Gossip

“බැරිම තැන මම එයාට පිහියෙන් ඇන්නා” – තරුණියක් රංජන්ට පිහියෙන් අනී

සමහරු ලස්සන ලෝකයක් හොයාගෙන ගිහින් ජීවිතේ වැරදි පාරවල්වල යනවා.
තවත් සමහරු ජීවිත විනාශ කරගන්නවා.
ඒත් මේ හැමදේකින්ම අසරණ වෙන මිනිස්සුන්ට අන්තිමට ඉතිරි වෙන්නේ දුක විතරයි.
ඒ විදිහට ජීවිතේ විනාශවුණු තරුණියකගේ ජීවිත කතාවකි මේ.

“මම ගෙදරින් පැනලා ආවේ ලස්සන ජීවිතයක් ගත කරන්න නෙමෙයි. තාත්තටයි කුඩම්මටයි රිද්දන්න තිබුණු ඕනකමට.
ඒත් අන්තිමට වුණේ මටම රිදවා ගන්න. දැන් මං ජීවිතය විඳින්නේ නැහැ විඳවනවා.”
ඉන්ද්‍රාණි පවසන්නේ තමන්නට සිදු වූ දේය. ඇගේ කතාව තවත් තරුණියකට හිතුවක්කාරකම් නොකර සිටීමට ආදර්ශයක් වනු ඇත.
ඉන්ද්‍රානී හිරගෙදර ආවේ ඇයට අවුරුදු විස්සක් කාලයේදී. ඒ තමයි ඇය සිර ගෙදරට ආව පළමු වතාව.
“ඒ කාලේ මං තරුණයි. ලස්සනයි. ඇත්තම කිව්වොත් එක පාරක් මාව දැක්ක කෙනෙක් අනිවාර්යයෙන්ම ආපහු මා දෙස හැරිලා බලනවා.
හිතුවක්කාර චරිතයක් වෙච්ච මම ගෙදරින් ආවේ අලුත් ලෝකයක් හොයාගෙන යන්න හිතාගෙන. ඒත් කොළඹට පය ගහලා දවස් දෙකයි මාව පොලිසියට අහුවෙනකොට…”

මොනවා කරන්න ගිහිල්ලද පොලිසියට අහුවුණේ?
“මම ගෙදරින් එළියට බැස්සේ කුඩම්මා එක්ක තරහා වෙලා.
අම්මා අපිව දාලා ගියේ මට අවුරුදු දහයක් විතර කළේ. අම්මා යනකොට මාවත් අරගෙන යන්න හැදුවේ.
ඒත් තාත්තා කැමැති වුණේ නැහැ මම අම්මා එක්ක යනවට. දවසක් උදේ ඇහැරිලා බලනකොට අම්මා ගෙදර නැහැ.
මම ගේ හැමතැනම අම්මව හොයලා ඇඬුවා. තාත්තා වත්තේ මුර රස්සාවට ගිහිල්ලා ආවෙ එතකොට.”
“කෝ පුතේ අම්මා.”
“තාත්තා එහෙම ඇහුවම මම තවත් හයියෙන් ඇඬුවා. ඊට පස්සේ අම්මා කවදාවත් අපේ ගෙදර ආවේ නැහැ.
තාත්තා අම්මව හෙව්වද කියලාවත් මම දන්නේ නැහැ. ඊටත් මාස කිහිපයකට පස්සේ ජයවතී නැන්දා අපේ ගෙදර ආවා.
මුලින් මම නැන්දා කිව්වට පස්සේ මං ජයවතී නැන්දට කුඩම්මා කියන්න පුරුදු වුණා. කුඩම්මා නරක නැහැ.
ඒත් එයාට හරියට කේන්ති යනවා. තාත්තා බීලා ආවමත් කුඩම්මට කෑගහනවා. පුංචි කාලේ හැමදේම ඉවසාගෙන හිටියත් කුඩම්මා කියන හැමදේම මට ලොකු වෙන කොට අහගෙන ඉන්න බැරි වුණා.
මං ගෙදරින් පැනලා ආවේ ඒ නිසා. එතකොට මං විභාගයටත් ලියලා හිිටියේ.
නමුත් යන්නේ කොහොද කරන්නේ මොනවද කියලා කිිසිම අරමුණක් තිබුණේ නැහැ. හැන්දෑ වෙනතුරු මං බස්නැවතුම් පොළට වෙලා හිටියා. එදාම රෑ තමයි මාව පොලිසියට අරගෙන ගියේ. “
“උසාවියේදී මගෙන් ඇහුවා ගෙවල් දොරවල් කොහෙද කියලා. මං ඇත්ත කියන්න ගියේ නැහැ. එහෙම කියන්න නොගයේ මාව පොලිසියට බාර දෙයි කියලා හිතුව නිසයි. මට බය හිතුණා. මං උසාවියේදී කිව්වේ මට කාත් කවුරුවත් නැහැ කියලා. ඊට පස්සේ තමයි උසාවියෙන් මාව නිවාසයට එව්වේ.”
“නිවාසයට ආවම මට ඒ ජීවිතේ හරි ගියේ නැහැ. දවසක් බෙහෙත් ගන්න අපිව රෝහලට ගෙනිච්චාම මම එතැනින් හොරෙන් පැන්නා.
යන්න එන්න තැනක් තිබුණේ නැහැ. පාර දිගේ රස්සාවක් හොයාගෙන ඇවිදගෙන ගියා.
ඒ යද්දී තමයි මට දොස්තර මහත්තයෙකුගේ ගෙදර රස්සාව ලැබුණේ. එතැන වැඩිකල් හිිටියේ නැහැ. දොස්තර මහත්යාගේ යාළුවෙක් මට කිව්වා හොඳ පඩියකට මාව රස්සාවකට දාන්නම් කියලා.
මම ඒ මහත්තයා එක්ක ගියා. රස්සාව නරකම නැහැ. එතැන හිටියෙත් මං වගේම කෙල්ලෝ ගොඩක්.
මුල් කාලේ මටත් අවබෝධයක් තිබුණේ නැහැ හරියටම කරන්නේ මොකක්ද කියලා.
නමුත් ටික දවසක් යනකොට තමයි තේරුණේ ඒක ගෑනු ළමයෙක්ට කරන්න හොඳ රස්සාවක් නෙමෙයි කියලා.

