Gossip

අඳුරට මුවාවී මුදලට සිරුර විකුණූ තරුණියන් අවසානයේ නතර වුණු තැන

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මීගමුව ප්‍රදේශයේදී අද (30) අලුයම් කාලයේදී පොලීසිය විසින් වටලා තිබෙනවා.

අදාළ වැටලීමෙන් ගණිකා නිවාසයේ කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් සහ ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රැඳසිටි කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරියන් වයස අවුරුදු 21ත් 46ත් අතර වයස්වල පසුවන්නන්.

එම පිරිස දංකොටුව, බත්තරමුල්ල, තිහගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවද වාර්තා වෙනවා.

සැකකරු හා සැකකාරියන් අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!