Gossip

“මට විශ්වාසයක් තිබුණා මට මේක කරන්න පුළුවන් වෙයි කියලා. කැමරාවක් ඉදිරියට ගිහින් රංගනයක යෙදෙන එක මට ඉතා අසීරු කටයුත්තක් වුණා.”

උපතින් උරුම වු සොඳුරු රුව නිසා හැමෝම දන්නා හඳුනන කෙනෙක් වෙන්නට වාසනාව හිමිකර ගත් ඇය අද වන විට ලාංකීය ටෙලිනාට්‍ය රසිකයන් අතර ආදරණීය කෙනෙක්.
ඇය දිමිත්‍රි සුබසිංහ.
ඇයගේ ගමන් මග ගැන සතිඅග අරුණ පුවත්පතට දිමිත්‍රි මේ විදිහට කියලා තිබුණා.

දිමිත්‍රි රංගනයට පය තැබුවා පමණයි නේද?
ඔව් මගේ පළමු නිර්මාණය දෙරණහි විකාශය වූ නොනිමි කියන ටෙලි චිත්‍රපටයයි. ඊට පස්සෙ තමයි පාවෙලා වලාකුළේ ටෙලිනාට්‍යයේ උදාරා හා මදාරාගෙ චරිත රඟපාන්නෙ.

මේ ඇරයුම ලැබෙන්න පසුබිම හැදුණේ කොහොමද?
මම 2019 වසරේ දෙරණ අවුරුදු කුමරි තරගයෙන් පළවෙනි ස්ථානය හිමිකර ගත්තා. ඒ හරහා තමයි මට මේ හැම අවස්ථාවක්ම හිමිවුණේ.

රංගනයට එන්න මතු බලාපොරොත්තු සමගද අවුරුදු කුමරි තරගයට ආවේ?
මම දෙරණෙ අවුරුදු කුමරි තරගයට අයැදුම් කළේ අහම්බෙන් .එහි ජයග්‍රහණය හිමිවීමත් අහම්බයක්. මොකද මම තරගයේ අවසන් වටයට තේරුණාට ජයග්‍රහණය ලැබෙයි කියලා හිතුවෙ නැහැ. අවුරුදු කුමරිය ලෙස තේරුණත් රඟපාන්න එන්න අදහසක් තිබුණෙ නැහැ. ඒ නිසා ඉහත දේවල් වගේම රංගනයට අවස්ථාව හිමිවීමත් අහම්බයක්ම තමයි.

පාසල් වියේ දිමිත්‍රි දක්ෂතා දැක්වූයේ කුමන ක්ෂේත්‍රයකටද?
මම පාසල් ගියේ මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයට. ඒ කාලෙ කලා කටයුත්තකට කළේ නර්තනය හදාරන එක තමයි. අදටත් මම විනෝදාංශයක් විදිහට නැටුම් හදාරනව.

රංගනයේ යෙදෙන්නෙ වෙනත් වෘත්තියක නිරත වන අතර නේද?
ඔව්. මම පෞද්ගලික බැංකුවක රැකියාවක් කරමින් ඉන්නෙ. මට මගේ රැකියා ස්ථානයෙන් ලැබෙන සහය අනිවාර්යයෙන් මතක් කරන්න ඕන. මම රැකියාව කරන්නෙ ජාතික සංවර්ධන බැංකුවේ .එහි කළමනාකාරීත්වය සහ එකට වැඩ කරන හැමෝම මට උපරිම සහයක් දක්වනව. එයාල සහය දැක්වූයේ නැති නම් මට රඟපාන්න වෙලාවක් නැතිවෙනව.

අවුරුදු කුමරි බවට පත්වීමෙන් පසුව ඔබ රංගනයට සුදුසු කෙනෙක් බවට පත්වුණේ කොහොමද?
රංගනය ගැන මට පළමු අත්දැකීම ලැබුණෙ මම රඟපෑ ටෙලි චිත්‍රපටයෙන්. එදා කැමරාවක් ඉදිරියට ගිහින් රංගනයක යෙදෙන එක මට ඉතා අසීරු කටයුත්තක් වුණා.
පස්සෙ මට ඒක පුරුදු වුණා. දැන් නම් රඟපාද්දි ඒ වගේ චකිතයක් දැනෙන්නෙ නැහැ. දෙරණ නාලිකාවේ අවුරුදු කුමරිය තේරුවෙ රූපය ගැන පමණක් සලකල නෙවෙයි. රූපය වගේම අපේ දක්ෂතාවයත් සලකා බැලුවා. අවුරුදු කුමරිය තරගය පවත්වන කාලයේ අපිට සති දෙකක පුහුණු වැඩමුළුවක් පැවැත්වුණා. එය මෙහෙයවූයේ නර්තන ආචාර්ය චන්දන වික්‍රමසිංහ මහත්මය. ඒ වැඩමුළුවෙදි අපේ දක්ෂතාවයනුත් ඉදිරියට ආවා කිව්වොත් හරි.

