Gossip

මව ඉදිරියේ ම මාරයා දැරියව රැගෙන යයි – කිසිවක් නොදත් මවක් අසරණ වෙයි

සිය 6 හැවිරිදි දියණියව රැගෙන ඊයේ උදෑසන මවක් නිවසින් පිටත්ව තිබුණේ දහසක් බලාපොරොත්තු සිත තුළ රඳවා ගනිමින්.

ඒ කෙසේ හෝ තම දියණියව සමාජයට යහපත් පුරවැසියෙකු ලෙස උස්මහත් කිරීමේ අරමුණින්.

නමුත් ඔවුන්ට අතරමගදී ඉතා අවාසනාවන්ට ඉරණමකට මුහුණදීමට සිදු වුණා.

දැරියව ගුරුවරියකගේ නිවසේ ඇති අතිරේක පන්තියකට සහභාගී කරවීමට මව විසින් එලෙස රැගෙන ගොස් තිබූ අතර ගුරුවරියගේ නිවසේ ගේට්ටුව විවෘත කරනවාත් සමගම දැරියගේ මාරයා සිය අවස්ථාව උදාකරගෙන තිබුණා.

ඒ එම විශාල ගේටුටව දැරියගේ ඇඟ මතට කඩාවැටෙමින්.

තනිව කිසිවක් කරකියා ගත නොහැකි වූ මව තම උපරිම ශක්තිය යොදා ගේට්ටුව ඔසවා තබා ගැනීමට උත්සාහ කර තිබුණා.

නමුත්, මවගේ වීර්ය පරාජය කරමින් ගේට්ටුව, කුඩා දැරියව මරු තුරලට යමින් හිස මතට කඩාවැටී තිබෙනවා.

මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබුණේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නතාෂා සඳුනි කුමාරි නම් පුංචි දැරියකි.

පොලීසිය සඳහන් කළේ දැරියව තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේදී ඇය මියගොස් ඇති බවයි.

එම අවාසනාවන්ත අනතුරෙන් ලෝකය හරිහැටි දකින්නත් කලින් අකාලයේ ඇයට ඇස් පියාගන්නට සිදුව තිබුණා.

මියගිය දැරිය පදිංචිව සිටියේ තඹුත්තේගම මුසල්පිටිය ඩී 02 ඇළ පාර ප්‍රදේශයේයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!