Gossip

ගුරු වෘත්තියට නිගාකළ ටියුෂන් ගුරුවරයා ගැන සිසුවිය කළ පාපෝච්චාරණය

13 හැවිරිදි සිසුවියකට අතවර කළ ටියුෂන් ගුරුවරයෙක්ව පොලීසියට කොටුවී තිබෙනවා.

සැකකරු පානදුර ප්‍රදේශයේ පංති පවත්වන ටියුෂන් ගුරුවරයෙක්.

අතවරයට ලක් වූ සිසුවිය පන්තිය අවසන් වූ විගසම තමන්ට සිදුවූ අතවරය සම්බන්ධයෙන් සිය පියාව දැනුවත් කරලා.

තමන්ව පොත් රාක්කයක් අසලට යවා ගුරුවරයා විසින් අතවර කළ බවයි ඇය සිය පියාට පවසා ඇත්තේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පියා, සිය දියණියට වූ අතවරය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කරලා.

පොලීසිය ගුරුවරයා අත්අඩංගුවට අරගෙන සිදුකළ විමර්ශනවලදී හෙළිවෙලා තියෙන්නේ සිසුවිය විසින් එහිදී මෙම සැකකාර ගුරුවරයාව දැඩි ලෙස සීරීමට ලක්කර ඇති බවයි.

සැකකාර ටියුෂන් පන්ති ගුරුවරයා මේ වනවිට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කරලා.

ඔහුව හෙට (1) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පානදුර දකුණ පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!