Gossip

යහපාලන ආණ්ඩුව අවසන් – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවට?

මේ වන විට දේශපාලන කරලියේ උණුසුම්කාරී තත්වයක් තමයි දැකගන්නට ලැබෙන්නේ.

පසුගියදා පැවති මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලවලට අනුව මේ වන විට දේශපාලන පක්ෂ තුළින් විවිධ කතා මතුවෙන්න පටන් අරන් තියෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයේ සිටිනතුරු ආණ්ඩුවට සම්බන්ධ නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙන බවටද වාර්තා වනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ආණ්ඩුවේ දැරූ තනතරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බවටත් වාර්තා වනවා. ඒ අනුව යහපාලන ආණ්ඩුවේ කටයුතුද අවසන් වන බවට කියැවෙනවා.

එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවටත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වී විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇති බවටද දේශපාලන ආරංචි පවසනවා. එලෙස සිදුවුවහොත් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂය වශයෙන් කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්ව පැමිණෙන්නේ නම් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇති අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයේ ඊයේ (13දා) සවස රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී හා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධව සාකච්ඡා කළ බවද මන්ත්‍රීවරයා කියා තිබෙනවා.

“පක්ෂ නායක රැස්වීමේදී දේශපාලන තීන්දු කිහිපයක් ගැන සාකච්ඡා වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්ව එන්නේ නම් සාකච්ඡා කරන්න සූදානම් කිය ස්ථාවරයේ අපි මුල සිටම සිටියා. ඒ අය එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙනවම් අපට ඊට පස්සේ කරන්න තියෙන දේවල් කතා කරන්න පුළුවන්. මුලික කොන්දේසිය තමයි ආණ්ඩුවෙන් ඉවත්වීම.”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!