Gossip

ජයග්‍රහණය සමරන්න හැමෝම රිතිඤ්ඤා දානකොට අමුතුම වැඩක් කරපු පොහොට්ටුවේ අපේක්ෂකයා

මතුගම ප්‍රාදේශීය සභාවට මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වැදි අපේක්ෂකයෙකු තම ජයග්‍රහණයේ සතුට වෙනස්ම ආකාරයකින් සමරා තිබෙනවා.

අනෙක් අපේක්ෂකයින් රතිඤ්ඤා පත්තු කරමින් විදිවලට බැස ජය ඝෝෂා නගන විට ඔහු තම ආධාරකරුවන් සමඟ මතුගම නගරය පිරිසිදු කිරීමෙන් තමයි ඔහු සතුට සමරා ඇත්තේ.

ලලිත් රණසිංහ නැමති මෙම අපේක්ෂකයා මතුගම නගරයේ කුරුල්ලන්ගේ වසුරු නිසා අපවිත්‍ර වී ඇති ස්ථානයන් සියල්ල සොදා පිරිසිදු කර තිබෙනවා.

ඒ සඳහා ඔහුට ආධාරකරුවන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ ද සහය හිමි ව ඇති අතර මෙම අපේක්ෂකයා ප්‍රාදේශීය සභාවට පත්වීමෙන් අනතුරුව දිගින් දිගටම ජනතාවට සේවය කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!