මොකක්ද රස්සාව?
“ඒක මසාජ් ක්ලිනික් එකක්. එක එක ජාතියේ පිරිමි අය එනවා යනවා. සමහර වෙලාවට අනවශ්‍ය දේවල් වෙනවා.
මට මුලදි හැම දෙයක්ම පැටලිලා තිබුණේ. නමුත් මාසයක් දෙකක් යනකොට හැමදේම වෙනස් වෙලා ගියා.
ඉන් පස්සේ තමයි අපි හැමෝම තේරුම් ගත්තේ එතැන මසාජ් ක්ලිනික් එක විතරක් නෙමෙයි ගණිකා මඩමකුත් කියලා.
කොහොම හරි ගමෙන් ආව මම අන්තිමට ගණිකාවක් වුණා.”

පැනලා යන්න හිතුණේ නැද්ද?
“අපොයි කිහිපවතාවක්ම මට එතැනින් පැනලා යන්න හිතුණා. ඒත් මම හැම වෙලාවෙම හිතුවේ මට ආපහු ගමට යන්න බැහැ කියලා.
ඒ නිසා හැමදේම ඉවසගෙන ඉන්න ඕන කියලා අන්තිමට මට හිතුණා ගමට යනවට වඩා මේ ජීවිතය හොඳයි කියලා.”

විවාහයක් කරගන්න හිතුණේ නැද්ද?
“එහෙම හිතුණ වාර අනන්තයි. මං අවුරුදු තිහේදි කසාදයක් බැන්දා.
එයාව මට හමුවුණේ අපේ ක්ලිනික් එකට ආවහම. ඒ වෙනකොට මං සල්ලි ටිකක් ඉතුරු කරගෙන හිිටියේ.
එයා මට කිව්වා අතීතයෙන් එයාට වැඩක් නැහැ කියලා. ඒ නිසාමයි මම එයාට කැමති වුණේ. රංජන් මට වඩා අවුරුදු දහ අටක් වැඩිමල්.
ඒත් එයාගේ පෙනුම තරුණයි. රංජන් කලින් කසාද බැඳපු කෙනෙක්. රස්සාව කරන තැනින් කැමති වුණේ නැහැ.
මං එතැනින් අයින් වෙනවට. කවුරු මොනවා කිව්වත් මං රංජන්ව බඳින්න තීරණය කළා.
ඒ නිසා මම එයත් එක්ක ගියා. රංජන්ට සල්ලි තිබුණා. එයා මට හැම දෙයක්ම දුන්නා. මං එයත් එක්ක ගිහිල්ලා ටික දවසකට පස්සේ තමයි දැන ගත්තේ එයා හරියටම කවුද කියලා.”

