Gossip News

ගණිකා වෘත්තියේ යෙදෙන්න මෙහෙට ආව පිලිපීන් සංක‍්‍රාන්තික ලිංගිකයන් බුද්ධි අංශයට මාට්ටු

ගණිකා වෘත්තියේ යෙදෙන්න ලංකාවට ආපු පිලිපීන ජාතික සංක‍්‍රාන්තික ලිංගිකයන් (Transgenders) හත් දෙනෙක් හා රුසියානු කාන්තාවක් කොල්ලූපිටිය ප‍්‍රදේශයේදී අල්ලගන තිබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන හා බුද්ධි අංශයේ මෙහෙයවීම මත කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුනේ.

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 25 – 35 ත් අතර වයස් කාණ්ඩයට අයත් වන අතර ඔවුන් අන්තර්ජාල වෙබ් අඩවි හරහා මෙම කටයුත්තේ යෙදී සිට තිබෙනවා. අදාල ‍වෙබ් අවඩි වල විදේශීය දුරකථන අංක යොදා ගනිමින් මෙය සිදුකරගොස් ඇති අතර ඒ අනුව විදෙස් දුරකථන අංකම යොදා ගනිමින් එම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස මේ වන විට රඳවාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන රැඳවුම් කඳවුරට යොමුකිරීමට නියමිතව තිබෙන බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!