ඒ කියන්නෙ තමන්ගේ හැකියාව ගැන ලොකු විශ්වාසයකින් රංගනයට පිවිසුණා කියන එකද?
මට විශ්වාසයක් තිබුණා මට මේක කරන්න පුළුවන් වෙයි කියලා. මොකද අපිට දෙයක් කරන්න පුළුවන් කියලා අපි තුළ විශ්වාසයක් නැත්නම් අපි ඒ දේ කරන්නෙ නැහැනෙ. ඒ විතරක් නෙවෙයි මට මෙතෙක් හමුවුණ ප්‍රවීණයන් මට රංගනය හරියාකාරව කරගෙන යන ආකාරය ගැන ගොඩක් අවවාද දුන්නා.
ඔවුන් පැවසුවේ රංගනයේදි රඟපානව කියල හිතන්න එපා බොහොම ස්වාභාවිකව ඒ දේ කරන්න කියලයි. සාමාන්‍ය විදිහට දෙබස් කියලා ඒ චරිතය ජීවිතයට කාවද්ද ගත්තම එය ඉදිරියට කරගෙන යන්න ලේසියි.

පවුලේ තොරතුරු මොනවද ?
මම පවුලේ එකම දරුවා. මගේ තාත්තා ව්‍යාපාර කටයුතු කරන්නෙ. අම්මා ගෙදරට වෙලා මාව බලාගෙන ඉන්නව. අපි පදිංචි වෙලා ඉන්නෙ නාරාහේන්පිට.

ඔබ ලස්සන රැකගන්න විශේෂයෙන් මොනවද කරන්නෙ?
මාව අවුරුදු කුමරිය කෙරුවට පස්සෙ මම ඒ රූපය රැකගන්න ඕනැ. මොකද සමාජය මා දිහා බල්නනෙ අවුරුදු කුමරියක් විදිහටනෙ.
මම සාමාන්‍යයෙන් ඒ රූපය රැකගන්න දේවල් කරනව. මම දවස පටන් ගන්නෙ අම්ම උදේ හදල දෙන පලතුරු යුෂ බඳුන පානය කරලා .ඊට අමතරව වතුර වැඩිපුර බොනව. හොඳ ආහාර පාන ගන්නව. තත්ත්වයෙන් උසස් බාහිර ආලේපන භාවිත කරනව.

දිමිත්‍රිගෙ හිත ළඟින් ඉන්න කෙනෙක් ඉන්නවද?
ඔව්. මම පෙම්වතියක් එයා ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාව කරන කෙනෙක්. අපේ ආදරයට දැන් අවුරුදු අටක් වෙනව. එයා මගේ ඥාති සෙහොයුරාගේ හොඳම මිතුරා.

විවාහ වෙන දවස අත ළඟට ඇවිත්ද?
අපිට ජීවිතයේ සැලසුම් කරන්න දේවල් තියෙනව. ඒ දේවල් කරගෙන තමයි විවාහය ගැන හිතන්නෙ. අපේ විවාහයට තව ටිකක් කල් තියෙනව.

දිමිත්‍රි ඔහුට සේම දැන් දැන් කලාවටත් පෙම්බඳිනවද?
අහම්බයෙන් කලාවට එකතු වුණාට මම විශ්වාස කරන විදිහට කලාකරුවෙක් වෙන්න පෙර පිනත් තියෙන්න ඕන. මේ ක්ෂේත්‍රය හොඳ තැනක් ක්ෂේත්‍රයේ විවිධ අදහස් තියෙන අය ඉන්නව අපි හොඳ විදිහට හැසිරුණොත් අපේ නම රැකගෙන ඉදිරියට යෑමට බාධා එන්නෙ නැහැ.

දවසින් දවස වැඩිවෙන ජනප්‍රියත්වය සාමාන්‍ය දිවියට අපසහුතාවයන් ඇති කරනවද?
කොහෙත්ම නැහැ. අපහසුතාවයට ලක් වෙන්නෙ නරක විදිහට ප්‍රසිද්ධ වුණොත්නේ. හොඳ විදිහට ප්‍රසිද්ධ වුණහම ඒක අපිට යහපතක් මිස අපහසුතාවයක් ඇතිකරන දෙයක් නෙවෙයි.

රංගනයේ දි කවුරුන් හෝ අනුකරණය කරනවද?
රංගනයේදි මම ගොඩක් ආසයි සරල වෙන්න සහ මටම ආවේණික රටාවක් තියාගන්න.
ඒ හැරුණම මම මේ ක්ෂේත්‍රයේ ගොඩක් ආදරය කරන කෙනෙක් තමයි මාලනී ෆොන්සේකා මහත්මිය.

මේ ගමනේදි ඔබට අතදුන් ඔවුන් ගැනත් සඳහන් කරනවද?
පැහැදිලිවම මුලින්ම දෙරණ ආයතනයට ලක්සිරි වික්‍රමගේ මහත්මයටත්, එහි දිලුක ගුණතිලක, සමන් එදිරිමුණි, චරිත් කොතලාවල, ධම්මික අලුත්ගෙදර හා දෙනුවන් සෙන්ධීර යන මහත්වරුන්ට ස්තුති කරනව. මට මේ ගමනේදි දැක්වූ සහයෝගය වෙනුවෙන්.

උපුටා ගැනීම – අරුණ පුවත්පත

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!