Gossip News

හොරකම් කළ බඩුත් එක්ක හොරු අතේ මාට්ටු වුණු හැටි මෙන්න – වීඩියෝ

මහ පාරේ නවත්තලා තිබුණු කුඩා ලොරි රථයක් සොරකම් කරපු දර්ශණ සිසි ටීවි ඔස්සේ ලබාගන හොරාව අල්ල ගත්ත සිද්දියක් හැටන් නගරයෙන් අපිට වාර්තා වුණා.

මේ සිදුවීම වෙලා තියෙන්නේ ඊයේ උදෑසන 6.45 පමණ වන අතර හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අයිනේ නවත්තලා තිබුණු බේකරි නිෂ්පාදන බෙදා හරින කුඩා ලොරි රථය අසලට ඊ පැමිණි සොරා ප්‍රධාන මාර්ගය ළඟ තිබුණ වැන් රථයක දොරක් විවෘත කරන් උත්සහ කරලා තියෙනවා . එම රථයේ දොර විවෘත කරගන්න බැරි වුණ නිසා වැන් රථයට ඉදිරියෙන් වු කුඩා ලොරි රථයේ දොර විවෘත කර එය පන ගැන්විමට උත්සහ කරාට ඒ ලොරි රථය පන ගැන්විමට බැරිවුණ නිසා සැකකරු විසින්ම ලොරි රථය තල්ලු කරගන පන ගන්වා ලොරි රථය හැටන් ස්ටැඩන් වතු යායට රැගෙන ගිහින් සගවලා තියෙනවා.

ලොරි රථයේ අයිතිකරුගෙන් හැටන් පොලිසියට කළ පැමිණිල්ලක් නිසා වහා ක්‍රියාත්මක වු හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් ලොරි රථය ගාල් කර තිබු ස්ථානයේ ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර සැකකරුව හදුනාගෙන පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි ලොරි රථය සඟවා තිබු ස්ථානය සොයා ගැනිමට පොලිස් නිලධාරින් සමත් වෙලා තියෙනවා.

සැකකරු අවුරුදු 37 වයසැති හැටන් රොතැස් වතු යායේ පදිංචිකරුවෙකු වන අතර ඔහුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිය මිත බවට පොලිසිය පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!