ඇයි එහෙම කියන්නේ?
“රංජන් මට පෙන්නපු හොඳ මුහුණ එයාගේ හදවත තුළ තිබුණේ නැහැ. කසාද බැඳලා මාව ගෙදර එක්කගෙන ගියාට එයා මට දස වද දුන්නා.
රංජන් කළේ කොන්ත්‍රාත් වැඩ. එයා සමහරු ලවා වැඩ කරවාගන්න කන්න බොන්න සල්ලි දුන්නා වගේම එයාගේ දේ කරගන්න අන්තිමට ඒ මිනිස්සුන්ට මාවත් දුන්නා.
මම ඒකට රණ්ඩු වුණාම එයා මට හොඳටම බනිනවා. එක්කෝ ගහනවා. මම එයාගේ අදහසට කැමති වෙනතුරු මාව කාරමයක දාලා වහනවා.
දවස් දෙක තුන කන්න නොදි තියලා තියෙනවා. අන්තිමට මං එයාගේ ඕනකමට ඉඩ දුන්නම මාව එළියට අරගෙන ගිහිල්ලා හොඳ හෝටලයකින් කන්න අරන් දෙනවා.
ෂොපිං එක්කගෙන යනවා. මට පුදුම විදිහට ආදරය දක්වනවා.
ඇත්තම කිව්වොත් මමත් ඒවට රැවටෙනවා. දවසක් දෙකක් යනතුරු ඒ ආදරේ ඒ විදිහටම තියෙනවා.
අවුරුදු දෙකක්ම ගෙවුණේ ඒ විදිහට. නමුත් මට ඉවසාගන්න බැරිව ගියා. ඒ මනුස්සයාගේ පිළිවෙල. මම දෙතුන් පාරක් ගෙදරින් පැනලා යන්න ගියා.
ඒ දෙපාරම මාව රංජන්ට අහුවුණා. රංජන්ට ඩ්‍රැයිවර් කෙනෙක් හිටියා ජගත් කියලා. ජගත් කොළඹ ආව කෙනෙක්. ගති ගුණ හොඳයි. මට වඩා අවුරුදු හතරක් විතර බාලයි. අපි දෙන්නටම නොදැනුවත්ව අපි අතර සම්බන්ධයක් ඇතිවුණා.
මම ජගත්ට ආදරේ කළා. ජගත් කසාද බැඳලා දික්කසාද වෙච්ච කෙනෙක්. මං ජගත් එක්ක යාළු වුණාට එයත් එක්ක යනවද කියලා හරි තේරුමක් තිබුණේ නැහැ. කොහොම වුණත් ජගත් මගේ ජීවිතේට ළං වුණා. “

මං හිතුවේ රංජන් එක්ක ගෙවන කරුම ජිවිතයට සමුදීලා ජගත් එක්ක යන්න.
රංජන් කොහොම නමුත් අපේ සම්බන්ධය දැනගෙන තිබුණා. එයා මට හොඳටම පහර දුන්නා.
තොල් පුපුරලා ලේ ගලන්න ගත්තා. රංජන් මාව කළුවර කාමරේට දාලා දොර වැහුවා.
දවස් කීපයක් ගෙවුණද දන්නේ නැහැ. සිහිය එනකොට මම හිටියේ මගේ කාමරේ ඇඳ උඩ. රංජන් මගේ ළඟ හිටියා.
සුමානයක් විතර යනතුරු මං ඇඳේමයි හිටියේ. රංජන් මං ගැන ආදරෙන් හොයලා බැලවා. ඒත් මගෙ හිතේ එයා ගැන කිසිම හැඟීමක් තිබුණේ නැහැ.
රංජන්ට ආදරෙයි වගේ මං හැසිරුණේ. දවසක් රෑ මම රංජන් නිදාගෙන ඉන්දැද්දී එයාට පිහියෙන් ඇන්නා.
රංජන් කෑගහැව්වා. ඒත් මං කිහිප පාරක්ම එයාට පිහියෙන් ඇන්නා. මම පොලිසියට දුරකථන ඇමතුමක් දුන්නා පොලිසියෙන් ඇවිල්ලා මාව අල්ලගෙන ගියා.”

එතකොට ජගත් ?
“එයාට මොනවා වුණාද කියන්න ම දන්නේ නැහැ. මං හිතන්නේ එයාට රංජන් මොනවා හරි කරන්න ඇති. මං ඔය කා ගැනවත් ආයේ කරදර වෙන්න ගියේ නැහැ. මං අසරණයි.

දැන් හිතට මොනවගේ හැඟිමක් ද දැනෙන්නේ?
“කියන්න තේරෙන්නේ නැහැ. සැහැල්ලුවක් තියෙනවා. වෙලාවකට ආත්මානුකම්පාවක් තියෙනවා. ජීවිතේ මං විහින් වරද්ද ගත්තේ. මං ආදරයට රැවටුණා. කසාද ජීවිතයට රැවටුණා. රස්සාවට රැවටුණා. මං මගේ මුළු ජීවිතයටම රවට්ට ගත්තා. ඒකෙන් වුණේ මට හිරගෙදර තනි වෙන්න.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!