෙ සුරතලේට හදන්න බැරි සතෙක් නෙමෙයිලු. විෂ තිබ්බත් ඒවා ඒ තරම් භයානක නැහැ කියලයි කියන්නේ. මේ සතාව සුරතලෙක් හැටියට පාලනය කරලා හදන්න පුළුවන් උනත් ඒ වැඩේ එච්චර ලේසි නැහැ. මෙයා අපි අතින් බිමට වැටුනොත් මැරෙන්න වුණත් ඉඩ තියන සතෙක්. ඒ වගේම ඉක්මනින් කළබල වෙලා හපා කන්නත්, තමන්ගේ ශරීරයේ තියෙන බූව වගේ කොටස විදින්නත් පුළුවන්. ඒ නිසා නොයෙකුත් වේදනාත්මක අත්දැකීම් ඇති වෙන්න ඉඩ තියනවා මේ විදිහෙ සතෙක්ව සුරතලෙක් හැටියට හැදුවොත්. එහෙම වුණාට ඉතින් මේ ලස්සන පෙනුමක් තියන මකුළුවන්ව හුරතලේට හදන අයත් ඕනෙ තරම් ඉන්නවා.

3. ඇනකොන්ඩා

මිනීමරු ඇනකොන්ඩලා ගැන භයානක චිත්‍රපටිත් හැදුණු එකේ මොන සුරතල් පාර්ට් ද නේද? හැබැයි එහෙම වුණාට ඇනකොන්ඩලා කියන්නෙත් සුරතල් සතුන් වෙළඳපොලේ විකිණෙන සත්තු වර්ගයක්. කොළ සහ කහ පාටින් ඉන්න ඇනකොන්ඩලා තමයි වැඩි වශයෙන් සුරතලුන් හැටියට විකිණෙන්නේ. හැබැයි ඉතින් හිතෙන පළියට හැමෝටම මේ සත්තුන්ව හදන්න නම් බැහැ. ඒකට එක හේතුවක් වෙන්නේ විකුණද්දි අඩි දෙක තුනක් කුඩාවට ඉන්න මේ ඇනකොන්ඩලා ඉතාම ඉක්මනින් අඩි 10ත් පන්නපු විශාල සර්පයින් බවට පත්වෙන එක. අනිත් එක තමයි මේ අයගෙ තියෙන දැඩි ආහාර රුචියට අවශ්‍ය ආහාර සැපයීමට තියන අපහසුව. ඒ ව​ගේම සමහර ඇනකොන්ඩලා ගෙවල්වල හදද්දි ඒ අයගේ ආහාර රටාවන්ට බාධා පැමිණිලා, කෑම නොගෙන ලෙඩ වෙලා මැරෙන්න අවදානමකුත් තියනවා.

4. කිඹුල්ලු

ගංගා සහ මුහුදු කියන පරිසරයන් දෙකම ආසන්නයේ ජීවත් වෙන කිඹුල් දෙවර්ගයම සුරතල් සතුන් හැටියට ඇති කරන්න සමහරු පෙළඹිලා ඉන්නවා. ගොඩක් රටවල මේ සඳහා නීති රීති තදයි. කිඹුලගේ දිගේ හැටියටත් සුරතලේට හදන්න පුළුවන්ද බැරිද කියලා නීති රීති පැනවෙන රටවල් තියනවා. කොච්චර සුරතල් වුණත් සුරතල් කිඹුල්ලුන්ගෙන් පහර කාලා මරණයට පත් වෙච්ච මිනිස්සු ගැනත් විදෙස් පුවත් සෑහෙන වාර්තා කරනවා. එහෙමයි කියලා ඉතින් කිඹුල්ලුන්ව හුරතලේට හදන අයගෙත් අඩුවක් නම් දකින්න ලැබෙන්නෙ නැහැ.

5. චිම්පන්සින්

මේ ලැයිස්තුවේ ඉන්න අනිත් සත්තු එක්ක ගත්තහම චිම්පන්සින් කියන්නේ ඉතාම මිත්‍රශීලී, ආරක්ෂිත සුරතලෙක් කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔය ඉස්සර චිත්‍රපටිවල වුනත් මිනිස්සුන්ට උදවු කරන චිම්පන්සිලා දකින්න ලැබුණනෙ. එහෙම චිම්පන්සීන් කියන්නෙ හරි ෂෝක් සුරතල්ලු කිය​ල හිතෙනවනම් අපිට කියන්න තියෙන්නේ ඒක වැරදි අදහසක් කියලයි. චිම්පන්සීන් කියන්නේ බො​හොම භයානක වර්ගයේ සුරතලුන් කියලා කියන්න පුළුවන් එක අතකට. සත්තු වත්තක වුනත් ​මේ අයව කූඩු කරලා තියෙන්නේ මිනිසුන්ට නොසිතූ විදිහට පහර දෙන්න ඔවුන් උත්සාහ කරන නිසායි. ලෝකේ පුරාම චිම්පන්සි පහරදීම් ගැන නිතර වාර්තා වෙනවා. ඇඟිලි වෙන්වෙන්න සපාකෑම් සහ නොසිතූ ආකාරයට පහර දී තුවාල කිරීම් චිම්පන්සීන් අතින් සිද්ධ වෙනවා. එහෙම වුණා කියල නෑ, බොහොමයක් දෙනා සුරතලුන් විදිහට මේ සත්තු ඇති කරනවා ගෙවල්වල.

6. ගෝනුස්සන්

ගෝනුස්සන් කියන්නෙ වර්තමානෙ වෙද්දි විදෙස් රටවල බොහොම ප්‍රචලිත වෙමින් යන සුරතලයට හදන සතෙක්. ගෝනුස්සා කියන්නෙ යම් පමණකට විෂ සහිත සතෙක්. එහෙම වුනත් උන් සාමාන්‍යයෙන් අඩු මිලකට මිලදීගන්න තිබීමත්, සුරතලෙක් හැටියට හැදීමේ පහසුවත් නිසා තමයි වැඩි දෙනෙක් මේ වෙද්දි ගෝනුස්සන් නිවෙස් වල හදන්න පටන්ගෙන තියෙන්නෙ. හැබැයි ඉතින් අතපත ගාලා හදන්න පුළුවන් සුරතල් සතෙක් නෙමෙයි ගෝනුස්සන් කියන්නෙ. බොහෝම ​ඈත්වෙලා ඉඳන් නිරීක්ෂණය කරන්න ඕනෑ සත්තු විශේෂයක් උන්.

7. ජෙලි ෆිෂ්

විල් ස්මිත් රඟපාපු 7 Pounds චිත්‍රපටය නරඹපු කෙනෙක්නම් දැනටමත් දන්නවා ​ඇති ජෙලිෆිෂ්ලාව සුරතලයට ​ඇති කරනවය කියන එක. මේ වෙද්දි ඒ​ක යම් පමණකට අලුත් ට්‍රෙන්ඩ් එකකුත් වෙලා තියෙන්නෙ. හැබැයි වැඩේ හිතන තරම් ලේසි නෑ සහ වියදම් අධික වැඩක්. ​ඒ වුණාට මේ ජෙලිෆිෂ්ලා දිහා බලන් ඉන්න එක මනස සැහැල්ලු කරන හොඳ ව්‍යායාමක් හැටියට ගොඩ දෙනෙක් සලකනවා.

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!