Gossip News

වෙලදසැලට ගිනි තියලා ආරක්ෂක කැමරා පද්ධතියත් ගලවන් ගිහිල්ලා – Photos

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම පිහිටි ලි වෙලදසැලකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබෙන බවට වාර්තා වෙනවා.
අද (15) අලුයම 1 ට පමණ එම වෙළදසැලට ඇතුළු වු කිසියම් පිරිසක් විසින් එම ලි වෙලදසැලේ ගබඩා කර තිබු දැව වලට ගිනි තබා තවත් දැව තොගයකට භුමිතෙල් ඉස ඇති බවයි පොලිසිය පැවසුවා.

එම ලි වෙළදසැලේ කාර්යයාලයේ සවි කර තිබු ආරක්ෂිත කැමරා පද්ධතියටද හානි කර ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත සටහන් පද්ධතියද රැගෙන ගොස් තිබෙන බවට වාර්තා වෙනවා.

පැතිර යමින් පැවති ගින්න හැටන් පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක් ව නිවා දැමීමට සමත් වී තිබෙනවා.
එම ලි වෙලදසැලේ අයිතිකරු කියා සිටින්නේ ගිනි තැබිම හේතුවෙන් තමන්ට රු ලක්ෂ පහක පමණ අලාභයක් සිදු වි ඇති බවත්, මෙම ගිනිතැබිම කිසියම් පිරිසක් විසින් සිදු කරන්නට ඇති බව තමන් සැකකරන බවක්ය.

ලි වෙලදසැලේ කාර්යයාලයේ තිබු මුදල් ද සොරාගෙන ඇති බවත්, අයිතිකරු පැවසා තිබෙන අතර මේ වන විට ගින්න පිලිබදව හැටන් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර තිබෙන බවට පොලිසිය වාර්තා කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!